චෙන්නායි පරදා, රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ අංක 2ට පැමිණෙයි.
(මතීෂ රැකගත් සුපිරි උඩපන්දුව වීඩියෝව පහළින් නැරඹිය හැක) IPL තරඟාවලියේ 68 වන තරඟය ලෙස අද (20) පැවතී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම හා චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම අතර තරඟයෙන් කඩුලු 5ක ජයක් වාර්ථා කිරීමට චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම සමත්වුණා.
තරඟයේ කාසියේ වාසිය දිනාගත් චෙන්නායි සුපර් කින්ග්ස් නායක M.S දෝණි පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඒ අනුව පලමුව පන්දුවට පහර දුන් චෙන්නායි කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු ලකුණු 151ක් ලබාගැනීමට සමත්විය.
චෙන්නායි ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ මොයින් අලී වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 57කට මුහුණදෙමින් හතරේ පහර 13ක් හා හයේ පහර 3ක් සමඟින් ලකුණු 93ක් ලබාගැනීමට සමත්වුණා. මොයින් අලී අර්ධ ශතකය පන්දු 19කදී ලබාගත් අතර, එය ඔහුගේ 5 වන අයි.පී.එල් අර්ධ ශතකයයි.
ඊට අමතරව මහේන්ද්‍ර සිං දෝණ පන්දු 28කදී හතරේ පහරක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 26ක් ලබාගත් අතර ආරම්භක පිතිකරු ඩෙවොන් කොන්වේ පන්දු 14කදී හයේ පහරක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 16ක්ද ලබාගැනීමට සමත්විය. අනෙක් පිතිකරුවන් ඉතා අඩු ලකුණු සංඛ්‍යාවලට දැවීගියා.
පන්දු යැවීමේදී යුස්වේන්ද්‍ර චහාල් පන්දුවාර 4 අවසානයේදී ලකුණු 26කට කඩුලු 2ක් බිඳ දැමීමට සමත්විය. එම කඩුලු 2ත් සමඟින් නැවතත් මෙවර තරඟාවලියේ වැඩිම ලකුණු ලාභියා වීමට යුස්වේන්ද්‍ර චහාල් සමත්වුණා. ඊට අමතරව Obed McCoy පන්දුවාර 4 අවසානයේදී ලකුණු 20කට කඩුලු 2ක් හා ට්‍රෙන්ට් බෝල්ට් ලකුණු 44කට එක් කඩුල්ලක් ද දවාගනු ලැබුවා.
.
අනතුරුව ලකුණු 151 ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පන්දුවාර 19.4ක් අවසානයේදී කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 151ක් ලබාගනිමින් තරඟය ජයග්‍රහණයට කිරීමට සමත්වුණා.
රාජස්ථාන් ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ ආරම්භක පිතිකරු Yashasvi Jaiswal අර්ධ ශතකයක් ලබාගත් අතර ඔහු පන්දු 44කදී හතරේ පහර 8ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 59ක් ලබාගැනීමට සමත්විය.
ඊට අමතරව වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ රවිචන්ද්‍රන් අශ්වින් පන්දු 23කදී හතරේ පහර 2ක් හා හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 40ක් ලබාගත් අතර, නායක සන්ජු සැම්සන් පන්දු පන්දු 20කදී හතරේ පහර 2ක් සමඟින් ලකුණු 15ක් ද හා Riyan Parag නොදැවී ලකුණු 10ක් ද ලබාගැනීමට සමත්විය.
පන්දු යැවීමේදී Prashnet Solanki පන්දුවාර 2ක් අවසානයේදී ලකුණු 20කට කඩුලු 2ක් බිඳ දැමූ අතර Simarjeet Singh , Mitchell santner , Moeen Ali අතරෙ එක් කඩුල්ල බැඟින්ද බෙදීගියා. මතීෂ පතිරණ පන්දුවාර 3.4 ක්‍රියාත්මක කළ අතර ලකුණු 28ක් ලබාදී කඩුලු ලබාගැනීමට හැකිවූයේ නැහැ.
ඒ අනුව චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම කඩුලු 5කින් පරාජය පත්කිරීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත්වීමත් සමඟින් ප්‍රසාද ලකුණු සටහනේ අංක 2 ට පැමිණීමට සමත්වූ අතර තරඟයේ වීරයා සම්මානය දිනාගනු ලැබූයේ වේගවත් ලකුණු 40ක් ලබාගත් රවිචන්ද්‍රන් අශ්වින් වේ.
මතීෂ පතිරණ රැකගත් උඩපන්දුව, (Video)
මොයීන් අලීගේ වේගවත් ඉනිම – 93 (වීඩියෝව)