චමරි අතපත්තු විශිෂ්ට ශතකය හේතුවෙන් Falcons Women කණ්ඩායමට කඩුලු 8ක ජයක්.
(වීඩියෝව පහළින් නැරඹිය හැකිය) හොංකොං ක්‍රිකට් ආයතනය මඟින් පළමු වරට සංවිධානය කරනු ලබන “Fairbreak Invitational 2022” T20 කාන්තා ක්‍රිකට් ප්‍රීමියර් ලීග් තරගාවලියේ පලමු තරඟය ලෙස චමරි අතපත්තු ක්‍රීඩා කරන Falcons Women හා Warriors Women අතර තරඟයෙන් කඩුලු 8ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට Falcons Women කණ්ඩායම සමත්වුණා.
තරඟයේ කාසියේ වාසිය දිනාගත් Falcons Women පලමුව පන්දු යැවීමට තීරණය කළ අතර, ඒ අනුව පලමුව පන්දුවට පහර දුන් Warriors Women කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 177ක් ලබාගැනීමට සමත්වුණා.
Warriors Women ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ ආරම්භක පිතිකාරිනී Georgia Redmayne පන්දු 61කදී හතරේ පහර 11ක් සමඟින් නොදැවී ලකුණු 80ක් ලබාගැනීමට සමත්විය.
ඊට අමතරව Hayley Matthewa අද අර්ධ ශතකයක් ලබාගත් අතර ඇය පන්දු 35කදී හතරේ පහර 7ක් හා හයේ පහර 2ක් සමඟින් ලකුණු 58ක් හා, Sindhu Sriharsha පන්දු 22කදී ලකුණු 16ක් , Mignon Du Preez පන්දු 6කදී ලකුණු 12ක් ද ලබාගැනීමට සමත්වුණා.
Warriors Women කණ්ඩායමේ බිඳ වැටුනු කඩුලු දෙක, දවාගැනීමට සමත්වූයේ Sornnarin Tippoch (4-0-25-1) හා Marico Hill (2-0-23-1) විසිනි.
ඉන්අනතුරුව ලකුණු 178ක ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසී Falcons Women කණ්ඩායම පන්දුවාර 18.4ක් අවසානයේදී කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 178ක් ලබාගනිමින් තරඟය පහසුවෙන්ම ජයග්‍රහණය කිරීමට සමත්විය.
Falcons ඉනිම වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් කළ චමරි අතපත්තු ශතකයක් ලබාගත් අතර ඇය පන්දු 55කදී හතරේ පහර 13ක් හා හයේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 107ක් ලබාගැනීමට සමත්වුණා.
ඊට අමතරව චමරි සමඟින් ඉනිම ආරම්භක කෙරූ Suzie Bates පන්දු 43කදී හතරේ පහර 8ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 60ක් ලබාගැනීමට සමත්විය. Theerthi Satish ලකුණු 9කට දැවීගිය අතර තරඟය අවසානයේදී චමරි අතපත්තු සමඟින් නොදැවී කඩුල්ලේ රැඳී සිටි Mariko Hill ලකුණු 2ක් ලබාගෙන සිටියාය.
Falcons Women කණ්ඩායමේ බිඳවැටුනු කඩුලු දෙක ලබාගැනීමට සමත්වූයේ Hayley Matthews (4-0-23-1) හා Esha Oza (4-0-28-1) විසිනි.
ඒ අනුව තරඟාවලිය ආරම්භක වෙමින් පැවතී පලමු තරඟයෙන්ම Falcons Women කණ්ඩායම විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සමත්වූ අතර තරඟයේ වීරයා සම්මානය දිනාගැනීමට සමත්වූයේ Falcons Women කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට ශතකයක් ලබාගත් ශ්‍රී ලංකා ක්‍රීඩිකා චමරි අතපත්තු වේ.
චමරි අතපත්තුගේ ඉනිම (වීඩියෝව) 107* (55)