ඡේශ්ඨ ක්‍රීඩක දිනේශ් චන්දිමාල්ගෙන් ලෝක වාර්ථාවක්.

ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර තරඟ 5කින් යුත් විස්සයි විස්ස තරඟාවලියේ තුන්වන තරඟය ඊයේ (15) දිනයේ පැවැත්වුන අතර,එම් තරඟයෙන් කඩුලු 6ක පහසු ජයක් වාර්ථා කිරීමට ඕස්ට්‍රේලියා කණ්ඩායම සමත්වුණා.

තරඟයට පෙර ශ්‍රී ලංකා ඡේශ්ඨ ක්‍රීඩක දිනේශ් චන්දිමාල් ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ ලකුණු 994ක් ලබාගෙන සිටි අතර, මෙම තරඟයේදී ලකුණු 25ක් ලබාගැනීමත් සමඟින් ඔහු ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ ලකුණු දහසේ (1000) සීමාව පසුකර යාමට සමත්විය.

 

 

මේ වන විට ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ ලෝකයේ සියලුම ක්‍රීඩකයින්ගෙන් 75 දෙනෙකු ලකුණු 1000 සම්පූර්ණ කර ඇති නමුත්, ලකුණු 1000 සම්පූර්ණ කළ සියලුම ක්‍රීඩකයින්ගෙන් මන්දගාමීම ජාත්‍යන්තර විස්සයි විස්ස ලකුණු 1000 සම්පූර්ණ කර ඇත්තේ දිනේශ් චන්දිමාල් වේ. ඔහු ලකුණු 1000 සම්පූර්ණ කිරීම සඳහා ඉනිම් 57කදී පන්දු 975කට මුහුණදී තිබේ.

මීට අමතරව ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගෙන් ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ ලකුණු 1000 සීමාව පසුකළ 7වන ක්‍රීඩකයා බවට පත්වීමට හැකි වූ අතර, ඔවුන් අතරින් ලකුණු 1000 පසුකළ ක්‍රීඩකයින්ගෙන් එකඳු ඉනිමකදී ලකුණු 0කට දැවී යාමෙන් තොරව ලකුණු 1000 සීමාව සම්පූර්ණ කළ තුන්වන ක්‍රීඩකයා බවට පත්වීමට දිනේශ් චන්දිමාල් සමත්විය. (මීට පෙර කුසල් පෙරේරා හා ඇන්ජලෝ මැතිව්ස්)

 

 

ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ ලකුණු 1000 සීමාව පසු කර ඇති ක්‍රීඩ්ස්කයින්.

1) තිලකරත්න ඩිල්ශාන්

 

 

ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ ඉනිම් 79 ලකුණු 1889 ක් ලබාගැනීමට සමත්වී ඇති අතර, ඉනිමක සාමාන්‍ය 28.19ක් හා ලකුණු ලබාගැනීමේ වේගය 120.54ක් රඳවා ගැනීමට සමත්වී ඇත. ශතකයක් හා අර්ධ ශතක 13කට හිමිකම් කියන ඔහුගේ වැඩිම ලකුණු සංඛ්‍යාවක වනුයේ ඕස්ට්‍රේලියාවට එරෙහිව නොදැවී ලබාගත් ලකුණු 104 වේ.

තිලකරත්න ඩිල්ශාන් ලකුණු 1000 සම්පූර්ණ කිරීමට ඉනිම් 40ක් ක්‍රීඩා කර ඇත.

2) කුසල් ජනිත් පෙරේරා

 

 

කුසල් පෙරේරා ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ ඉනිම් 59කදී ලකුණු 1539ක් ලබාගැනීමට සමත්වී ඇති අතර, ඔහු ඉනිමක සාමාන්‍ය (AVE) 26.53ක් හා ලකුණු ලබාගැනීමේ වේගය (SR) 131.31 රඳවාගනිමින් පන්දුවට පහර දීමට සමත්වී ඇත. මේ වන විට අර්ධ ශතක 12කට හිමිකම් කියන කුසල් පෙරේරාගේ වැඩිම ලකුණු සංඛ්‍යාව වනුයේ පකිස්තානයට එරෙහිව ලබාගත් ලකුණු 84 වේ.

කුසල් පෙරේරා ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ ලකුණු 1000 සම්පූර්ණ කර ඇත්තේ ඉනිම් 34කදී වේ.

3) මහේල ජයවර්ධන

 

 

මහේල ජයවර්ධන ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ ඉනිම් 55කදී ලකුණු 1493ක් ලබාගැනීමට සමත්වී ඇති අතර, ඔහු ඉනිමක සාමාන්‍ය (AVE) 31.76ක් හා ලකුණු ලබාගැනීමේ වේගය (SR) 133.18 රඳවාගනිමින් පන්දුවට පහර දීමට සමත්වී ඇත. ඔහු ශතකයකට හා අර්ධ ශතක 9කට හිමිකම් කියන මහේල ජයවර්ධනගේ වැඩිම ලකුණු සංඛ්‍යාව වනුයේ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ලබාගත් ලකුණු 100 වේ.

මහේල ජයවර්ධන ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ ලකුණු 1000 සම්පූර්ණ කිරීමට හැකිවී ඇත්තේ ඉනිම් 40කදී වේ.

4) කුමාර් සංගක්කාර

 

 

සංගක්කාර ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ ඉනිම් 53කදී ලකුණු 1382ක් ලබාගැනීමට සමත්වී ඇති අතර, ඔහු ඉනිමක සාමාන්‍ය (AVE) 31.40ක් හා ලකුණු ලබාගැනීමේ වේගය (SR) 119.55 රඳවාගනිමින් පන්දුවට පහර දීමට සමත්වී ඇත. සංගක්කාර අර්ධ ශතක 8කට හිමිකම් කියන අතර ඔහුගේ වැඩිම ලකුණු සංඛ්‍යාව වනුයේ ඉන්දියාව එරෙහිව ලබාගත් ලකුණු 78 වේ.

කුමාර් සංගක්කාර ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ ලකුණු 1000 සම්පූර්ණ කර ඇත්තේ ඉනිම් 38කදී වේ.

5) ඇන්ජලෝ මැතිව්ස්

 

 

ඇන්ජලෝ මැතිව්ස් මේ වන විට ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ ඉනිම් 63කදී ලකුණු 1148ක් ලබාගැනීමට සමත්වී ඇති අතර, ඔහු ඉනිමක සාමාන්‍ය (AVE) 25.51ක් හා ලකුණු ලබාගැනීමේ වේගය (SR) 117.74ක් රඳවාගනිමින් පන්දුවට පහර දීමට සමත්වී ඇත. මේ වන විට අර්ධ ශතක 5කට හිමිකම් කියන මැතිව්ස්ගේ වැඩිම ලකුණු සංඛ්‍යාව වනුයේ නවසීලන්තයට එරෙහිව නොදැවී ලබාගත් ලකුණු 81 වේ.

ඇන්ජලෝ මැතිව්ස් 54 වෙනි ඉනිමේදී ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ ලකුණු 1000 සම්පූර්ණ කිරීමට සමත්වී ඇත.

6) තිසර පෙරේරා

 

 

තිසර පෙරේරා ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ ඉනිම් 70කදී ලකුණු 1047ක් ලබාගැනීමට සමත්වී ඇති අතර, ඔහු ඉනිමක සාමාන්‍ය (AVE) 21.36ක් හා ලකුණු ලබාගැනීමේ වේගය (SR) 146.63 රඳවාගනිමින් පන්දුවට පහර දීමට සමත්වී ඇත. ඔහු T20I අර්ධ ශතක 2කට හිමිකම් කියන අතර ඔහුගේ වැඩිම ලකුණු සංඛ්‍යාව වනුයේ බංගලාදේශයට එරෙහිව ලබාගත් ලකුණු 58 වේ.

තිසර පෙරේරා ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ ලකුණු 1000 සම්පූර්ණ කර ඇත්තේ ඉනිම් 64කදී ය.

7) දිනේශ් චන්දිමාල්

 

චන්දිමාල් ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ ඉනිම් 57කදී ලකුණු 1047ක් ලබාගැනීමට සමත්වී ඇති අතර, ඔහු ඉනිමක සාමාන්‍ය (AVE) 20.38ක් හා ලකුණු ලබාගැනීමේ වේගය (SR) 104.40ක් රඳවාගනිමින් පන්දුවට පහර දීමට සමත්වී ඇත. මේ වන විට අර්ධ ශතක 6කට හිමිකම් කියන චන්දිමාල්ගේ වැඩිම ලකුණු සංඛ්‍යාව වනුයේ දකුණු අප්‍රිකාවට එරෙහිව ලබාගත් ලකුණු 66 වේ.

(ලකුණු 1000 සම්පූර්ණ කිරීමට පන්දු 954ක් ලබාගෙන ඇති අතර මෙය, මෙතෙක් විස්සයි විස්ස පිටියේ ලකුණු 1000 සම්පූර්ණ කිරීමට ක්‍රීඩකයෙක් මුහුණදී ඇති වැඩිම පන්දු සංඛ්‍යාව වේ).

මීට අමතරව තුන්වන විස්සයි විස්ස තරඟයේදී මහීශ් තීක්ශණ විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් පන්දුවාර 4 අවසානයේදී ලකුණු 24කට කඩුලු 3ක් දවාගැනීමට සමත්වූ අතර, එය ඉතිහාස ගත වූයේ ශ්‍රී ලංකා දඟපන්දු යවනන්නෙක් ඕස්ට්‍රේලියාවේදී වාර්ථා කළ හොඳම පන්දු යැවීම ලෙසයි.

 

 

මීට පෙර එම වාර්ථාව සුරාජ් රන්දිව් සතු වූ අතර ඔහු 2010 දී පර්ත්හීදී ලකුණු 25කට කඩුලු 3ක් බිඳ හෙලීමට සමතවී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *