චාමිකගේ පිතිහරඹය Samp Army කණ්ඩායමට ජයගෙන එයි..(Video සහිතයි)
(වීඩියෝ පහළින්ම නැරඹිය හැක) 2022 අබුඩාබි T10 තරඟාවලියේ 27 වන තරඟය ලෙස අද (02) පැවතී Northern Warriors කණ්ඩායම හා Samp Army කණ්ඩායම අතර තරඟයෙන් කඩුලු 5ක ජයක් ලබාගැනීමට Samp Army කණ්ඩායම සමත්වුණා..
තරඟයේ කාසියේ වාසිය දිනාගත් Northern Warriors නායක Rovman Powell, පලමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර, ඒ අනුව පලමුව පන්දුවට පහරදුන් ඔවුන් නියමිත පන්දුවාර 10 අවසානයේදී කඩුලු 7ක් දැවී ලකුණු 117ක් ලබාගැනීමට සමත්වුණා.
ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Adam Hose වේගවත් අර්ධ ශතකයක් ලබාගත් අතර ඔහු පන්දු 25කට පමණක් මුහුණදෙමින් හතරේ පහර 4ක් හා හයේ පහර 5ක් සමඟින් ලකුණු 54,ක් ලබාගැනීමට සමත්විය.
ඊට අමතරව Sherfane Rutherford පන්දු 15 කදී හතරේ පහර 4ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 30 ලබාගැනීමට සමත්වුණා. නායක Rowman powell හට 0කට දැවිගිය අතර, ඉසුරු උදාන එක් පන්දුවක පමණක් මුහුණදෙමින් ලබාගැනීමට හැකිවූයේ එක් ලකුණක් පමණයි.
පන්දු යැවීමේදී Karim Janat පන්දුවාර 2 අවසානයේදී ලකුණු 21කට කඩුලු 2ක් හා Dwaine Pretorius ලකුණු 22කට කඩුලු 2ක් දවාගත් අතර, මහීශ් තීක්ශන පන්දුවාර 2 අවසානයේදී ලකුණු 11කට එක් කඩුල්ලක් හා Sheldon Cottrell ද එක් කඩුල්ලක් බිඳ දැමීමට සමත්වුණා.
අනතුරුව ලකුණු 118ක ඉලක්කයක් හඹායෑම සඳහා පිටියට පිවිසී Samp Army කණ්ඩායමට නියමිත පන්දුවාර 8.3 අවසානයේදී කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 119ක් ලබාගනිමින් තරඟය ජයගැනීමට සමත්විය.
Samp Army ඉනිම වෙනුවෙන් වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් වැඩිම ලකුණු ලාභියා වූ Shimron Hetmyer පන්දු 18කට පමණක් මුහුණදෙමින් හතරේ පහර 2ක් හා හයේ පහර 5ක් සමඟින් ලකුණු 45ක් ලබාගැනීමට සමත්විය.
ඊට අමතරව Karim Janat පන්දු 12කදී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 25ක් හා Dwaine Pretorius පන්දු 7කදී ලකුණු 17ක් ලබාගත් අතර ඉනිම අවසානයේදී පන්දු 8කදී හතරේ පහර 2ක් හා හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 22ක් ලබාගනිමින් තරඟය ජයග්‍රහණය කරවීමට චාමික කරුණාරත්න සමත්වුණා.
පන්දු යැවීමේදී සුපිරි පන්දු යැවීමක නිරත වූ Mohammad Irfan නියමිත පන්දුවාර 2 අවසානයේදී ලකුණු 19කට කඩුලු 3ක් බිඳ දැමීමට සමත්වූ අතර Gus Atkinson ලකුණු 26කට හා ඉසුරු උදාන ලකුණු 30 කට එක් කඩුල්ල බැඟින් දවාගැනීමට සමත්විය.
ඒ අනුව, Northern Warriors කණ්ඩායම කඩුලු 5කින් පරාජයට පත්කිරීමට Samp Army කණ්ඩායම සමත්වූ අතර තරඟයේ වීරයා සම්මානය දිනාගැනීමට සමත්වූයේ වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් ලකුණු 45ක් ලබාගත් Shimron Hetmyer වේ.
මහීශ් තීක්ශන ලබාගත් කඩුල්ල හා, චාමිකගේ පිහිහරඹය වීඩියෝ මෙන්න,
Theekshana ?? pic.twitter.com/5i3PBxo7lE
— Stay Cricket (@staycricket) December 2, 2022
— Stay Cricket (@staycricket) December 2, 2022