ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම පරාජයට පත් කරමින් ගෝල් ග්ලැඩියේටස් කණ්ඩායම අවසන් මහා තරඟයට.
ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ Qualifier 1 ලෙස අද (19) තරඟය පැවතී ජැෆ්නා කින්ග් කණ්ඩායම හා ගෝල් ග්ලැඩියේටස් කණ්ඩායම අතර තරඟයෙන් ලකුණු 64ක විශිෂ්ට ජයක් වාර්ථා කිරීමට ගෝල් ග්ලැඩියේටස් කණ්ඩායම සමත් වුණා. (වීඩියෝ එක පහළින් නැරඹිය හැක)
තරඟයේ කාසියේ වාසිය දිනාගත් ජැෆ්නා කින්ග්ස් නායක තිසර පෙරේරා පලමුව පන්දු යැවීමට තීරණය කළ අතර, ඒ අනුව පලමුව පන්දුවට පහර දුන් ගෝල් ග්ලැඩියේටස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 5ක් පමණ දැවී ලකුණු 188ක් ලබාගැනීමට සමත්විය.
ජැෆ්නා කින්ග්ස් ඉනිමේ වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් පන්දු 53කදී පහරේ පහර 7ක් හා හයේ පහර 4ක් සමඟින් ලකුණු 85ක් ලබාගැනීමට සමත්විය.
ඊට අමතරව කුසල් මෙන්ඩිස් සමඟින් ඉනිම ආරම්භ කළ දනුශ්ක ගුණතිලක පන්දු 42කදී හහරේ පහර 6ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 55ක් ලබාගැනීමට සමත් වූ අතර නායක භානුක රාජපක්ෂ පන්දු 15කදී හයේ පහර 3ක් හා සමඟින් වේගවත් ලකුණු 25ක් ලබාගැනීමට සමත් විය.
පන්දු යැවීමේදී වහබ් රියාස් ලකුණු 39කට කඩුලු දෙකක් හා, තිසර පෙරේරා ලකුණු 36කට කඩුලු දෙකක් ලබාගත් අතර, සුරංග ලක්මාල් ලකුණු 29කට එක් කඩුල්ලක් දවාගැනීමට සමත් විය. මේ අතර අද දින තිසර පෙරේරා තම T20 ක්‍රිකට් ඉතිහාසයේ කඩුලු 250 සීමාව පසුකිරීමටද සමත් වුණා.
අනතුරුව ලකුණු 189ක දැවැන්ත ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසී ජැෆ්නා කින්ග්ස් කණ්ඩායමට පන්දුවාර 16.5ක් අවසානයේදී සියලුදෙනාම දැවි ලබාගැනීමට හැකි වූයේ ලකුණු 125 ක් පමණයි.
ජැෆ්නා කින්ග්ස් ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ Rahmanullah Gurbaz පන්දු 37කදී හතරේ පහර 4ක් හා හයේ පහරවල් 3ක් සමඟින් ලකුණු 59ක් ලබාගැනීමට සමත් විය.
ඊට අමතරව තුන්ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග පන්දු 15කදී හතරේ පහර තුනක් හා හයේ පහරවල් 2ක් සමඟින් ලකුණු 29ක් ලබාගත් අතර , අන් කිසිඳු ක්‍රීඩකයෙකුට ලකුණු 10 සීමාවටවත් පැමිණීමට නොහැකි විය. ජැෆ්නා කින්ග්ස් නායක තිසර පෙරේරා හට ලබාගැනීමට හැකි වූයේ ලකුණු 4ක් පමණයි.
පන්දු යැවීමේදී නුවන් තුශාර විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් පන්දුවාර 3.5 ක් අවසානයේදී ලකුණු 13කට කඩුලු 6ක් දවාගත් ගැනීමට සමත්වූ අතර, Anwar Ali, මොහොමඩ් අමීර් , ඉසුරු උදාන හා පුලින තරංග ද එක් කඩුල්ල බැඟින් දවාගැනීමට සමත් විය.
ඒ අනුව ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම පරාජයට පත් කරමින්, ගෝල් ග්ලැඩියේටස් කණ්ඩායම අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා ගත් අතර තරඟයේ වීරයා සම්මානය දිනාගැනීමට සමත් වූයේ පන්දු 53කදී ලකුණු 85ක් ලබාගත් කුසල් මෙන්ඩිස් වේ.
නුවන් තුශාර රැකගත් සුපිරි උඩපන්දුව (වීඩියෝ)
Nuwan Thushara ❤️?#LPL2021 #GGvsJK pic.twitter.com/yQt6hRbJOC
— Stay Cricket (@staycricket) December 19, 2021