චෙන්නායි බ්‍රේව්ස් පරදා ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට විශිෂ්ට ජයක්.
අබුඩාබි T10 ලීග් තරඟාවලියේ 18වන තරඟය ලෙස අද (26) පැවතී Chennai Braves කණ්ඩායම හා Deccan Gladiators කණ්ඩායම අතර තරඟයෙන් කඩුලු 5ක විශිෂ්ට ජයක් වාර්ථා කිරීමට Deccan Gladiators කණ්ඩායම සමත් වුණා.
තරඟයේ කාසියේ වාසිය දිනාගත් Deccan Gladiators කණ්ඩායම පලමුව පන්දු යැවීමට තීරණය කළ අතර, ඒ අනුව පලමුව පන්දුවට පහර දුන් Chennai Braves කණ්ඩායම නියමිත පන්දුවාර 10 අවසානයේදී සියලු දෙනාම දැවී ලබාගැනීමට හැකි වූයේ ලකුණු 57ක් පමණයි.
ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ආරම්භක පිතිකරු භානුක රාජපක්ෂ පන්දු 10කදී හතරේ පහරක් හා හයේ පහරවල් දෙකක් සමඟින් ලකුණු 18ක් ලබාගැනීමට සමත්විය.
අන්කිසිඳු ක්‍රීඩකයෙකුට ලකුණු 10 සීමාවටවත් ලඟාවීමට Deccan Gladiators කණ්ඩායමේ පන්දු යවන්නන් ඉඩ ලබානොදුන් අතර, අද තරඟය ක්‍රීඩා කළ දසුන් ශානක හා ඇන්ජලෝ පෙරේරාට ලබාගැනීමට හැකි වූයේ පිලිවෙලින් ලකුණු 8ක් හා 6ක් පමණයි.
පන්දු යැවීමේදී Deccan Gladiators කණ්ඩායම වෙනුවෙන් වනිඳු හසරංග සුපිරි පන්දු යැවීමක නිරත වෙමින් ඔහුගේ පන්දුවාර 2 අවසානයේදී ලකුණු 9කට කඩුලු 3ක් දවාගැනීමට සමත් විය. Chennai Braves කණ්ඩායමේ දසුන් ශානක හා ඇන්ජලෝ පෙරේරාගේ කඩුලු දෙකම ලබාගැනීමට හැකි වූයේ වනිඳු හසරංගයි.
ඊට අමතරව Andrew Russell පන්දුවාර 2 අවසානයේදී ලකුණු 10කට කඩුලු 2ක් හා Rumman Raees ලකුණු 20කට කඩුලු 2ක් දවාගැනීමට සමත් වූ අතර, Sultan Ahmed පන්දුවාර 2 අවසානයේදී ලකුණු 6ක් පමණක් ලබා දී එක් කඩුල්ලක් ලබාගැනීමට සමත් විය.
පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ Deccan Gladiators කණ්ඩායම පන්දුවාර 6ක් අවසානයේදී කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 60ක් ලබාගනිමින් තරඟය පහසුවෙන්ම ජයග්‍රහණය කිරීමට සමත් විය. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ David Wiese පන්දු 9කදි හතරේ පහරක් හා හයේ පහර 2ක් සමඟින් ලකුණු 20ක් ලබාගැනීමට සමත් විය.
ඊට අමතරව ආරම්භක පිතිකරු Tom Banton පන්දු 15කදී හතරේ පහර 2ක් සමඟින් ලකුණු 19ක් ලබාගැනීමට සමත් වූ අතර Tom Kohier-cadmore පන්දු 3කදී ලකුණු 10ක් ලබාගැනීමට සමත් විය.
පන්දු යැවිමේදී Mark Deyak ලකුණු 12කට කඩුලු 2ක්, හා Angelo Perere ලකුණු 16කට කඩුලු 2ක් දවාගත් අතර, Nuwan ප්‍රදීප් ලකුණු 12කට එක් කඩුල්ලක් දවාගැනීමට සමත් විය.
ඒ අනුව Deccan Gladiators කණ්ඩායම තරඟය කඩුලු 5කිම් ජයග්‍රහණය කළ අතර තරඟයේ වීරයා සම්මානය දිනාගැනීමට සමත් වූයේ ලකුණු 9කට කඩුලු 3ක් දවාගත් වනිඳු හසරංග වේ.
වනිඳු හසරංගගේ සුපිරි පන්දු රැකීමේ වීඩියෝව,
Wow wow Wanindu ??#CBvsDG pic.twitter.com/H7IeUxlVIj
— Stay Cricket (@staycricket) November 26, 2021
වනිඳු හසරංග දවාගත් කඩුලු තුනේ වීඩියෝව,
Wanindu Hasaranga | 3 wickets | Vs Chennai Braves #CBvsDG #wanindu pic.twitter.com/fto7aKX57f
— Stay Cricket (@staycricket) November 26, 2021