චමරි අතපත්තුගේ තුන්ඉරියව් දක්ශතා හේතුවෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ලකුණු 93ක ජයක්.

(වීඩියෝ පහළින් නැරඹිය හැකියි) ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හා පකිස්තාන කාන්තා කණ්ඩායම අතර තරඟ තුනකින් යුත් එක්දින තරඟාවලියේ තුන්වන හා අවසන් එක්දින තරඟයෙන් ලකුණු 93ක විශිෂ්ට ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත්වුණා.

 

 (Photo by ASIF HASSAN/AFP via Getty Images)

 

තරඟයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු පලමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර, ඒ අනුව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 7ක් දැවී ලකුණු 270ක් ලබාගැනීමට සමත්විය.

එහිදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් ශතකයක් ලබාගත් නායක චමරි අතපත්තු පන්දු 85කදී හතරේ පහර 13ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 101ක් ලබාගැනීමට සමත්වුණා. චමරි අතපත්තු අද ලබාගත් ශතකය ඇයගේ ජාත්‍යන්තර එක්දින පිටියේ 6 වන ශතකයයි.

 

 

ඊට අමතරව Harshitha Madavi එක්දින පිටියේ පලමු අර්ධ ශතකය රැස්කර ගත් අතර ඇය පන්දු 128කදී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 75ක් ලබාගැනීමට සමත්වුණා. Kavisha Dilhari පන්දු 44කදී හතරේ පහර 2ක් සමඟින් ලකුණු 28ක් හා Nilakshi De Silva පන්දු 18කදී හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 24ක් ද ලබාගැනීමට සමත්විය.

 

 

පන්දු යැවීමේදී Anam Amin පන්දුවාර 10 අවසානයේදී ලකුණු 43කට කඩුලු 2ක් බිඳ දැමූ අතර, Fatima Sana ලකුණු 51කට කඩුලු 2ක් හා Omaima Sohail , Nida Dar එක් කඩුල්ල බැඟින් ලාබාගැනීමට සමත්වුණා.

අනතුරුව පිලිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසී පකිස්තාන කාන්තා කණ්ඩායමට පන්දුවාර 41.4ක් අවසානයේදී සියලුම දෙනා දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 167ක් පමණයි.

පකිස්තාන ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ Aliya Riaz පන්දු 82කදී හතරේ පහර 4ක් සමඟින් ලකුණු 56ක් ලබාගැනීමට සමත්විය.

 

 

ඊට අමතරව Omaima Sohail පන්දු 61කදී හතරේ පහර 4ක් සමඟින් ලකුණු 40ක් ලබාගත් අතර, ආරම්භක පිතිකාරිනී Sidra Ameen පන්දු 24කදී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 19ක් ලබාගත් නමුත් අන් පිතිකරුවන් හට සාර්ථක වීමට නොහැකිවිය.

 

(Photo by Kai Schwoerer-ICC/ICC via Getty Images)

 

පන්දු යැවීමේදී සුපිරි පන්දු යැවීමක නිරත වු චමරි අතපත්තු පන්දුවාර 6ක් අවසානයේදී ලකුණු 20කට කඩුලු 2ක් බිඳ දැමීමට සමත්වුණා. ඊට අමතරව Oshadi Ranasinghe පන්දුවාර 7ක් අවසානයේදී ලකුණු 29කට කඩුලු 2ක් හා Inoka Ranaweera, Kavisha Dilhari, Sugandika Kumari අතරේ එක් කඩුල්ල බැඟින් ද බෙදීගියා.

 

 

ඒ අනුව තුන්වන එක්දින තරඟයෙන් පකිස්තානය පරදා ලකුණු 93ක විශිෂ්ට ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත්වූ අතර තරඟයේ වීරයා සම්මානය දිනාගැනීමට සමත්වූයේ පිත්තෙන් ලකුණු 101ක් , පන්දු යැවීමෙන් කඩුලු 2ක් හා උඩපන්දු 2ක් රැකගත් චමරි අතපත්තු වේ.

 

චමරි අතපත්තුගේ විශිෂ්ට ශතකය වීඩියෝව ,

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *