චෙන්නායි බ්‍රේව්ස් පරදා නොදර්න් වෝරියස් කණ්ඩායමට විශිෂ්ට ජයක්.

අබුඩාබි T10 ලීග් තරඟාවලියේ 14වන තරඟය ලෙස අද (24) පැවතී Northern Warriors කණ්ඩායම හා Chennai Braves කණ්ඩායම අතර තරඟයෙන් ලකුණු 19ක විශිෂ්ට ජයක් වාර්ථා කිරීමට Northern Warriors කණ්ඩායම සමත් වුණා. (වීඩියෝ පහළින් නැරඹිය හැක)

 

 

තරඟයේ කාසියේ වාසිය දිනාගත් Chennai Braves කණ්ඩායම පලමුව පන්දු යැවීමට තීරණය කළ අතර, ඒ අනුව පලමුව පන්දුවට පහර දුන් Northern Warriors කණ්ඩායම නියමිත පන්දුවාර 10 අවසානයේදී කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 152ක් ලබාගැනීමට සමත් විය.

ඉනිමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනාම වේගවත් ඉනිම් ක්‍රීඩා කළ අතර, Kennar Lewis පන්දු 19කදී හතරේ පහර 6ක් හා හයේ පහර 3ක් සමඟින් ලකුණු 49 හා, Moeen Ali පන්දු 19කදී හතරේ පහර 3ක් හා හයේ පහරවල් 5ක් සමඟින් ලකුණු 49ක් රැස් කිරීමට සමත් විය.

 

 

ඊට අමතරව නායක Rovman Powell පන්දු 12කදී එක් හතරේ පහරක් හා හයේ පහර 3ක් සමඟින් ලකුණු 28ක් ලබාගැනීමට සමත් වූ අතර Samit Patel පන්දු 9කදී එක් හතරේ පහරක් හා හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 17ක් ලබාගැනීමට සමත් විය.

පන්දු යැවීමේදී Curtis Campher හා Mark Deyal පමණක් සාර්ථක වූ අතර, Curtis Campher ලකුණු 19ට කඩුලු 2ක් හා Mark Deyal ලකුණු 10කට කඩුලු 2ක් දවාගැනීමට සමත් විය.  මෙම තරඟයේ ක්‍රීඩා කළ කෙවින් කොත්තිගොඩ ක්‍රියාත්මක කළ පන්දුවාර 2 තුළදී ලකුණු 42ක් හා නුවන් ප්‍රදීප් යැවූ පන්දුවාර 2 තුළදී ලකුණු 34ක් ලබාගැනීමට Northern Warriors පිතිකරුවන් සමත්විය.

 

 

පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ Chennai Braves කණ්ඩායමට පන්දුවාර 9.5 අවසානයේදී සියලු දෙනා දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු ලකුණු 133 ක් පමණයි.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ බානුක රාජපක්ෂ පන්දු 13කදි හතරේ පහර 2ක් හා හයේ පහර 4ක් සමඟින් ලකුණු 34ක් ලබාගැනීමට සමත් විය.

 

 

ඊට අමතරව Ravi Bopara පන්දු 13කට හතරේ පහර 2ක් හා හයේ පහරවල් 3ක් සමඟින් ලකුණු 30ක් ලබාගැනීමට සමත් වූ අතර Khaild Shan ලකුණු 18ක් හා ඇන්ජලෝ පෙරේරා ලකුණු 14ක් ලබා ගැනීමට සමත් විය.

 

 

පන්දු යැවිමේදී Oshane Thomas විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් කඩුලු ත්‍රිත්වයක් (Hat-trick) ලබාගැනීමට සමත් වූ අතර ඔහු පන්දුවාර දෙක අවසානයේදී ලකුණු 21කට කඩුලු 3ක් දවාගැනීමට සමත් විය.

ඊට අමතරව josh Little ලකුණු 19කට කඩුලු 2ක් ද, Umair Ali ලකුණු 26කට කඩුලු 2ක් ලබාගැනීමට හැකිවූ අතර, Imran Tahitr, Abhimanyu Mithun හා Rayad Emrit එක් කඩුල්ල බැඟින් ලබාගැනීමට සමත් විය.

 

 

ඒ අනුව, Northern Warriors කණ්ඩායම තරඟය ලකුණු 19 කින් ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර තරඟයේ වීරයා සම්මානය දිනාගැනීමට සමත් වූයේ කඩුලු ත්‍රිත්වයක් සමඟින් ලකුණු 21කට කඩුලු 3ක් දවාගත් Oshame Thomas වේ.

 

 

ඇන්ජලෝ පෙරේරා ලබාගත් සුපිරි උඩපන්දුව,

 

 

 

අලීම් ඩාර්ගේ ඔළුවේ පන්දුව වැදෙන අවස්ථාව (VIDEO),

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *