ජැෆ්නා කණ්ඩායම නැශනල් සුපර් ලීග් සිව්දින තරඟාවලියේ අවසන් මහා තරඟයට.
2022 National Super League Provincial 4-Day තරඟාවලියේ අර්ධ අවසන් පූර්ව තරඟයක් ලෙස පැවතී කොළඹ කණ්ඩායම හා ජැෆ්නා කණ්ඩායම අතර තරඟයෙන් කඩුලු 9ක් ජයක් වාර්ථා කිරීමට ජැෆ්නා කණ්ඩායම සමත්වුණා.
තරඟයේ කාසියේ වාසිය දිනාගත් ගත් කොළඹ් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න පලමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඔවුන්ට පලමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 272ක් පමණයි.
එහිදී කොළඹ පලමු ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ කුසල් මෙන්ඩිස් විශිෂ්ට ශතකයක් රැස්කළ අතර ඔහු පන්දු 241කට මුහුණදෙමින් හතරේ පහර 10ක් සමඟින් නොදැවී ලකුණු 114ක් ලබාගැනීමට සමත්විය.
ඊට අමතරව ආරම්භක පිතිකරුවන් වන ක්‍රිශාන් සන්ජුල හා නායක දිමුත් කරුණාරත්න යන ක්‍රීඩකයින් දෙදෙනාම ලකුණු 39 බැවින් ලබාගත් අතර, මාධව වර්ණපුර පන්දු 150කට මුහුණදෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 42ක් ලබාගැනීමට සමත්විය.
පන්දු යැවීමේදී, විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ජැෆ්නා කණ්ඩායමේ නායක දනංජය ද සිල්වා පන්දුවාර 20ක් ක්‍රියාත්මක කරමින් ලකුණු 48කට කඩුලු 5ක් බිඳදැමීමට සමත්වුණා. ඔහුගේ පන්දු හමුවේ දැවීගිය ක්‍රීඩකයින් වනුයේ දිමුත් කරුණාරත්න, ප්‍රමෝද් මධුවන්ත, සිතාර ගිම්හාන්, ලක්ශිත මනසිංහ හා නලීන් ප්‍රියදර්ශන වේ.
ඊට අමතරව ජෙෆ්රි වැන්ඩසේ ලකුණු 59කට කඩුලු 2ක් හා දිලුම් සුදීර ලකුණු 92කට කඩුලු 2ක් බිඳ දැමූ අතර, නුවන් ප්‍රදීප් ද ලකුණු 30කට එක් කඩුල්ලක් බිඳදැමීය.
ඉන් අනතුරුව ජැෆ්නා කණ්ඩායම සිය පලමු ඉනිම ආරම්භ කළ අතර ඔවුන් පලමු ඉනිම සඳහා සියලුදෙනා දැවී ලකුණු 339ක් ලබාගැනීමට සමත්විය.
ජැෆ්නා පලමු ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ සුමින්ද ප්‍රනාන්දු පන්දු 227කදී හතරේ පහර 8ක් සමඟින් ලකුණු 123ක් ලබාගැනීමට සමත්විය.
ඊට අමතරව ආරම්භක පිතිකරු නවෝද් පරණවිතාන පන්දු 59කදී හතරේ පහර 5ක් සමඟින් ලකුණු 42ක් හා සදීර සමරවික්‍රම පන්දු 70කදී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 32ක් ලබාගත් අතර, නිපුන් මාලිංග පන්දු 84කදී හතරේ පහර 6ක් හා හයේ පහර 6ක් සමඟින් ලකුණු 80ක් ලබාගැනීමට සමත්විය.
පන්දු යැවීමේදී කවික ඩිල්ශාන් පන්දුවාර 36.3ක් ක්‍රියාත්මක කරමින් ලකුණු 124කට කඩුලු 6ක් බිඳදැමූ අතර, නලින් ප්‍රියදර්ශන ලකුණු 68කට කඩුලු 2ක් හා නිසල තාරක , කසුන් රාජිත අතරේද එක් කඩුල්ල බැඟින් බෙදීගියා.
ජැෆ්නා පලමු ඉනිමට වඩා ලකුණු 67ක් පසුපසින් සිට කොළඹ කණ්ඩායම සිය දෙවන ඉනිම ආරම්භක කළ අතර ඔවුන් දෙවන ඉනිම වෙනුවෙන් සියලුම දෙනා දැවී ලබාගැනීමට හැකිවූයේ 158ක් පමණයි.
කොළඹ දෙවන ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූයේ ප්‍රමෝද් මදුවන්ත වේ. ඔහු පන්දු 137කට මුහුණදෙමින් හතරේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 54ක් රැස්කර ගැනීමට සමත්විය.
ඊට අමතරව පලමු ඉනිමේ වටිනා ශතකයක් රැස්කර ගත් කුසල් මෙන්ඩිස් මම ඉනිමේදී පන්දු 71කදී හතරේ පහර 2ක් සමඟින් ලකුණු 39ක් ලබාගත් අතර, අන්කිසිඳු පිතිකරුවෙකුට ලකුණු 20 සීමාවටවත් ලඟා වීමට ජැෆ්නා පන්දුයවන්නන් ඉඩ ලබාදුන්නේ නැහැ. නායක දිමුත් කරුණාරත්න ලකුණු ලබාගැනීමට පෙර දනංජය ද සිල්වා විසින් දවාගනු ලැබීය.
පන්දු යැවීමේදී දිලුම් සුදීර ලකුණු 35කදී කඩුලු 3ක් දවාගත් අතර, ජෙෆ්රි වැන්ඩසේ ලකුණු 22කට කඩුලු 2ක් , දනංජය ද සිල්වා ලකුණු 55කට කඩුලු 2ක් හා නිපුන් මාලිංග , නවෝද් පරණවිතාන අතරේද එක් කඩුලු බැඟින් බෙදීගියා.
ඒ අනුව ජැෆ්නා කණ්ඩායම ජයග්‍රහණය සඳහා හිමිවූයේ ලකුණු 92ක පහසු ඉලක්කයකි. ඔවුන් පන්දුවාර 23කදී එක් කඩුල්ලක් දැවී ලකුණු 95ක් ලබාගනිමින් තරඟය ජයග්‍රහණය කිරීමට සමත්විය.
එහිදී නොදැවී කඩුල්ලේ රැඳී සිටි ආරම්භක පිතිකරු නවෝද් පරණවිතාන පන්දු 84කදී හතරේ පහර 9ක් සමඟින් ලකුණු 59ක් ලබාගත් අතර, දැවීගිය පිතිකරු නිශාන් මදුශන්ක පන්දු 47කදී ලකුණු 32ක් ද ලබාගැනීමට සමත්වුණා.
ඒ අනුව, මෙවර තරඟාවලියේ අවසන් පූර්ව තරඟයක් ලෙස පැවතී මෙම තරඟයෙන් ජැෆ්නා කණ්ඩායම කඩුලු 9ක ජයක් වාර්තා කළ අතර අප්‍රේල් මස 7 වන දින නුවර කණ්ඩායම සමඟින් අවසන් මහා තරඟය ක්‍රීඩා කිරීමට නියමිතයි.