චරිත් අසලංක ඇතුළු ක්‍රීඩකයින් කිහිපදෙනෙක්ව කපා හරිමින් හර්බජාන් සිං ඔහුගේ හොඳම කණ්ඩායම නම් කරයි.

2021 විස්සයි විස්ස ලෝක කුසලානය, Aaron Finch ගේ නායකත්වයෙන් යුත් ඕස්ට්‍රේලියා කණ්ඩායමට ශූරතාවය හිමිවෙමින් නිමාවට පත් වුන අතර, අවසානයේදී අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සලය මඟින් මෙවර ලෝක කුසලානයේ ක්‍රීඩකයින් දැක්වූ දක්ශතා සැලකිල්ලට ගනිමින්, “විශිෂ්ටයින් 11 දෙනා” එනම් “Team Of World cup” නම් කරනු ලැබූවා.

 

 

එම කණ්ඩායමට ශ්‍රී ලංකා කණ්ඩායමෙන් වනිඳු හසරංග හා චරිත් අසලංක ඇතුළත් වුණ අතර, ඉන්දියා කණ්ඩායමේ කිසිම ක්‍රීඩකයෙක් ඇතුළත් වුණේ නැහැ.

 

මේ අතර හිටපු ඉන්දීය ක්‍රීඩක හර්බජාන්සිං සිං විසින් මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ හොඳම ක්‍රීඩකයින් 11 දෙනා නම් කරනු ලැබූ අතර, ඔහුගේ කණ්ඩායමට ඉන්දීය ක්‍රීඩකයින් දෙදෙනෙකු ඇතුළත් කර, බාබර් අසාම්, චරිත් අසලංක ඇතුළු කිහිපදෙනෙක් අයි.සී.සී ය මඟින් නම් කර තිබූ කණ්ඩායමෙන් ඉවත් කර තිබුණා.

 

 

හර්බජාන්සිං සිං නම් කරන ලද කණ්ඩායමේ නායකත්වය කේන් විලියම්සන් හට ලබා දී ඇති අතර, කඩුලු රකින්නා ලෙස Mohommad Rizwan නම් කර තිබෙනවා. ඊට අමතරව ඔහුගේ කණ්ඩායමේ දොළොස්වන ක්‍රීඩකයෙක් ද නම් කර ඇති අතර එම ක්‍රීඩකයා වන්නේ ඇෆ්ගනිස්ථාන් ක්‍රීඩක රශීඩ් කාන් වේ.

 

 

හර්බජාන්සිං සිං විසින් නම් කරන ලද මෙවර ලෝක කුසලානයේ හොඳම ක්‍රීඩකයින් 11 දෙනාගෙන් යුත් කණ්ඩායම පහළින්,

 

1) David Warner

 

 

2) Mohammad Rizwan (WK)

 

 

3) Kane Williamson

 

 

4) Jos Buttler

 

 

5) Aiden Markram

 

 

6) Wanindu Hasaranga

 

 

7) Asif Ali

 

 

8) Ravindra Jadeja

 

 

9) Shaheen Afridi

 

 

10) Jasprit Bumrah

 

 

11) Trent Boult

 

 

12) Rashid khan (12th player)

 

 

චරිත් අසලංක, වනිඳු හසරංග ඇතුළුව ICC ය මඟින් නම් කරන ලද ක්‍රීඩකයින් 11 දෙනෙකුගෙන් යුත් සංචිතය මෙතනින් බලන්න (Click)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *