ජේසන් රෝයිගේ වේගවත් ශතකය හේතුවෙන්, Quetta Gladiators කණ්ඩායමට විශිෂ්ට ජයක්.

(වීඩියෝව පහළින් නැරඹිය හැක) පකිස්ථාන් සුපර් ලීග් තරඟාවලියේ 15වන තරඟය ලෙස ඊයේ (7) පැවතී Lahore Qalandars කණ්ඩායම හා Quetta Gladiators කණ්ඩායම අතර තරඟයෙන් කඩුලු 7ක විශිෂ්ට ජයක් වාර්ථා කිරීමට Sarfaraz Ahmedගේ නායකත්වයෙන් යුත් Quetta Gladiators කණ්ඩායම සමත්වුණා.

 

තරඟයේදී කාසියේ වාසිය දිනාගත් Quetta Gladiators කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට Lahore Qalandars කණ්ඩායමට ආරාධනා කළ අතර, ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 5ක් දැවී ලකුණු 204ක් ලබාගැනීමට සමත්විය.

Lahore Qalandars ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ ආරම්භක පිතිකරු Fakhar Zaman පන්දු 45කදී හතරේ පහර 3ක් හා හයේ පහර 3ක් සමඟින් ලකුණු 70ක් ලබාගැනීමට සමත්විය.

 

ඊට අමතරව, Abdullah Shafique පන්දු 27කදී හතරේ පහරක් හා හයේ 2ක් සමඟින් ලකුණු 32ක් රැස්කළ අතර, ඉනිම අවසානයේදී වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ Harry Brook පන්දු 17කදී හතරේ පහර 4ක් හා හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 41ක් ලබාගැනීමට සමත්වුණා.

 

පන්දු යැවීමේදී Quetta Gladiators කණ්ඩායමේ Ghulam Madussar පන්දුවාර 4 අවසානයේදී ලකුණු 45කට කඩුලු 2ක් දවාගත් අතර, Luke Wood හා Iftikhar Ahmed අතරේ එක් කඩුල්ල බැඟින් බෙදීගියා.

අනතුරුව ලකුණු 205ක දැවැන්ත ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසී Quetta Gladiators කණ්ඩායම පන්දුවාර 19.3ක් අවසානයේදී කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 207ක් ලබාගනිමින් තරඟය විශිෂ්ට ලෙස ජයග්‍රහණය කිරීමට සමත්වුණා.

Quetta Gladiators ඉනිම වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් වේගවත් ශතකයක් ලබාගත් ආරම්භක පිතිකරු Jason Roy පන්දු 57කදී හතරේ පහර 11ක් හා හයේ පහර 8ක් සමඟින් ලකුණු 116ක් ලබාගැනීමට සමත්විය.

 

ඊට අමතරව, James Vince පන්දු 38කදී හතරේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 49ක් ලබාගත් අතර, Mohammed Nawaz පන්දු 12කදී හතරේ පහරක් හා හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 25ක් ද ලබාගැනීමට සමත්විය.

 

පන්දු යැවීමේදී, Haris Rauf, Kamran Ghulam හා David Wiese අතරේ එක් කඩුල්ල බැඟින් බෙදීගියේය.

ඒ අනුව, Lahore Qalandars කණ්ඩායමට එරෙහිව පැවතී මෙම තරඟය Quetta Gladiators කණ්ඩායම  විශිෂ්ට ලෙස ජයග්‍රහණ කළ අතර, තරඟයේ වීරයා සම්මානය දිනාගනු ලැබූයේ වේගවත් ශතකයක් ලබාගත් ජේසන් රෝයි වේ.

 

ජේසන් රෝයිගේ වේගවත් ඉනිම මෙන්න, 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *