චාමික හා දසුන් ශානක අතර ඇති වූ සංවාදය ගැන දසුන් ශානක ප්‍රථම වතාවට මාධ්‍යට ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකාව හා දකණු අප්‍රිකාව අතර තුන්වන හා අවසන් එක්දින තරඟය ශ්‍රී ලංකාවට ලකුනු 78ක විශිෂ්ට ජයක් වාර්ථා කිරීමට සමත්වීම හේතුවෙන්, වසර 8කට පසුව ශ්‍රී ලංකාවට, දකුණු අප්‍රිකාව හමුවේ එක්දින තරඟාවලි ජයක් වාර්ථා කිරීමට සමත් වුණා..


තරඟයෙන් අනතුරුව පැවතී මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා නායක දසුන් ශානක විසින්, මෙම තරඟාවෛ ජයග්‍රහණය පිළිඹඳ අදහස් ප්‍රකාශ කළ අතර, එහිදී ඔහු තරුණ ක්‍රීඩකයින් හට නිදහස ලබා දී ඇති බව හා එමඟින් ඔවුන්ගෙන් උපරිමය කණ්ඩායමට ලබාගත හැකි බව ප්‍රකාශ කර සිටියා.

“එක එක ක්‍රීඩකයින් තමාගේ උපරිමයටම එන්න පුලුවන්නම් අපිට කණ්ඩායමක් විදියට ලොකු ජයග්‍රහණය ලබාගන්න පුලුවන්. මම ගොඩාක් වෙලාවට කියන්නේ ප්‍රැක්ටිස් වලදී අපි හොඳ දේවල් කරන්න ඕනේ. ඒකයි මම පහුගිය දවස්වල අපිට වේගයෙන් පන්දුවිසිකරන්නන් අවශ්‍යයි කියලා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලමක් කලේ. මම මෙතන ක්‍රීඩයින්ට නිදහස දීලා තියෙන්නේ. පොඩි ක්‍රීඩකයින්ට සමහර වෙලාව ලොකු ක්‍රීඩකයෙක් එක්ක ගිහින් කතා කරන්න බයක් තියනවා.

මෙතන තමන්ගේ දේවල් ඕනම ක්‍රීඩකයෙක් සමඟ ශෙයාර් කරගන්න නිදහස දීලා තියනවා. මට චරිත් අසලංකගෙන්, දනන්ජය ද සිල්වාගෙන් ගන්න දෙයක් තියනවනම් මම ඒක ගන්නවා. ඒ වගේම මම මෙච්චර කල් ක්‍රිකට් ගහලා ලබාගත්ත අත්දැකීම් අනිත් ක්‍රීඩකයින් සමඟ බෙදා ගන්නවා. ඒවෑයින් තමා අපිට ඉම්පෲ වෙන්න පුලුවන්.

දසුන් ශානකගේ නායකත්වය හමුවේ තරඟාවලිය ජයග්‍රහණය කිරීමට සමත් වුවත්, දසුන් ශානක පිතිකරුවෙක් විදිහට තවමත් සාර්ථක වීමට අවස්ථාවක් නොලැබුන අතර, ඒ සම්බන්ධයෙන් දසුන් ශානක විසින් සඳහන් කර සිටියේ මෙවැන් අදහසක්.

“ඇත්තටම මම පිතිකරුවෙක් විදියට මීට වඩා දෙයක් කණ්ඩායම වෙනුවෙන් ලබාදෙන්න ඕනේ. ඒ උනාට මම ක්‍රීඩකයෙක් විදියට ජාත්‍යන්තර තරඟ සුළු ප්‍රමාණයක් ක්‍රීඩා කරලා තියෙන්නෙ. මම විතරක් නෙමේ, මේ කණ්ඩායමේ ඉන්න සියලුම ක්‍රීඩකයින් සීරිස් එකක් දෙයක් ෆේල් වෙන්න පුලුවන්. ඒ වුණාට ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම ආයෙත් කම්බැක් එකක් දෙනවා. ඒ නිසා ක්‍රීඩකයෙක් සීරිස් එකක් ෆේල් වුණා කියල ඒකෙන් එම ක්‍රීඩකයාව මනින එක මම හිතන විදියට නොවිය යුතු දෙයක්. මම ඇතුළු ඕනෑම ක්‍රීඩකයෙක් සීරිස් එකක් ෆේල් වුණාම ඔහුව ඉවත් කරන්නෙ නැතුව ආයෙමත් ඔහුගෙන් කණ්ඩායමට ලොකු දෙයක් ලබාගන්න විදියට අපි ඔහුට විශ්වාසය ඇති කරන්න ඕනේ.”

දෙවෙනි එක්දින තරඟය පරාජයට පත්වීමෙන් පසුව, මෙම තරඟය තරුණ ක්‍රීඩක මහීත් තීක්ශණ සමඟින් ක්‍රීඩා කිරීමට තීරණය කිරීමට හේතුව කුමක් ද ලෙස මාධ්‍යවේදියෙක් යොමු කර ප්‍රශ්නයට නායක දසුන් ශානක විසින් ප්‍රකාශ කර සිටියේ, දකුණු අප්‍රිකා ක්‍රීඩකයින් හට ඔහුගේ අත කියවීමට අපහසු කාර්යයක් බව තමන් දැන සිටි බැවින්, ඔහු සමඟින් මෙම තරඟය ක්‍රීඩා කිරීමට ඔහු තීරණය කළ බවයි.

“අපි මහේශ් තීක්ෂණව ස්කොඩ් එකට ගෙනාවේ විස්සයි විස්ස තරඟාවලිය ක්‍රීඩා කරන්න. නමුත් අද විකට් එකේ තිබුණ දඟකැවීම නිසා මහීශ් තීක්ශන වගේ ක්‍රීඩකයෙම් මේ තරඟයට ඇතුළත් කරාම දකුණු අප්‍රිකා ක්‍රීඩකයින්ට, ඔහුගෙ අත කියවා ගැනීමට ගොඩක්ම අමාරුයි කියලා මම දැනගෙන හිටියා. ඒ නිසා මම නායකයෙක් විදියට වගකීමක් අරගෙන ප්‍රවින් හා මහීශ් කියන තරුණ ක්‍රීඩකයින් දෙදෙනාවම එකට සෙල්ලම් කරන්න තීරණය කළා. මේ තීරණයේදී මට සිලෙක්ටර්ස්ලා, කෝච්ලා ගොඩක් උදව් කළා. ඒ නිසා මේ තරඟයේදී ලොකු දෙයක් කරන්න පුලුවන් වුණා.”

මේ අතර, පලමු එක්දින තරඟයේදී අවසන් පන්දුවාර කිහිපයේදී, ශ්‍රී ලංකා තුන්ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්, නායක දසුන් ශානකගෙන් පන්දුවාරයක් ඉල්ලා සිටි බව සඳහන් වන වීඩියෝවක් සමාජ මාධ්‍ය පුරා ප්‍රචාරය වූ අතර, මේ සම්බන්ධයෙන් නායක දසුන් ශානක, එදා සිදුවූයේ කුමක් ද යන්න ප්‍රථම වතාවට මාධ්‍යට අදහස් දැක්වීය.

“අපි අන්තිමට ඕවර් ටික දාන්නේ කවුද කියලා හදාගෙන හිටියේ. ඒ විදියට ඕවර් ටික හැදුවාම චාමික කරුණාරත්නට එක ඕවරයක් දාන්න වෙනවා. ඒ වෙලාවේ චාමිකයි, මමයි , මිනෝද් බානුකයි කතා වුණා අන්තිම පන්දුවාර වලදී දුශ්මන්ත චමීරට ඕවර් 2යි, චාමික කරුණාරත්නට එක ඕවරයයි විදියට පන්දුයවන්න වෙන්නේ කියලා. ඒක කියන වීඩියෝ එකක් තමයි ඔය සමාජ මාධ්‍ය වල ශෙයාර් වෙලා තිබුණේ.”

අවසනයේදී, නායක දසුන් ශානක විසින් ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන් හට ද ස්තූති කිරීමට අමතක කළේ නැහැ.

“මේ වෙලාවේ ශ්‍රී ලංකාවේ ප්‍රේක්ශකයින් ක්‍රිකට් වලින් තෘප්තියක් ලබනවා. මේ දවස්වල කොරෝනා වසංගතය නිසා ඔවුන්ට නිවසෙන් එලියට යන්නත් අමාරුයි. ඔවුන් රූපවාහිනීයෙන් තරඟ නරඹලා අපිට ලබා දෙන සහයෝගයට මම ගොඩක් ස්තූතිවන්ත වෙනවා.”

 

විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතය මෙතනින් බලන්න. (Click කරන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *