චාමික කරුණාරත්න කැන්ඩි ෆැල්කොන්ස් කණ්ඩායම ජයගෙන එයි. (Video)

(වීඩියෝ පහළින් නැරඹිය හැකිය) 2022 ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ හයවන තරඟය ලෙස පැවතී ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම හා කැන්ඩි ෆැල්කොන්ස් කණ්ඩායම අතර තරඟයෙන් තියුණු තරඟයකින් අනතුරුව කඩුලු 3ක ජයක් වාර්තාකර ගැනීමට වනිඳුගේ නායකත්වයෙන් යුත් කැන්ඩි ෆැල්කොන්ස් කණ්ඩායම සමත්වුණා..

 

 

තරඟයේ කාසියේ වාසිය දිනාගත් කැන්ඩි ෆැල්කොන්ස් කණ්ඩාය පලමුව පන්දු යැවීමට තීරණය කළ අතර, ඒ අනුව පලමුව පන්දුවට පහරදුන් ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 7ක් දැවී ලකුණු 147ක් ලබාගැනීමට සමත්විය..

ජැෆ්නා කින්ග්ස් ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු පන්දු 26කට මුහුණදෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 31ක් ලබාගැනීමට සමත්වුණා.

 

 

ඊට අමතරව Shoaib Malik පන්දු 24කදී හතරේ පහර 2ක් සමඟින් ලකුණු 28ක් ලබාගත් අතර, යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ පන්දු 18කදී එක් හතරේ පහරක් හා හයේ පහරක් ද සමඟින් ලකුණු 20ක් ලබාගැනීමට සමත්විය.

 

 

පන්දු යැවීමේදී කැන්ඩි ෆැල්කොන්ස් නායක වනිඳු හසරංග පන්දුවාර 4 අවසානයේදී ලකුණු 26කට කඩුලු 2ක් දවාගත් අතර, ඉසුරු උදාන ලකුණු 32කට හා Fabian Allen ලකුණු 23කට කඩුලු දෙක බැඟින් හා Zahoor Khan ලකුණු 28කට එක් කඩුල්ලක්ද බිඳ දැමීමට සමත්වුණා.

වනිඳු හසරංග අද ලබාගත් කඩුලු 2ත් සමඟින් මෙවර තරඟාවලියේ මෙතෙක් වැඩිම කඩුලු ලාභියා බවට පත්වීමට ද සමත්වූ අතර, ඔහු ලබාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 7කි.

 

 

මෙතෙක් තරඟාවලියේ වැඩිම කඩුලු ලාභීන්,

1) වනිඳු හසරංග – තරඟ 3 – කඩුලු 7 (හොඳම පන්දු යැවීම 4/14)

 

 

2) විජයකාන්ත් වියස්කාන්ත් – තරඟ 3 – කඩුලු 6 (හොඳම පන්දු යැවීම 3/24)

 

 

3) Carlos Brathwaite – තරඟ 3 – කඩුලු 5 (හොඳම පන්දු යැවීම 4/14)

 

 

4) මහීශ් තීක්ශන – තරඟ 3 – කඩුලු 5 (හොඳම පන්දු යැවීම 3/20)

 

 

අනතුරුව ලකුණු 148ක ඉලක්කයක් හඹායෑම සඳහා පිටියට පිවිසී කැන්ඩි ෆැල්කොන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20ක් අවසානයේදී කඩුලු 7ක් දැවී ලකුණු 148ක් ලබාගනිමින් තියුණු ජයක් වාර්තාකර ගැනීමට සමත්වුණා.

කැන්ඩි ෆැල්කොන්ස් ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ අශේන් බන්ඩාර පන්දු 39කදී හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 44ක් ලබාගැනීමට සමත්විය.

 

 

ඊට අමතරව ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක පන්දු 24කදී හතරේ පහර 2ක් සමඟින් ලකුණු 29ක් ලබාගත් අතර, තරඟයේ අවසන් පන්දුවාර කිහිපයේදී වේගවත් ඉනිමක් ක්‍රීඩාකළ චාමික කරුණාරත්න පන්දු 16කදි හතරේ පහර 2ක් හා හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 26 ද ලබාගැනීමට සමත්වුණා.

 

 

ජැෆ්නා කණ්ඩායම වෙනුවෙන් සුපිරි පන්දු යැවීමක නිරත වූ දුනිත් වෙල්ලාලගේ පන්දුවාර 4 අවසානයේදී ලකුණු 17ක් පමණක් ලබාදී කඩුලු 2ක් බිඳ දැමූ අතර, විජයකාන්ත් වියස්කාන්ත් , James Fuller , Zaman Khan හා මහීශ් තීක්ශන අතරේ ද එක් කඩුල්ල බැඟින් බෙදීගියා.

 

 

ඒ අනුව, මෙතෙක් අපරාජිතව සිටි ජැෆ්නා කින්ග්ස් කණ්ඩායමට තරඟාවලියේ පලමු පරාජය උරුම කර දෙමින් කැන්ඩි ෆැල්කොන්ස් කණ්ඩායම තරඟාවලියේ තුන්වන ජය වාර්තාකළ අතර වීරයා සම්මානය දිනාගනු ලැබූයේ නොදැවී ලකුණු 26ක් ලබාගත් චාමික කරුණාරත්න වේ.

 

 

දුනිත් වෙල්ලාලගේ ලබාගත් කඩුලු දෙක හා, චාමික කරුණාරත්නගේ වේගවත් ඉනිම වීඩියෝව මෙන්න. 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *