ජැෆ්නා කණ්ඩායම පරදා, කමිඳුගේ නායකත්වයෙන් යුත් නුවර කණ්ඩායම විශිෂ්ට ජයක්.

(වීඩියෝ එක පහළින් නැරඹිය හැක) 2022 නැශනල් සුපර් ලීග් එක්දින තරඟාවලියේ 3වන තරඟය ලෙස අද (26) පැවතී නුවර කණ්ඩායම හා යාපනය කණ්ඩායම අතර තරඟයෙන් කඩුලු 6ක විශිෂ්ඨ ලබාගැනීමට කමිඳු මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුත් නුවර කණ්ඩායම සමත්විය.

 

තරඟයේ කාසියේ වාසිය දිනාගත් නුවර කණ්ඩායම පලමුව පන්දු යැවීමට තීරණය කළ අතර, ඒ අනුව පලමුව පන්දුවට පහරදුන් යාපනය කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 8ක් දැවී ලකුණු 246ක් ලබාගැනීමට සමත්වුණා.

යාපනය ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ ඡේෂ්ඨ ක්‍රීඩක ලහිරු තිරිමාන්න පන්දු 74කදී හතරේ පහර 2ක් සමඟින් ලකුණු 56ක් ලබාගැනීමට සමත්විය.

 

ඊට අමතරව සන්තුශ් ගුණතිලක පන්දු 50කදී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 45ක් ලබාගත් අතර, යොවුන් ක්‍රීඩක ජනිත් ලියනගේ පන්දු 63කදී හතරේ පහර 3ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 41ක් ලබාගැනීමට සමත්විය.

 

පන්දු යැවීමේ නිපුන් රන්සික විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙනින්, පන්දුවාර 8ක් අවසානයේදී ලකුණු 41ක් පමණක් ප්‍රතිවාදී කණ්ඩායමට ලබාදෙමින් කඩුලු 3ක් දවාගැනීමට සමත් විය. ඔහුගේ පන්දු හමුවේ දැවී ගිය ක්‍රීඩකයින් වනුයේ ලහිරු තිරිමාන්න , සදීර සමරවික්‍රම හා ජනිත් ලියනගේ වේ.

 

ඊට අමතරව, අසිත ප්‍රනාන්දු ලකුණු ලකුණු 51කට කඩුලු 2ක්, පුලින තරංග ලකුණු 45කට කඩුලු 2ක් දවාගත් අතර, කමිඳු මෙන්ඩිස්ද ලකුණු 36කට එක් කඩුල්ලක් දවාගැනීමට සමත් විය.

ඉන් අනතුරුව, ලකුණු 247ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසී නුවර කණ්ඩායම පන්දුවාර 39.4 ක් අවසානයේදී කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 247ක් ලබාගනිමින් තරඟය පහසුවෙන්ම ජයග්‍රහණය කිරීමට සමත්විය.

නුවර ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ ආරම්භක පිතිකරු නිරෝශන් දික්වැල්ල පන්දු 45කදී හතරේ පහර 7ක් හා හයේ පහර 4ක් සමඟින් ලකුණු 69ක් ලබාගැනීමට සමත්විය.

 

ඊට අමතරව නායක කමිඳු මෙන්ඩිස් නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කරමින්, පන්දු 45කදී හතරේ පහර 5ක් හා එක් හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 57ක් ලබාගත් අතර, කමිල් මිශාර පන්දු 52කදී ලකුණු 34ක් හා, පැතුම් නිස්සංක පන්දු 45කදී ලකුණු 32ක් ද ලබාගැනීමට සමත්විය.

 

යාපනය කණ්ඩායන වෙනුවෙන් පන්දු යැවීමේදී ශිරාන් ප්‍රනාන්දු ලකුණු 33කට කඩුලු 2ක් දවාගත් අතර, නුවන් ප්‍රදීප් හා ජෙෆ්රි වැන්ඩසේ අතරේ ද එක් කඩුල්ල බැඟින් බෙදී ගියේය.

ඒ අනුව, නුවර කණ්ඩායම මේවර තරඟාවලියේ මුහුණදුන් පලමු තරඟයෙන්ම ජයග්‍රහණය කිරීමට සමත්වූ අතර, තරඟයේ වීරයා සම්මාන දිනාගනු ලැබූයේ පන්දු 45කදී වේගවත් ලකුණු 69ක් ලබාගත් නිරෝශන් දික්වැල්ල වේ.

 

 

නිරෝශන් දික්වැල්ල එල්ල කළ හයේ පහරවල් 4 වීඩියෝව,

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *