කොවිඩ් වෛරසය හේතුවෙන් අතරමඟ නතර වුණු අයි.පී.එල් නැවතත් පැවැත්වීමට දින නියම වෙයි.
2021 ඉන්දියා ප්‍රිමියර් ලීග් (අයිපීඑල්) තරඟාවලියේ ඉතිරි තරඟ සැප්තැම්බර් 18 හෝ 19 යන දිනවල එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී නැවත ආරම්භ වන බව අද (මැයි 25) වාර්තා කළා.
14 වන අයි.පී.එල් තරඟාවලිය මැයි මස 04 වන දින නියමයකින් තොරව කල් දැමූ අතර ඊට හේතුව වූයේ ඉන්දියාව තුළ උත්සන්න වී ඇති කොවිඩ්-19 වෛරසය හේතුව නිසා හා තරඟාවලිය ක්‍රීඩා කළ ක්‍රීඩකයින් කිහිපදෙනෙකුට හා පුහුණුකරුවන් , කාර්යය මණ්ඩලයේ කිහිප දෙනෙකුට රෝගය වැළදීම හේතුවෙනි. ඒ වන විට තරඟාවලියේ තරඟ 29ක් පවත්වා ඇති අතර තවත් තරඟ 31ක් ඉතිරිව තිබුණි.
සැත්තැම්බර් 18 සෙනසුරාදා හා 19 ඉරිදා වන නිසා සති අන්තයේ දිනයක නැවත ආරම්භ කිරීමට හා ඔක්තෝබර් 9 හෝ 10 සති අන්තයේ දින බැවින් ඒ දිනවලදී අවසන් මහා තරඟය පැවැත්වීමට BCCI සියළුම පාර්ශවකරුවන් සමඟ කතා කර ඇති බවට වාර්ථා වේ.
ඉන්දියා කණ්ඩායම එංගලන්තයේ තරඟ සංචාරය සැත්තැම්බර් මස 14 වන අවසන් වීමට නියමිත අතර ඊලඟ දිනයේදී විශේෂ ගුවන් යානයකින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත් වීමට සැලසුම් කර ඇත.
බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයින් ද කැරිබියානු ප්‍රිමියර් ලීග් තරගාවලිය අවසන් කිරීමෙන් පසු දින තුනක නිරෝධායනයක් පසුව එක්සත් අරාබි එමීර් රාජ්‍ය බලා පිටත් වනු ඇත.
මේ හේතුවෙන් ලබන සැප්තැම්බර් මාසයේ දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වීමට නියමිතව තිබූ විස්සයි 20 තරඟාවලිය අවලංගු කිරීමට බී.සී.සී.අයි තීරණය කර ඇතැයි වාර්තා වේ.

ලබන වසරේ මුලදී ඉන්දියාව දකුණු අප්‍රිකාවේ සංචාරය කරන විට අමතර එම තරඟ ක්‍රීඩා කිරීමට අවස්ථාවක් තිබේ” යැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි.