චාමික කරුණාරත්න , බානුක රාජපක්ෂ හා ඉදිරි තරඟාවලිවලදී ශ්‍රී ලංකා කණ්ඩායමේ සැළස්ම ගැන දසුන් ශානක කළ ප්‍රකාශය
2021 විස්සයි විස්ස ලෝක කුසලානය ඔක්තෝබර් මස 17 ආරම්භ වීමට නියමිත අතර ඊට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම ඕමානය සමඟ පුහුණු තරඟ දෙකක් ක්‍රීඩා කිරීමට නියමිතව ඇත. මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක මාධ්‍ය සාකච්ඡාවට එක් වූ අතර ඔහු විසින් මෙම තරඟ දෙක හා ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලානයට ඇති සූදානම ගැන පවසා සිටියා.
මෙරව ලෝක කුසලානය අයි.පී.එල් පැවැත්වෙන තණතීරු වලම පැවැත්වෙන බැඟින්, වනිඳු හසරංග හා දුශ්මන්ත චමීරගෙන් එම තණතීරු හැසිරෙන ආකාරය ගැන අවබෝධයක් ලබාගැනීමට හැකියාව ඇති බව දසුන් ශානක පවසා සිටියා.
“අයි.පී.එල් තරඟ ඔක්කොම වගේ මම ෆලෝව් කරා. ඒගොල්ලෝ ගොඩාක් තණකොළ තියලා තමයි විකට් හදලා තිබුණා. ලෝක කුසලානයේදීත් පිතිකරුවන්ට යෝග්‍ය විදියට තණතීරු හැසිරෙයි කියලා මම හිතනවා. අපේ ක්‍රීඩකයින් දෙන්නෙක් අයි.පී.එල් තරඟාවලියෙත් ඉන්න නිසා ඒ දෙන්නා නැවත අපිත් එක්ක එකතු වුණාම අපිට හොඳ අවබෝධයක් ලබාගන්න පුලුවන්.”
මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුධාන පුහුණුකරු මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ උපදේශකවරයෙකු ලෙස එක්වීම ගැන දසුන් ශානකගේ ප්‍රකාශ කල අදහස.
“මහේල ජයවර්ධන අයියා අපිත් එක්ක ඉන්න එක අපිට ලොකු වාසියක් වෙනවා. පුහුණුකරුවන් විදියට එයාට තියන එක්ස්පීරියන්ස් එක ලංකාවේ ඉන්න ගොඩක් අයට නැහැ. ඔහු මේ වන විට අයි.පී.එල් එකේ ඉන්න එකත් අපිට ලොකු වාසියක්. ඒ නිසා මහේල අයියගෙන් අපේ කණ්ඩායමට ලොකු උදව්වක් ලබාගන්න පුලුවන් වෙයි කියලා හිතනවා.”
ලෝක කුසලානය සංචිතය සඳහා ශ්‍රී ලංකා සංචිතයට පසුගිය දා තවත් ක්‍රීඩකයින් 5 දෙනෙක් ඇතුළත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කටයුතු කළ අතර, ඉදිරියේදී සංචිතයේ වෙනසක් සිදුවේ ද යන්න දසුන් ශානක දැක්වූයේ මෙවන් අදහසක්.
“මුලින් නම් කළ ක්‍රීඩකයින් 15 දෙනාගේ සංචිතයේ ලහිරු මධුසංක ආබාධයකට ලක් වීම නිසා ඔහු වෙනුවට ආදේශ කරන ක්‍රීඩකයා කවුද කියලා තවම තීරණය කරල නැහැ. ඕමානය සමඟ තරඟ දෙකට කලින් පුහුණුකරු හා තේරීම් කමිටුව එක්ව ඒක තීරණය කරයි කියලා හිතනවා.”
ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින දක්ශ තුන්ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්නගෙන් උපරිමය කණ්ඩායමය ලබානොගන්නේ ද? යන ප්‍රශ්නයට දසුන් ශානක පිලිතුරු ලබාදුන්නේ මෙලෙසින්.
“චාමික කරුණාරත්න කියන්නේ හොඳ තුන්ඉරියව් ක්‍රීඩකයෙක්. නමුත් අපිට පසුගිය තරඟවලදී ඔහුගෙන් උපරියම ලබාගන්න බැරි වුණා. අපි පසුගිය ටිකේම ක්‍රීඩා කලේ ස්පින් විකට් වල. ඒ නිසා අපිට ඔහුගෙන් උපරිමය ලබාගැනීමට නොහැකි වුණේ. චාමික කරුණාරත්න ඉදිරියේදී අපි ගැලපෙන හරි විදියට පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙනවා.
දකුණු අප්‍රිකාව සමඟ විස්සයි විස්ස තරඟාවලිය පරාජයට පත්වීමට හේතුව කමිඳු මෙන්ඩිස්, භානුක රාජපක්ෂ ඇතුළු පිතිකරුවන් දක්ශතා අතර නොසිටීම නිසා වන අතර දසුන් ශානක විසින් එයට සාදාරණ හේතු ප්‍රකාශ කළ සිටියා.
“අපේ පිතිකරුවන් ෆෝම් එකේ හිටියේ නැහැ කියලා කියන්න බෑ. කමිඳු මෙන්ඩිස් පහුගිය ඩොමෙස්ටික් වල හොඳටම ක්‍රීඩා කරලා තමයි නැවත කණ්ඩායමට එකතු වුණේ. භානුක රාජපක්ෂගේ ඇගිල්ලේ පොඩි ආබාධ තත්වයක් තිබුණා. දකුණු අප්‍රිකාව සමඟ තිබුණ තරඟාවලියේදී ඔහු 100%ක්ම සුව වෙලා හිටියෙ නැහැ. භානුක රාජපක්ෂ කියන ක්‍රීඩකයා හොඳින් ක්‍රීඩා කරයි කියලා නායකයා විදියට මම වගේම ගොඩක් දෙනෙක් බලාපොරොත්තු වුණා. මම හිතනවා ඔහු ඊලඟට තියන තරඟ වලදී හොඳින් ලකුණු අතරට එයි කියලා.”
අවසානයේදී දසුන් ශානක විසින් ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන් විසින් ඔහුන්ට දක්ශන සහයෝගයට ස්තූතිය ප්‍රකාශ කළ සිටියා.
මෑත කාලයේදී ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින් අතර ලොකු පිබිදීමක් තියනවා. පහුගිය කාලය පුරාවටම ප්‍රේක්ෂකයින්ගෙන් හොඳ කමෙන්ට්ස් තිබුණා. දකුණු අප්‍රිකාවට එරෙහිව තිබුන විස්සයි විස්ස තරඟාවලිය විතරයි අපිට හොඳින් ක්‍රීඩා කරන්න බැරි වුණේ. අපිට ස්පෝර්ට් කරන එකට ප්‍රේක්ෂකයින්ට ගොඩාක් ස්තූති වන්ත වෙනවා. අපි ඉදිරියේදී ක්‍රීඩා කරන තරඟාවලි වලදීත් ඔවුන් අපිව දිරිමත් කරයි කියලා බලාපොරොත්තු වෙනවා.