ජැෆ්නා හා කොළඹ කණ්ඩායම අතර පැවතී සිවිදින තරඟය ජය – පරාජයෙන් තොරව නිමාවෙයි.

මේ දිනවල පැවැත්වන National Super Provincial 4-Day තරඟාවලියේ දෙවන තරඟය ලෙස පැවතී ජැෆ්නා කණ්ඩායම හා කොළඹ කණ්ඩායම අතර තරඟය ජය පරාජයෙන් තොරව පෙබරවාරි 27 වන දින නිමා වුණා.

 

තරඟයේ කාසියේ වාසිය දිනාගත් ජැෆ්නා නායක සදීර සමරවික්‍රම පලමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඔවුන් පලමු ඉනිම වෙනුවෙන් සියලුම දෙනා දැවී ලකුණු 555ක් ලබාගැනීමට සමත්වුණා.

ජැෆ්නා පලමු ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ සුමින්ද ප්‍රනාන්දු පන්දු 241කදී හතරේ පහර 16ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 141ක් ලබාගත් අතර නායක සදීර සමරවික්‍රම පන්දු 87කදී ලකුණු 58ක් ලබාගැනීමට සමත්විය.

 

ඊට අමතරව ආරම්භක පිතිකරු නවෝද් පතිරණ පන්දු 171කදී ලකුණු 77ක් හා, යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ පන්දු 145කදී හතරේ පහර 11ක් සමඟින් ලකුණු 74ක් ලබාගත් අතර, සන්තුශ් ගුණතිලක ලකුණු 61ක් හා ගීත් කුමාර ලකුණු 61ක් ද ලබාගැනීමට සමත්විය.

 

පන්දු යැවීමේදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ප්‍රබාද් ජයසුන්දර පන්දුවාර 62.4ක් ක්‍රියාත්මක කරමින් ලකුණු 169කට කඩුලු 6ක් බිඳ හෙලීමට සමත්වූ අතර, ලහිරු මධුසංක හා සම්මු අශාන් අතරේ ද එක් කඩුල්ල බැඟින් බෙදීගියේය.

 

අනතුරුව පලමු ඉනිම ක්‍රීඩා කළ කොළබ කණ්ඩායමට පන්දුවාර 109.5ක් අවසානයේදී සියලුම දෙනා දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 360ක් පමණි.

එහිදී කොළබ කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට ඉනිම ක්‍රීඩා කළ රොශේන් සිල්වා පන්දු 259කට මුහුණදෙමින් හතරේ පහර 19ක් සමඟින් නොදැවී ලකුණු 174ක් ලබාගැනීමට සමත්විය.

 

ඊට අමතරව නිසල් තාරක පන්දු 81කට ලකුණු 38ක් හා ක්‍රිශාන් සන්ජුල පන්දු 92කදී ලකුණු 35ක් ලබාගත් අන් කිසිදු පිතිකරුවෙකුට ලකුණු 30සීමාවටවත් ලඟාවීමට ජැෆ්නා පන්දු යවන්නන් ඉඩලබාදුන්නේ නැහැ. (නායක සම්මු අශාන් – 16 , නුවනිඳු ප්‍රනාන්දු – 28 , අශේන් බන්ඩාර – 28)

පන්දු යැවීමේදී කල්හාර සෙනවිරත්න, දුනිත් වෙල්ලාලගේ, කසුන් මධුසංක කඩුලු දෙක බැඟින් ලබාගත් අතර, ප්‍රමෝද් මදුශාන් , නිපුන් මාලිංග, සන්තුශ් ගුණතිලක හා ගීත් කුමාර අතරේ එක් කඩුල්ල බැඟින් බෙදීගියේය.

 

පලමු ඉනිමේ ලද ලකුණු 195ක වාසියත් සමඟින් දෙවෙනි ඉනිම ආරම්භක කළ ජැෆ්නා කණ්ඩායම පන්දුවාර  53.1කදී කඩුලු 9ක් දැවී ලකුණු 217ක් ලබාගත් අතර තරඟයට නියමිත කාලය අවසන්වීම හේතුවෙන් තරඟය ජය පැරදුමෙන් තොරව නිමාවට පත්විය.

ජැෆ්නා දෙවෙනි ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ නායක සදීර සමරවික්‍රම පන්දු 118කදී හතරේ පහර 11ක් සමඟින් ලකුණු 96ක් ලබාගැනීමට සමත්වූ අතර, ආරම්භක පිතිකරු නිශාන් මදුශ්ක ලකුණු 40ක් ලබාගැනීමට සමත්විය.

 

ජැෆ්නා දෙවෙනි ඉනිමේ කඩුලු දෙකක් අශේන් බන්ඩාර විසින් ලබාගත් අතර සම්මු අශාන් , ලහිරු මදුශන්ක හා හිමේශ්‍ රාමනායක අතරේ එක් කඩුල්ක බඟින් බෙදිගියේය.

ජැෆ්නා පලමු ඉනිම් – 555 ALL OUT
කොළඹ පලමු ඉනිම – 360 ALL OUT
ජැෆ්නා දෙවෙනි ඉනිම – 217/9 d

Leave a Reply

Your email address will not be published. Required fields are marked *