ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම ප්ලේඕෆ් වටය සඳහා සුදුසුකම් ලබාගනී.
(වීඩියෝව පහළින්ම නැරඹිය හැක) 15 වන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ 57 වන තරඟය ලෙස පැවතී ගුජරාටි ටයිටන්ස් කණ්ඩායම හා ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම අතර තරඟයෙන්බ් ලකුණු 62ක විශිෂ්ට ජයක් වාර්ථා කිරීමට ගුජරාටි ටයිටන්ස් කණ්ඩායම සමත්වුණා.
තරඟයේ කාසියේ වාසිය දිනාගත් ගුජරාටි ටයිටන්ස් නායක හර්දික් පාන්ඩ්‍යා පලමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර, ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 4ක් දැවී ලකුණු 144ක් ලබාගැනීමට සමත්විය.
ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ආරම්භක පිතිකරු ශුබ්මන් ගිල් නොදැවී ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 49කදී හතරේ පහර 7ක් සමඟින් ලකුණු 63ක් ලබාගැනීමට සමත්විය.
ඊට අමතරව ඩේවිඩ් මිලර් පන්දු 24කදී හතරේ පහරක් හා හයේ පහරක් සමඟින් ලකුණු 26ක් ලබාගත් අතර රාහුල් තේවටියා පන්දු 16කදි හතරේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 22ක් ද ලබාගැනීමට සමත්විය. ගුජරාට් නායක හර්දික් පාන්ඩ්‍යා ලකුණු 11කට දැවීගියේය.
පන්දු යැවීමේදී ලක්නව් කණ්ඩායමේ ක්‍රීඩක අවේශ් ඛාන් පන්දුවාර 4 අවසානයේදී ලකුණු 26කට කඩුලු 2ක් දවාගත් අතර, මොහ්සින් ඛාම් ලකුණු 18කට එක් කඩුල්ලක් හා ජේසන් හෝල්ඩර් ලකුණු 41කට එක් කඩුල්ලක් බිඳ දැමීය.
අනතුරුව ලකුණු 145ක පහුසු ඉලක්කයක් හඹායෑම සඳහා ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම පිටියට පිවිසියත්, ඔවුන්ට පන්දුවාර 13.5ක් අවසානයේදී සියලුම දෙනා දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 82ක් පමණයි.
එහිදී ලක්නව් ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ දීපක් හූඩා පන්දු 26කදී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 27ක් ලබාගැනීමට සමත්වුණා.
ඊට අමතරව ආරම්භක පිතිකරු ක්වින්ටන් ඩි කොක් පන්දු 10කට මුහුණදෙමින් ලකුණු 11ක් හා අවේශ් ඛාන් පන්දු 4කදී හයේ පහර 2ක් සමඟින් ලකුණු 12ක් ලබාගත් අතර, අන් සියලුම ක්‍රීඩකයින්ට ලකුණු 10 සීමාවටවත් ලඟා වීමට ගුජරාට් ටයිටන්ස් පන්දු යවන්නන් ලබාදුන්නෙ නැහැ. ලකුණු නායක ලෝකේෂ් රාහුල් හට ලබාගැනීමට හැකි වූයේ ලකුණු 8ක් පමණයි.
පන්දු යැවීමේදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් රශීඩ් ඛාන් පන්දුවාර 3.5 අවසානයේදී ලකුණු 24කට කඩුලු 4ක් බිඳ දැමීමට සමත්වුණා. ඊට අමතරව Sai Kishore ලකුණු 7කට කඩුලු 2ක් බිඳ දැමූ අතර Yash Dayal ලකුණු 24කට කඩුලු 2ක් හා Mohomad Shami ලකුණු 5කට එක් කඩුල්ලක් ද බිඳ දැමීය.
ඒ අනුව ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම ලකුණු 62කින් පරාජයට පත්කරමින් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම තරඟාවලියේ ප්ලේඕෆ් වටය සඳහා සුදුසුකම් ලබාගත් අතර තරඟයේ වීරයා සම්මානය දිනාගනු ලැබූයේ නොදැවී ලකුණු 63ක් ලබාගත් ශුබ්මන් ගිල් වේ.
රශීඩ් ඛාන්ගේ විශිෂ්ට පන්දු යැවීම (වීඩියෝව)