ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම මෙවර තරඟාවලියේ දෙවන ජය වාර්ථා කරයි.
ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ පස්වන තරඟය ලෙස පැවතී කැන්ඩි වොරියර්ස් කණ්ඩායම හා ගෝල් ග්ලැඩියේටස් කණ්ඩායම අතර තරඟයෙන් කඩුලු 4ක විශිෂ්ට ජයක් වාර්ථා කිරීමට ගෝල් ග්ලැඩියේටස් කණ්ඩායම සමත් වුණා. (වීඩියෝ එක පහළින් නරඹන්න)
තරඟයේ කාසියේ වාසිය දිනාගත් කැන්ඩි වොරියර්ස් නායක ඇන්ජලෝ පෙරේරා පලමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර, ඒ අනුව කැන්ඩි වොරියර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 143ක් ලබාගැනීමට සමත් විය.
කැන්ඩි වොරියර්ස් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ අහමඩ් ශේශාඩ් පන්දු 51කදී හතරේ පහර 7ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 56ක් ලබාගැනීමට සමත්විය.
ඊට අමතරව ඉනිමේ කමිඳු මෙන්ඩිස් පන්දු 25කදී හහරේ පහර 4ක් සමඟින් ලකුණු 32ක් ලබාගැනීමට සමත් වූ අතර, ඉනිමේ අවසන් භාගයේදී තිලකරත්න පන්දු 9කදී හතරේ පහරවල් 2ක් හා හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 19ක් ලබාගැනීමට සමත් විය.
පන්දු යැවීමේදී සමිත් පටෙල් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ අතර ඔහුගේ පන්දුවාර 4 තුළදී ලකුණු 13කට කඩුලු 3ක් දවාගැනීමට සමත් වූ අතර මෙවර තරඟාවලියේ පලමු තරඟය ක්‍රීඩා කළ දනන්ජය ලක්ශාන් ද පන්දුවාර 2ක් අවසානයේදී ලකුණු 11කට කඩුලු 2ක් දවාගැනීමට සමත් විය.
අනතුරුව ලකුණු 144ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසී ගෝල් ග්ලැඩියේටස් කණ්ඩායම පන්දුවාර 19.2ක් අවසානයේදී කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 147ක් ලබාගනිමින් තරඟය කඩුලු 4කින් ජයග්‍රහණය කිරීමට සමත්විය.
ගෝල් ග්ලැඩියේටස් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ආරම්භ පිතිකරු දනුශ්ක ගුණතිලක පන්දු 33කදී හතරේ පහර 4ක් හා හයේ පහරවල් 2ක් සමඟින් ලකුණු 45ක් ලබාගැනීමට සමත් විය.
ඊට අමතරව නායක භානුක රාජපක්ෂ පන්දු 13කදී හතරේ පහර 2ක් හා හයේ පහරක් සමඟින් ලකුණු 22 ලබාගැනීමට සමත්වූ අතර කුසල් මෙන්ඩිස් පන්දු 21කදී හයේ පහරවල් 2 සමඟින් ලකුණු 16ක් ලබාගැනීමට සමත් විය. අවසානයේදී ලහිරු මධුසංක පන්දු 13කදී හතරේ පහරක් හා හයේ පහරවල් දෙකක් සමඟින් නොදැවී ලකුණු 22ක් ලබාගැනීමට සමත් විය.
පන්දු සචිඳු කොළම්බගේ පමණක් සාර්ථක පන්දු යැවීමක නිරත වෙමින් ඔහුගේ පන්දුවාර 4 අවසානයේදී ලකුණු 20කට කඩුලු 3ක් දවාගැනීමට සමත් විය. ඊට අමතරව චරිත් අසලංක ලකුණු 2කට එක් කඩුල්ලක් ද, කමිඳු මෙන්ඩිස් හා රොව්මන් පවල් ද එක් කඩුල්ල බැඟින් දවාගැනීමට සමත් විය.
ඒ අනුව මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ගෝල් ග්ලැඩියේටස් කණ්ඩායම දෙවන ජය වාර්ථා කිරීමට සමත් වූ අතර තරඟයේ වීරයා සම්මානය දිනාගැනීමට සමත් වූයේ ලකුණු 11කට කඩුලු 2ක් හා පිත්තෙන් පන්දු 4කදී ලකුණු 10ක් ලබාගත් දනන්ජය ලක්ශාන් වේ.
දනුශ්ක ගුණතිලක එල්ල කළ සුපිරි හයේ පහර වීඩියෝව,
Danushka Gunathilaka ??#LPL2021 #GalleGladiators #GGvsKV pic.twitter.com/hqGLmk0il8
— Stay Cricket (@staycricket) December 7, 2021