චරිත් අසලංක කියන්නේ කුමාර සංගක්කාර වගේ ක්‍රීඩකයෙක් – ලසිත් මාලිංග
එංගලන්තය තරඟාවලියේ දෙවන එක්දින තරඟයට පෙර ලසිත් මාලිංගගේ යූටියුබ් නාළිකාව හරහා අද දින ලසිත් මාලිංග හා ධම්මික ප්‍රසාද් සජීවි සාකච්ඡාවකට එක් වුණා.
එහිදී පසුගිය තරඟයේදී සිදුවූ අතපසු වීම් හා ශ්‍රී ලංකාවට තරඟ ජයග්‍රහණය කිරීමටනම් කළ යුතු දේවල් පිළිඹඳව ලසිත් මාලිංග හා ධම්මික ප්‍රසාද් අදහස් දැක්වුවා.
එහිදී ලසිත් මාලිංග විසින් ප්‍රකාශ කළ සිටියේ ඡේෂ්ඨ ක්‍රීඩකයින් විවේක ගන්වා තරුණ කණ්ඩායමක් සමඟින් ක්‍රීඩා කළත්, එය අමතක කර තරඟය ජයග්‍රහණය කිරීම අවශ්‍ය දේවල් පමණක් නායක කුසල් ජනිත් පෙරේරා හා කණ්ඩායම සිතිය යුතු බවයි.
“අපි බලන්න ඕනේ අපේ තියන හැකියාව් උපරිම කරන්නේ කොහොමද කියලා. කුසල් ජනිත් උනත් හැමතිස්සෙම කියන්නේ අපි තරුණ කණ්ඩායමක්, අපි අත්දැකීම් අඩු අය කියලා. ඒහෙම කියන්න බැහැ. එහෙම කියන එක නවත්වන්න ඕනේ. ඔතන ඉන්න ගොඩාක් අය අවුරුදු 5ක ඉදන් වගේ ක්‍රිකට් ගහන අය.
ඉස්සර මැච් එකක් පැරදුනාම අපිට ලැජ්ජාවක් තිබුණා. සමහර දවස් වලට කාමරයෙන් එළියට එන්නෙත් නැහැ. දැන් ක්‍රීඩකයින්ගෙන් එහෙම දෙයක් පේන්නෑ.
මේ අතර පලමු තරඟයේදී ආරම්භක පිතිකරුවෙක් ලෙස ක්‍රීඩා කළ පැතුම් නිස්සංක සම්බන්ධයෙන් ලසිත් මාලිංග ප්‍රකාශ කළේ ඔහු තමන්ගෙන් කණ්ඩායම වෙත අවශ්‍ය කාර්යය කුමක්ද යැයි නොදන්නා බවයි.
“නවක ක්‍රීඩක පැතුම් නිස්සංක ක්‍රීඩකයෙක් විදියට තමන්ගෙන් කණ්ඩායමට වෙන්න ඕන දේ දැනගෙන නැහැ. එහෙම නැත්නම් පැතුම් නිස්සංක, කුසල් ජනිත් කියන්නේ කවුද කියලා දැනගෙන නෑ. ඒ කාලේ සනත් අයියයි, ඩිල්ශාන් අයියත් බැට් කරද්දී සනත් අයියා බෝලෙට වේගයෙන් ගහගෙන යනවනම් ඩිල්ශානුත් ඒ විදියට ගහගෙන යන්නේ නැහැ. සනත් අයියා බෝලෙට හිර වෙනවනම්, ඩිල්ශාන් වේගයෙන් ගහගෙන යනවා. ඒ විදියට තමයි ගහන්න ඕනේ.”

“නමුත් කලින් තරඟයේ කුසල් ජනිත් වේගයෙන් පන්දුවට පහරදෙන්න හදන කොට පැතුම් නිස්සංක පිටියේ ස්ථාවර වෙන්න බැලුවේ නැහැ. ඉස්සර පිතිකරුවන් මැදදී කතා වෙලා ගැහුවට දැන් එහෙම කතා වෙනවා කියලා මට පේන්නෑ.”
මේ අතර හැමෝම කතා වෙන නවක ක්‍රීඩක චරිත් අසලංක සම්බන්ධයෙන් ලසිත් මාලිංග හා ධම්මික ප්‍රසාද් දැක්වූ අදහස්.
“ක්‍රීඩකයකුගේ පලවෙනි තරඟය අනිවාර්යයෙන්ම ඔහුට ලොකු පීඩනයක් තියනවා. මම ක්‍රීඩා කළ අවුරුදු 17ක කාලය පුරාවයම පලවෙනි තරඟයේදී පලවෙනි බෝලයට ඒ වගේ සොලිඩ් ෆෝවර්ඩ් ඩිෆෙන්ස් එකක් ගහපු පලවෙනි ක්‍රීඩකයා චරිත් අසලංක. ඒ ෆෝවර්ඩ් ඩිෆෙන්ස් එක තනිකරම කුමාර් සංගක්කාර බැට් කරා වගේමයි. එච්චර විශ්වාසයකින් ක්‍රීඩා කළා. මට ඇත්තටම හිතුනා චරිත් අසලංක ලොකු ඉනිමක් ක්‍රීඩා කරයි කියලා. නමුත් අවාසනාවකට එදා තරඟයේදී ඒ දේ කරන්න බැරි වුණා. නමුත් චරිත් අසලංකට අනිවාර්යයෙන්ම දිගටම නම්බර් 03 දෙන්න ඕනේ.” – ලසිත් මාලිංග

“චරිත් අසලංක කියන්නේ ක්‍රිකට් ගැන පුදුම දැනුමක් තියන කෙනෙක්. ඔහුත් සමඟ මම ක්ලබ් ක්‍රිකට් ගහන කාලේ ඔහු ආපු මුල් කාලේ ෆේල් වුණාම, ඔහුම කිව්වා මාව එලියෙන් තියන්න. මම තව හොඳට පුහුණුවෙලා එන්නම් කියලා. එහෙම එලියට ගිහිල්ලා හොඳට පුහුණුවීම් කරලා තමයි ආයේ ඇතුළට ඇවිත් ලකුණු ගැහුවේ. අන්න ඒ වගේ ක්‍රීඩකයින් තමයි අපිට අවශ්‍ය වෙන්නේ.” – ධම්මික ප්‍රසාද්