ගාල්ල කණ්ඩායම පරදා දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් කොළඹට විශිෂ්ට ජයක්.

National Super League Provincial 4-Day තරඟාවලියේ 9 වන තරඟය ලෙස පැවතී කොළඹ කණ්ඩායම හා ගාල්ල කණ්ඩායම අතර තරඟයෙන් කඩුලු 8ක ජයක් වාර්ථා කිරීමට දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් කොළඹ කණ්ඩායම සමත්වුණා.

 

තරඟයේ කාසියේ වාසිය දිනාගත් ගත් ගාල්ල කණ්ඩායමේ නායක දිනේශ් චන්දිමාල් පලමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඔවුන් පලමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 267ක් ලබාගැනීමට සමත්විය.

ගාල්ල කණ්ඩායමේ පලමු ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරු සංගීත් කුරේ පන්දු 66කදී හතරේ පහර 8ක් සමඟින් ලකුණු 51ක් ලබාගැනීමට සමත්විය.

 

ඊට අමතරව ප්‍රියමාල් පෙරේරා පන්දු 63කදී හතරේ පහර 6ක් සමඟින් ලකුණු 51ක් ලබාගත් අතර, පබසර වඩුගේ පන්දු 79කදී හතරේ පහර 4ක් සමඟින් ලකුණු 42ක් ද ලබාගැනීමට සමත්විය. ගාල්ල කණ්ඩායමේ නායක නායක දිනේශ් චන්දිමාල් හට ලබාගැනීමට හැකිවූයේ ලකුණු 17ක් පමණයි.

 

පන්දු යැවීමේදී, කොළඹ කණ්ඩායම වෙනුවෙන් සුපිරි පන්දු යැවීමක නිරත වෙමින් ප්‍රබාද් ජයසූරිය ලකුණු 111කට කඩුලු 6ක් බිඳ දැමීමට සමත්විය. ඊට අමතරව අශේන් බන්ඩාර ද ලකුණු 4කට කඩුලු දෙකක් දවාගැනීමට සමත්විය.

 

අනතුරුව කොළඹ කණ්ඩායම තම පලමු ඉනිම ආරම්භ කළ අතර ඔවුන්ට සිය පලමු ඉනිම වෙනුවෙන් සියලුම දෙනාදැවී ලබාගැනීමට හැකි වූයේ ලකුණු 152ක් පමණයි.

කොළඹ පලමු ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ අශේන් බණ්ඩාර පන්දු 39කදී හතරේ පහර 5ක් සමඟින් ලකුණු 35ක් ලබාගැනීමට සමත්විය.

 

ඊට අමතරව සිතාර ගිම්හාන් පන්දු 32කදී හතරේ පහරක් හා හයේ පහරක් සමඟින් ලකුණු 20ක් ලබාගත් අතර නිපුන් දනංජය පන්දු 33කට ලකුණු 20ක් ලබාගැනීමට සමත්වුණා. කොළඹ කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්නට ලබාගැනීමට හැකිවූයේ ලකුණු 10 පමණයි. කුසල් මෙන්ඩිස් ලකුණු 8කට හා රොශේන් සිල්වා ලකුණු 7කටත් දැවීගියා.

 

පන්දු යැවීමේදී ගාල්ල කණ්ඩායමේ අකිල ධනංජය සුපිරි පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 47කට කඩුලු 5ක් බිඳ දැමීමට සමත්විය. ඊට අමතරව Chanaka Ruwansiri ලකුණු 45කට කඩුලු 3ක් හා චලන ද සිල්වා හා සුමින්ද ලක්ශාන් අතරේද එක් කඩුල්ල බැඟින් බෙදීගියා.

පලමු ඉනිමේ ලද ලකුණු 115ක වාසියත් සමඟින් ගාල්ල කණ්ඩායම සිය දෙවන ඉනිම ආරම්භක කළ අතර ඔවුන්ට දෙවන ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලබාගැනීමට හැකි වූයේ ලකුණු 103ක් පමණයි.

ගාල්ල දෙවන ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ දනංජය ලක්ශාන් පන්දු 29කදී හතරේ පහර 4ක් හා හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 47ක් ලබාගැනීමට සමත්විය.

 

ඊට අමතරව ආරම්භක පිතිකරු පබසර වඩුගේ පන්දු 23කදී ලකුණු 26ක් ලබාගත් නමුත් අන්කිසිඳු පිතිකරුවෙකුට ලකුණු 20 සීමාවටවත් ලඟාවීමට නොහැකි විය. දෙවන ඉනිම වෙනුවෙන්ද දිනේශ් චන්දිමාල් හට ලකුණු ලබාගැනීමට නොහැකි විය.

පන්දු යැවීමේදී නැවතත් විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් කොළඹ කණ්ඩායමේ ක්‍රීඩක ප්‍රබාද් ජයසූරිය ලකුණු 41කට කඩුලු 5ක් බිඳ දැමීමට සමත්විය. ඊට අමතරව Lakshitha Manasinghe ලකුණු 22කට කඩුලු 3ක් හා Nalin Priyadarshana ද ලකුණු 39කට කඩුලු 2ක් දවාගැනීමට සමත්වුණා.

 

අනතුරුව ලකුණු 219ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යෑම සඳහා පිටියට පිවිසී කොළඹ කණ්ඩායම පන්දුවාර 50.4ක් අවසානයේදී කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 221ක් ලබාගනිමින් පහසුවෙන්ම තරඟය ජයග්‍රහණය කිරීමට සමත්වුණා.

එහිදී, ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ නායක දිමුත් කරුණාරත්න පන්දු 143කදී හතරේ පහර 15ක් හා එක් හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 125 ලබාගැනීමට සමත්විය.

 

ඊට අමතරව නිපුන් දනංජය පන්දු 70කදී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 35ක් ලබාගත් අතර, රොශේන් සිල්වා පන්දු 78කදී හතරේ පහර 7ක් සමඟින් නොදැවී ලකුණු 55ක් ද ලබාගැනීමට සමත්විය. මෙම ඉනිමේද කුසල් මෙන්ඩිස්ට ලබාගැනීමට හැකි වූයේ ලකුණු 2ක් පමණයි.

රොශේන් සිල්වා අද ලබාගත් ලකුණු 55ක් සමඟින් පලමු පෙළ තරඟ වලදී ලකුණු 9000 සීමාව පසුකර යාමටද සමත්විය. ඔහු මේ වන විට පලමුපෙල තරඟ 139කදී ලකුණු 9044 ලබාගෙන ඇත්තේ ශතක 25ක් හා අර්ධ ශතක 25ක් ද සමඟිනි.

 

කොළඹ කණ්ඩායමේ දෙවන ඉනිමේ බිඳ වැටුනු කඩුලු දෙක, චලන ද සිල්වා හා සුමින්ද ලක්ශාන් අතරේ බෙදීගියා.

ඒ අනුව, තරඟාවලියේ 9 වන තරඟය ලෙස පැවතී මෙම තරඟයෙන් ගාල්ල කණ්ඩායම පරදා, කොළඹ කණ්ඩායම කඩුලු 8ක විශිෂ්ට ජයක් වාර්ථා කිරීමට සමත්වූ අතර, තමන් සහභාගී වූ තරඟ 4න් තුනක් ජයගෙන ප්‍රසාද ලකුණු පුවරුවේ අංක 1 ස්ථානයේ රැඳී සිටීමට ද සමත්වී ඇත.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *