ඡේෂ්ඨ ක්‍රීඩකයින් ඉවත් කිරීම සම්බන්ධයෙන් ටී.එම් ඩිල්ශාන්ගෙන් තේරීම් කමිටුවට දැඩි විවේචනයක්..
ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයින් වන ටීම්.එම් ඩිල්ශාන්, සනත් ජයසූරිය හා රසන් ආනෝර්ඩ් එක්ව පැවතී සාකච්ඡාවකදී, නව තේරීම් කමිටුව මඟින් කරගෙන යන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් රසල් ආනෝර්ඩ් විසින් අසන ලද ප්‍රශ්නයකට ටී.එම් ඩිල්ශාන් දීර්ඝ ප්‍රකාශයක් එක් කර තිබුණා.
නව තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා කණ්ඩායමේ ඡේෂ්ඨ ක්‍රීඩකයින් කණ්ඩායමෙන් ඉවත් කර නවක ක්‍රීඩකයින් සමඟ ක්‍රීඩා කිරීමට ගත් තීරණය එතරම් සාර්ථක තීරණයක් නොවන ටී.එම් ඩිල්ශාන් විසින් ප්‍රකාශ කර සිටියා
“ලෝක කුසලානයක් ලඟ තියාගෙන එකපාරටම ඡේෂ්ඨ ක්‍රීඩකයින්ව එළියේ තියන එක සුදුසු නෑ. කණ්ඩායමක මැද පෙළට අත්දැකීම් බහුල ක්‍රීඩකයින් අවශ්‍යයි. බංගලාදේශ සංචාරයේදී අපි දැක්කා ඡේෂ්ඨ ක්‍රීඩකයින් නැති වීම නිසා වුණ පාඩුව. නවක ක්‍රීඩකයින් අවශ්‍යයි. නමුත් එකපාරටම ඡේෂ්ඨ ක්‍රීඩකයින් නැතුව, අත්දැකීම් බහුල හොඳ මැදපෙළ ක්‍රීඩකයින් නැති වුණාම උඩින් එන පිතිකරුවන්ට බය නැතුව පහරක් දෙකක් ගහන්න බැරි වෙනවා.”
“කුසල් පෙරේරා, කුසල් මෙන්ඩිස්, දනුශ්ක ගුණතිලක, දනන්ජය ද සිල්වා වගේ තරඟ වැඩි ගණනක් ක්‍රීඩා කරලා තියන ක්‍රීඩකයින් සිටියත්, මැද පෙළ ක්‍රීඩා කරලා තරඟ දිනවලා දෙන්න කවුරුත් නැහැ. අඩුම ගානේ ඇන්ජලෝ මැතිව්ස්, ළහිරු තිරිමාන්නව සමඟ හරි ක්‍රීඩා කරන්න තිබුණා. ඇන්ජලෝ මැතිවුස් මේ දවස්වල හොඳට ලකුණු ගහන්නේ නැහැ. නමුත් මැතිව්ස් ලංකාවේ මැච් ගොඩක් දිනවලා දීලා තියනවා.”

“අනිත් ප්‍රශ්නය තමයි කණ්ඩායමේ නායකයින් ගොඩාක් ඉන්න එක. හැමෝම උත්සහ කරන්නේ නායකත්වය ලබා ගන්න. එක නායකයෙකුට කියන්න ඕනේ යම් කාලසීමාවක් අරගෙන ඒ කාලය වෙනකන් ඔයා තමයි නායකයා කියලා. ඒ කාලේ මට වුණා වගේ එකපාරටම නායකත්වය මාරු කරන්න හොඳ නැහැ. එහෙම එකපාරටම නායකත්වය මාරු කරාම වෙන්නේ ක්‍රීඩකයින් එකේක පැති වලට අදින එක. කුසල් ජනිත්ට කියලා තියනවා ඔහුට සීරිස් දෙකයි නායකත්වය දීලා තියෙන්නේ කියලා. එතකොට වෙන්නේ අනිත් ක්‍රීඩකයින් උපරිම දායකත්වය ලබා දෙන එක අඩු වෙනවා. මට මතකයි සමහර තරුණ ක්‍රීඩකයින් පවා කියලා තියනවා එයාගෙත් ප්ලෑන් එක නායකත්වය ලබා ගන්න එක කියලා. එහෙම ප්ලෑන් එකක ඉන්න එක හොඳයි. නමුත් ඉස්සර වෙල කණ්ඩායමේ ස්ථානයක් හදාගෙන ඉන්න ඕනේ.”

“කෙටි කාලීන, දිගු කාලීන කියලා ප්ලෑන් වලට වැඩ කරනවා කියලා තේරීම් කමිටුව කියලා තියනවා. හැබැයි අන්තිම අවුරුදු 10-15 දීම එක ප්ලෑන් එකක ඉදලා නෑ. ආණ්ඩුව මාරු වෙනවා වගේ එකම තේරීම් කමිටුවමයි හැමදාම එන්නේ. කවදාවත් අපේ එක නීතියක් නැහැ. එක තේරීම් කමිටුවකින් කරගෙන ගිය ප්ලෑන් එක, අලුත් තේරීම් කමිටුවක් පත් වුණාම ඒගොල්ලොන්ට දීලා යන්න ඕනේ මෙච්චර කල් කරගෙන ආපු විදිහෙන් 90%ක් වත් කරන්න බලන්න කියලා. දැන් වෙලා තියෙන්නේ අලුත් කට්ටියක් ආපු ගමන් කලින් සැලසුම් ඔක්කෝම අයින් කරලා ආයෙමත් අලුත්ම සැලසුමකට යනවා. ඔය ප්‍රශ්න තියනකන් කවදාවත් අපේ ක්‍රිකට් හදන්න බෑ.”