චෙන්නායි පරදා පන්ජාබ් කින්ග්ස් කණ්ඩායමට විශිෂ්ට ජයක්.

(වීඩියෝ පහළින් නැරඹිය හැක) මේ වන විට වන පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ 11 වන තරඟය ලෙස පැවතී පන්ජාබ් කින්ග්ස් කණ්ඩායම හා චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම අතර තරඟයෙන් ලකුණු 54ක විශිෂ්ඨ ජයක් වාර්ථා කිරීමට පන්ජාබ් කින්ග්ස් කණ්ඩායම සමත්වුණා.

 

තරඟයේ කාසියේ වාසිය දිනාගත් චෙන්නායි සුපර් කින්ග්ස් නායක රවින්ද්‍ර ජඩේඩා විසින් පලමුව පන්දුවට පහරදීම සඳහා පන්ජාබ් කින්ග්ස් කණ්ඩායමට ආරාධනා කළ අතර, ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 8ක් දැවී ලකුණු 180 ලබා ගැනීමට සමත්වුණා.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ලියම් ලිවින්ස්ටන් වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 32 කදී හතරේ පහර 5ක් හා හයේ පහර 5ක් සමඟින් ලකුණු 60ක් ලබාගැනීමට සමත්විය. එහිදී ඔහු මෙතෙක් තරඟාවලියේ වා‍ර්තා වූ දිගම හයේ පහරද එල්ල කිරීමට සමත්වුණා. (මීටර් 108)

 

ඊට අමතරව නායක ආරම්භක පිතිකරු ශිකර් දවාන් පන්දු 24කදී එක් හතරේ පහර 4 හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 33 ලබාගත් අතර Jitesh Sharma පන්දු 17කදී හයේ පහර 3ක් සමඟින් ලකුණු 26ක්ද ලබාගැනීමට සමත්විය. පලමු තරඟයේ හා දෙවන තරඟයේදී වේගවත් පිතිහරඹයක නිරත වූ භානුක රාජපක්ෂ හට මෙම තරඟයේදී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 9ක් පමණයි.

 

පන්දු යැවීමේදී Chris Jordan ලකුණු 23කට කඩුලු 2ක් හා Dwaine Pretorius ලකුණු 30කට කඩුලු 2ක් දවාගැනීමට සමත් වූ අතර, Ravindra Jadeja , Dwayne Bravo , Mukesh Choudhary ද එක් කඩුල්ල බැඟින් දවාගැනීමට සමත්විය.

ඉන් අනතුරුව ලකුණු 181 ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසී ‍චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායමට පන්දුවාර 18ක් අවසානයේදී සියලුමදෙනා දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 126ක් පමණයි.

චෙන්නායි ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ Shivam Dube අර්ධ ශතකයක් රැස්කළ අතර ඔහු පන්දු 30කදී හතරේ පහර 6ක් හා හයේ පහර 3ක් සමඟින් ලකුණු 57ක් ලබාගැනීමට සමත්විය.

 

ඊට අමතරව හිටපු නායක Ms දෝණි පන්දු 28කදී හතරේ පහරක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 23ක් ලබාගත් අතර Ambati Rayudu හා Robin Uthappa යන දෙදෙනාම ලකුණු 13 බැඟින් ලබාගත් නමුත් අන් කිසිම ක්‍රීඩකයෙකුට ලකුණු 10 සීමාවටවත් ලඟා වීමට නොහැකි විය.

 

පන්දු යැවීමේදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් රාහුල් චහාර් පන්දුවාර 4 අවසානයේදී ලකුණු 25කට කඩුලු 3ක් දවාගත් අතර, ලියම් ලිවින්ස්ටන් හා Vaibhav Arora කඩුලු 2 බැඟින් හා Odean Smith, Arshdeep Singh, Kagiso Rabada ද එක් කඩුල්ල බැඟින් දවාගැනීමට සමත්වුණා.

 

ඒ අනුව චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායමට මෙවර තරඟාවලියේ තුන්වන පරාජයත් උරුමකර දෙමින් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම තරඟය ලකුණු 54කින් ජයග්‍රහණය කළ අතර තරඟයේ වීරයා සම්මානය දිනාගනු ලැබූයේ තුන්ඉරියවෙන්ම දස්කම් දැක්වූ ලියම් ලිවින්ස්ටන් වේ.

භානුක රාජපක්ෂ එල්ල කළ හයේ පහර, (Video)

 

 

ලියම් ලිවින්ස්ටන් විසින් මීටර් 108ක් දුරට එල්ල කරන ලද හයේ පහර, (Video)

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *