“ජනිත් ලියනගේ කණ්ඩායම එනවනම් චරිත් අසලංක වෙනුවට එන්න ඕනේ” රසල් ආනල්ඩ් පවසයි.

ඕස්ට්‍රේලියාවේ පැවැත්වන ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර විස්සයි විස්ස තරඟාවලියේ තුන්වන තරඟයෙන් ද ශ්‍රී ලංකාව පහසුවෙන් පරාජයට පත්කිරීමට ඕස්ට්‍රේලියාව සමත්වූ අතර, ඊයේ (16) සනත් ජයසූරිය , රසල් ආනල්ඩ්, රොශාන් අබේසිංහ හා ප්‍රේක්ෂකයින් නියෝජනය කරමින් එක් ක්‍රිකට් ප්‍රේක්ෂකයෙක්, Chilling with russel යූටියුබ් නාකිකාව ඔස්සේ සජීවීව පැමිණ තුන්වන තරඟය සම්බන්ධයෙන් සාකච්ඡාවක් සිදුකරනු ලැබූවා.

 

 

එහිදී ප්‍රථම වශයෙන් ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු වන දනුශ්ක ගුණතිලක ක්‍රීඩා කළ තරඟ තුනේදීම අසාර්ථක වීම සම්බන්ධයෙන් රසල් ආනල්ඩ් පවසා සිටියේ ඔහු පන්දුවට පහරදෙන ආකාරය සම්බන්ධයෙන ප්‍රශ්නයක් නැති බවත් ඔහු අනවශ්‍ය පහරවල් වලට යාමෙන් දැවී යන බවයි.

“දනුශ්කගේ ෆෝම් එක ගත්තොත්, ඔහු බෝලෙට ගහන විදිහ එතන ප්‍රශ්නයක් නෑ. හැබැයි දනුශ්ක ගුණතිලකට බෝලෙට කෙලින් ගහන්න පවර් එක තිබ්බත්, එයා රිවර්ස්වීප් එකක් ගහන්න ආසාවට ආපු ගමන් ගහන්න යනවා. කවදාවත් ලකුණු එන්නෑ හැමදාම අවුට්. ඒක හරියට ප්‍රැක්ට්‍රිස් කරලා හොඳටම පුරුදු උනාට පස්සේ ඒක ගහන්න ඕනේ.”

 

 

ජාතික කණ්ඩායම සමඟින් ඕස්ට්‍රේලියාවේ ප්‍රථම වතාවට ක්‍රීඩා කරන යොවුන් ක්‍රීඩක චරිත් අසලංක, වේගපන්දු යවන්නන්ට මුහුණදෙන විට ක්‍රීස් එකෙන් ඉදිරියට හෝ පසුපසට ගොස් පන්දුවට පහරදීමට තීරණය කළ යුතු බව රසල් ආනල්ඩ් පවසා සිටියා.

චරිත් අසලංක හැම ඉනිමේදීම එක්ට්‍රා බවුන්ස් එකට අවුට් වෙනවා. අසලංක බලන්න ඕනේ ක්‍රීස් එකට ඉස්සරහට හරි පස්සට හරි ගිහිල්ලා බැට් කරන්න ඕනේ. සාමාන්‍යයෙන් බෝලර්ස්ලා ප්‍රැක්ට්‍රිස් කරන්නේ බැට්ස්මන්ලා ක්‍රීස් එකේ ඉදන් ගහනවා කියලා. එහෙම ක්‍රීස් එකෙන් ඉස්සරහට හරි පස්සට හරි ගිහිල්ලා ගහන කොට බෝලර්ස්ලාට ලෙන්ත් වෙනස් වෙනවා. ඒක තමා හොඳම විසදුම.

 

 

තවද, කණ්ඩායමේ මේ වන විට හොඳන්ම පන්දුවට පහරදෙමින් සිටින චරිත් අසලංකගේ වැරැද්දක් පෙන්නා දුන් රසල් පවසා සිටියේ ඔහු සෑම ඉනිමේදීම මිඩ්විකට් හීදී පන්දු රකින්නෙක් සිටින විට ඉහළින් පන්දුවට පහර දීමෙන් දැවී යන බවයි.

“පැතුම් නිස්සංක හොඳටම පන්දුවට පහර දෙනවා, නමුත් ඔහු මැච් තුනේදිම මිඩ්විකට් එකට උඩින් ගහලා අවුට් වෙනවා. ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩාංගණ ලොකු වැඩියි. අපේ බැට්ස්මන්ලාට ලොකු හයේ ඒවා ගහන්න පවර් එකක් නැහැ. එ නිසා එතන පන්දු රකින්නෙක් ඉන්න කොට උඩින් ගහන්නතුව ගැප්ස් වලට ගහලා ලකුණු එක, දෙක ලබාගන්න ඕනේ.

නමුත් ලංකාවේ ග්‍රවුන්ඩ් වල ඒ විදිහට ගැහුවොත් අනිවාර්යයෙන්ම හයයි. දැන් පැතුම් නිස්සංකට තේරෙන්න ඕනේ ඕස්ට්‍රේලියාවේ ග්‍රවුන්ඩ් ලොකුයි කියලා.”

 

 

අවිශ්ක ප්‍රනාන්දු තරඟ දෙකේදීම අසාර්ථක වූ පසු, සංචිතයේ ජනිත් ලියනගේ වැනි තවත් පිතිකරුවන් සිටියත් කොවිඩ් රෝගය වැළදී සුවවූ විගසම කුසල් මෙන්ඩිස් සමඟින් තුන්වැනි තරඟ ක්‍රීඩා කිරීම සම්බන්ධයෙන් රසල් ආනල්ඩ් ප්‍රකාශ කර සිටියේ කුසල් මෙන්ඩිස්ගේ අත්දැකීම හේතුවෙන් ඔහුට අවස්ථාව ලැබුණ බවයි.

 

 

“නවක ක්‍රීඩක ජනිත් ලියනගේට අවස්ථාවක් ලැබෙන්නත් පුලුවන්. නමුත් මේ අවුරුද්දේ ලෝක කුසලානයත් ඕස්ට්‍රේලියාවේ තියන නිසා අපේ හොඳම ක්‍රීඩකයින්ට මෙහෙ කන්ඩිශන්ස් වලට හුරු වෙන්න ඕන නිසා තමයි අපේ ටොප් ප්ලේයර්ස්ලා එක්ක සෙල්ලම් කරන්නේ. අවිශ්ක ප්‍රනාන්දු ෆේල් වුණ නිසා ඔහු වෙනුවට කුසල් මෙන්ඩිස් කොවිඩ් වලින් හොඳ වුණ ගමන් ටීම් එකට ආවේ, ඔහු අනෙක් ක්‍රීඩකයින්ට වඩා අත්දැකීම් වලින් වැඩි නිසා.”

 

 

මේ අතර, ජනිත් ලියනගේ කණ්ඩායමට පැමිණෙනවානම්, ඔහු පැමිණිය යුත්තේ කුසල් මෙන්ඩිස්, අවිශ්ක, දනුශ්ක ගුණතිලක වෙනුවට නොව, චරිත් අසලංක වෙනුවට බව ද ඔහු පවසා සිටියා.

“අපේ කණ්ඩායමේ අසලංක මැච් තුනේදිම ෆේල් වුණ නිසා ඔහු වෙනුවට වෙනත් ක්‍රීඩකයෙක් තෝරගන්න වුණොත් ඒකට ගැලපෙන්නේ ජනිත් ලියනගේ. අවිශ්ක ප්‍රනාන්දුයි , කුසල් මෙන්ඩිසුයි, දනුශ්ක ගුණතිලක කියන්නේ එක වගේ පන්දුවට පහර දෙන ක්‍රීඩකයින්. ඔහුන් වෙනුවට ජනිත් ලියනගේව රිප්ලේස් කරන්න බැහැ.

 

 

අපිට පැතුම් නිස්සංක , චරිත් අසලංක , ජනිත් ලියනගේ කියන තුන් දෙනාම T20 තරඟයක එකම කණ්ඩායමේ තියන්න බැහැ. මොකද, ඒ තුන්දෙනාම රනබෝල් ගහලා ඉනිම ඇදගෙන යන කට්ටිය. දැන් පැතුම් නිස්සංක ඒක හොඳටම කරගෙන යන නිසා අසලංකගේ ස්ථානය වෙනසක් කරනවානම් ජනිත් ලියනගේට කණ්ඩායමට එන්න අවස්ථාව තියනවා.”

 

 

තුන්වන තරඟයේදී ආබාධයට ලක් වූ නුවන් තුශාරටත්, කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් වනිඳු හසරංගටත් මීලඟ තරඟ ක්‍රීඩා කිරීමට නොහැකි වන බැවින් එම ක්‍රීඩකයින් දෙදෙනා වෙනුවට, ක්‍රීඩා කළ යිතු ක්‍රීඩකයි  කවුරුන්ද යන්න ප්‍රේක්ෂකයින් නියෝජනය කරමින් වැඩහටහනට පැමිණ සිටි හිරුන (Hiru Cricinfo Facebook Page Admin) පැවසූවේ මෙවැන්නක්,

 

 

“ලහිරු කුමාර, ලසිත් මාලිංග එක්ක පුහුණුවීම් කළ නිසා කුමාරගේ බෝලින් වැඩිදියුණු වෙලා කියලා හිතනවා. ස්කොඩ් එකේ ශිරාන් ප්‍රනාන්දු තවම ක්‍රීඩා කරලා නැති නිසාත්, ලහිරු කුමාරගේ එක්ස්පීරියන්ස් එක නිසාත් ලහිරු කුමාරට චාන්ස් එකක් දුන්නනම් හොඳයි කියලා හිතනවා. නුවන් තුශාර ආබාධයකට ලක් වුණ නිසා ලහිරු කුමාරට අවස්ථාවක් ලබාදෙන්න පුලුවන්. වනිඳු හසරංගේ ස්ථානය වෙනුවට ප්‍රවීන් ජයවික්‍රම ක්‍රීඩා කරනවානම් හොඳයි. “

Leave a Reply

Your email address will not be published. Required fields are marked *