ගුජරාට් කණ්ඩායම පරාජයට පත්කරමින් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම දෙවන ජය ලබාගනී
(වීඩියෝ පහළින් නැරඹිය හැකියි) 2022 IPL තරඟාවලියේ 51 වන තරඟය ලෙස අද (06) පැවතී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම හා ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අතර තරඟයෙන් ලකුණු 5ක තියුණු ජයක් වාර්ථා කිරීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත්වුණා.
තරඟයේ කාසියේ වාසිය දිනාගත් ගුජරාට් ටයිටන්ස් නායක හර්දික් පාන්ඩ්‍යා පලමුව පන්දු යැවීමට තීරණය කළ අතර, ඒ අනුව පලමුව පන්දුවට පහර දුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 177 ලබා ගැනීමට සමත්විය.
ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ආරම්භක පිතිකරු ඉශාන් ක්‍රිශාන් පන්දු 29 කදී හතරේ පහර 5ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 45 ක් ලබාගැනීමට සමත්වුණා.
ඊට අමතරව නායක කලකට පහු ලකුණු අතරට පැමිණී රෝහිට් ශර්මා පන්දු 28කදී හතරේ පහර 5ක් හා හයේ පහර 2ක් සමඟින් වේගවත් ලකුණු 43 ලබාගත් අතර ටිම් ඩේවිඩ් පන්දු 21කදී හයේ පහර 2ක් හා හයේ පහර 4ක් සමඟින් වේගවත් ලකුණු 44ක්ද ලබාගැනීමට සමත්වුණා.
පන්දු යැවීමේදී රශීඩ් ඛාන් ඔහුගේ පන්දුවාර 4 අවසානයේදී ලකුණු 24කට කඩුලු 2ක් දවාගැනීමට සමත්විය. (Rohit Sharma & Kieron Pollard) ඊට අමතරව Alzarii Joseph , Lockie Ferguson හා Pradeep Sangwan අතරේද එක් කඩුල්ල බැඟින් බෙදීගියා.
පසුව ලකුණු 178ක ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසී ප්‍රබල ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 5ක් දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 172ක් පමණයි.
ගුජරාට් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Whridiman Saha අර්ධ ශතකයක් ලබාගත් අතර ඔහු පන්දු 40කදී හතරේ පහර 6ක් හා හයේ පහර 2ක් සමඟින් ලකුණු 55ක් ලබාගැනීමට සමත්විය. මෙය ඔහුගේ 10 වන අයි.පී.එල් අර්ධ ශතකය වේ.
ඊට අමතරව Wriddhiman සමඟින් ඉනිම ආරම්භක කළ ශුබ්මන් ගිල් පන්දු 36කදී හතරේ පහර 6ක් හා හයේ පහර 2ක් සමඟින් වේගවත් ලකුණු 52ක් ලබාගත් අතර, නායක හර්දික් පාන්ඩ්‍යා පන්දු 14කදී හතරේ පහර 4ක් සමඟින් ලකුණු 24ක් (RUNOUT) හා ඩේවිඩ් මිලර් පන්දු 14කදී නොදැවී ලකුණු 19ක් ද ලබාගැනීමට සමත්විය.
ගුජරාට් ඉනිමේ බිඳ වැටුනු කඩුලු 5න් හර්දික් පාන්ඩ්‍යා හා රාහුල් තේවටියා දුවද්දී දැවී ගිය අතර අනෙක් කඩුලු තුන ලබාගැනීමට හැකිවූයේ Murugan Ashwin (4-0-29-2) හා Kieron Pollard (2-013-1) විසිනි.
ඒ අනුව ප්‍රබල ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 5ක තියුණු ජයක් වාර්තා කරමින් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මෙවර තරඟාවලියේ දෙවන ජයග්‍රහණයට හිමිකම් කියූ අතර තරඟයේ වීරයා සම්මානය දිනාගනු ලැබූයේ වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ ටිම් ඩේවිඩ් වේ.
සායි සුදර්ශන් දැවී ගිය ආකාරය (වීඩියෝව)
Daniel Sams ක්‍රියාත්මක කළ අවසන් පන්දුවාරය (වීඩියෝව)