ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම තමන් සහභාගී වූ පලමු තරඟයම ජයග්‍රහණය කරයි.
(වීඩියෝ පහළින්ම නැරඹිය හැක) 15 වන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ 4 වන තරඟය ලෙස පැවතී ගුජරාටි ටයිටන්ස් කණ්ඩායම හා ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම අතර තරඟයෙන් කඩුලු 5ක විශිෂ්ට ජයක් වාර්ථා කිරීමට ගුජරාටි ටයිටන්ස් කණ්ඩායම සමත්වුණා.
තරඟයේ කාසියේ වාසිය දිනාගත් ගුජරාටි ටයිටන්ස් නායක හර්දික් පාන්ඩ්‍යා පලමුව පන්දු යැවීමට තීරණය කළ අතර, ඒ අනුව පලමුව පන්දුවට පහර දුන් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 161ක් ලබාගැනීමට සමත්විය.
ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ deepak Hooda පන්දු 41කදී හතරේ පහර 6ක් හා හයේ පහර 2ක් සමඟින් ලකුණු 56ක් ලබාගැනීමට සමත්විය.
ඊට අමතරව 22 හැවිරිදි Ayush Badoni පන්දු 41කදී හතරේ පහර 4ක් හා හයේ පහර 3ක් සමඟින් ලකුණු 54ක් ලබාගත් හා ඉනිම අවසානයේදී වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ Krunal Pandya පන්දු 13කදී හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 21ක් ද ලබාගැනීමට සමත්විය.
පන්දු යැවීමේදී ටයිටන්ස් කණ්ඩායමේ ක්‍රීඩක මොහොමඩ් ශාමි පන්දුවාර 4 අවසානයේදී ලකුණු 25කට කඩුලු 3ක් දවාගත් අතර, Varun Aaron ලකුණු 45කට කඩුලු 2ක් හා Rashid Khan ද එක් කඩුල්ලක් බිඳ දැමීය.
අනතුරුව ලකුණු 159ක දැවැන්ත ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසී ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම පන්දුවාර 19.4ක් අවසානයේදී කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 161ක් ලබාගනිමින් තරඟය ජයග්‍රහණය කිරීමට සමත්වුණා.
එහිදී ගුජරාට් ඉනිම වෙනුවෙන් වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් වැඩිම ලකුණු ලාභියා වූ රාහුල් තේවාටියා පන්දු 24කදී හතරේ පහර 5ක් හා හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 40ක් ලබාගැනීමට සමත්විය.
ඊට අමතරව ඩේවිඩ් මිලර් පන්දු 21කදී හතරේ පහරක් හා හයේ පහර 2ක් සමඟින් ලකුණු 30ක් ලබාගත් අතර, නායක හර්දික් පාන්ඩ්‍යා පන්දු 28කදී හතරේ පහර 5ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 33ක් හා ආරම්භක පිතිකරු Matthew Wade පන්දු 29කදී හතරේ පහර 4ක් සමඟින් ලකුණු 30ක් ද ලබාගැනීමට සමත්වුණා.
පන්දු යැවීමේදී දුශ්මන්ත චමීර පන්දුවාර 3 ක්‍රියාත්මක කරමින් ලකුණු 22කට කඩුලු 2ක් බිඳ දැමූ අතර Avesh Khan , Krunal Pandya හා Deepak Hooda අතරේද එක් කඩුල්ල බැඟින් බෙදීගියා.
ඒ අනුව ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම කඩුලු 5කින් පරාජයට පත්කරමින් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම තරඟාවලියේ තමන් ක්‍රීඩා කළ පලමු තරඟයම ජයග්‍රහණය කිරීමට සමත්වූ අතර තරඟයේ වීරයා සම්මානය දිනාගනු ලැබූයේ ලකුණු 25කට කඩුලු 3ක් බිඳ දැමූ මොහොමඩ් ශාමි වේ.
දුශ්මන්ත චමීර ලබාගත් කඩුලු දෙක (වීඩියෝව)
— cric fun (@cric12222) March 28, 2022