කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම පරදා, සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට කඩුලු 7ක ජයක්.
(වීඩියෝ එක පහළින් නැරඹිය හැක) ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ 25 වන තරඟය ලෙස පැවතී සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම හා කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අතර තරඟයෙන් කඩුලු 7ක විශිෂ්ඨ ජයක් ලබාගැනීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත්වුණා.
තරඟයේ කාසියේ වාසිය දිනාගත් සන්රයිසස් හයිද්‍රාබාද් නායක කේන් විලියම්සන් පලමුව පන්දු යැවීමට තීරණය කළ අතර, ඒ අනුව පලමු පන්දුවට පහර දුන් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 කඩුලු 8ක් දැවී ලකුණු 175ක් ලබාගැනීමට සමත්විය.
කොල්කටා ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ Nitish Rana අර්ධ ශතකයක් ලබාගත් අතර ඔහු පන්දු 36කදී හතරේ පහර 6ක් හා හයේ පහර 2ක් සමඟින් ලකුණු 54 ක් ලබාගැනීමට සමත්විය.
ඊට අමතරව Andre Russell වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 25කදී හතරේ පහර 4ක් හා හයේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 49ක් ලබාගත් අතර, නායක Shreyas Iyer පන්දු 25කදී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 28ක් ද ලබාගැනීමට සමත්වුණා.
පන්දු යැවීමේදී T Natarajan පන්දුවාර 4 අවසානයේදී ලකුණු 37කට කඩුලු 3ක් බිඳ දැමූ අතර Umran Malik ලකුණු 27කට කඩුලු 2ක් හා Jagadeesha Suchith, Marco Jansen හා Bhuvneshwar Kumar අතරේද එක් කඩුල්ල බැඟින් බෙදීගියා.
අනතුරුව ලකුණු 176ක ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසී සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම පන්දුවාර 17.5කදී කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 176ක් ලබාගනිමින් තරඟය පහසුවෙන්ම ජයග්‍රහණය කිරීමට සමත්විය.
එහිදී, වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ රාහුල් ත්‍රිපාති පන්දු 37කට මුහුණදෙමින් හතරේ පහර 4ක් හා හයේ පහර 6ක් සමඟින් ලකුණු 71ක් ලබාගැනීමට සමත්විය.
ඊට අමතරව Aiden Markram පන්දු 36කදී හතරේ පහර 6ක් හා හයේ පහර 4 සමඟින් නොදැවී ලකුණු 68ක් ලබාගැනීමට සමත්වූ අතර, නායක කේන් විලියම්සන් ලකුණු 17ක් ද, තරඟය අවසන් වන විට Nicholas Pooran ලකුණු 5ක් ලබාගනිමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටියා.
සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ බිඳ වැටුනු කඩුලු තුන සඳහා හිමිකම් කීවේ Andre Russell හා Pat Cummins වේ.. Russell පන්දුවාර 2ක් අවසානයේදී ලකුණු 20කට කඩුලු 2ක් බිඳ දැමූ අතර Pat Cummins ලකුණු 40කට එක් කඩුල්ලක් බිඳ දැමීය.
ඒ අනුව කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම පරාජයට පත්කරමින් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම තරඟාවලියේ තුන්වන ජය වාර්තා කළ අතර, තරඟයේ වීරයා සම්මානය දිනාගනු ලැබූයේ වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් අර්ධ ශතකයක් ලබාගත් රාහුල් ත්‍රිපාති වේ.
නිටිශ් රානා එල්ල කළ හයේ පහර (Video)