ජෛව බුබුළු වල සිටීම නිසා ඉන්දීය ක්‍රීඩකයින් මානසිකව වැටිලා ඉන්නේ – රවී ශාස්ත්‍රී
මෙවර විස්ස ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමේ අවස්ථාව ඉන්දීය කණ්ඩායමට අහිමි විය. ඉන්දියාව මෙවර සුපිරි 12 වටයේ සහභාගි වූ තරඟ 5න් 3ක් පමණක් ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර නවසීලන්තය හා පකිස්තාන කණ්ඩායම් දෙක හමුවේ පරාජයට පත් වීමට සිදුවිය.
2013 සිට මෙතෙක් පැවති ලෝක කුසලාන වල අවසන් පූර්ව වටයට පිවිසීමට නොහැකි වූ පළමු අවස්ථාව මෙයයි. මෙවර ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට පාකිස්තානය,එංගලන්තය,ඕස්ට්‍රේලි
විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියෙන් පසු ඉන්දීය ප්‍රධාන පුහුණුකරු රවී ශාස්ත්‍රිගේ ධූර කාලය අවසන් වූ අතර, නව ප්‍රධාන පුහුණුකරු ධූරය හිටපු නායක රාහුල් ඩ්‍රාවිඩ් වෙත හිමි විය.
නැමීබියානු කණ්ඩායම සමගින් පැවති අවසාන තරගයට පෙර ඉන්දීය ප්‍රධාන පුහුණුකරු රවී ශාස්ත්‍රි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේ ඔහු මානසිකව වැටී ඇති බවත් ඉන්දීය ක්‍රීඩකයන් ශාරීරිකව හා මානසිකව දුර්වල වී ඇති බවයි. ඉන්දීය ක්‍රීඩකයින් මාස හයක් පමණ ජෛව ආරක්ෂක බුබුලක සිටින බව ප්‍රකාශ කළ රවී ශාස්ත්‍රි වැඩිදුරටත් කියා සිටියේ IPL සහ ලෝක කුසලානය අතර විශාල කාල පරතරයක් තිබුණා නම් ඔවුන්ට එය පහසු බවයි.
“ප්‍රබල කණ්ඩායම් සමග පැවැත්වුණු තරග වලදී අපිට එය විශාල පීඩනයක් වුණා .ඒක ඇත්තටම නිදහසට කරුණක් නොවේ.අපි තරගාවලියට පැමිණියේ පරාජය වන්නට බලාගෙන නොවේ.ඔබ දිනන්න උත්සාහ කරන විට පරාජයට පත් විය හැකියි.නමුත් අපි මෙහිදී දිනන්න උත්සහ කරේ නෑ.මොකද අපිට මම කලින් කියපු X- ෆැක්ටර් එක තිබුන්නැති නිසා” රවී ශාස්ත්‍රි මාධ්‍යයට වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේය.
මේ අතර, නවසීලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිත විස්සයි විස්ස තරඟාවලිය සඳහා ඉන්දීය කණ්ඩායමේ නව නායකත්වය රෝහිත් ශර්මා හට ලැබී තිබෙන අතර, ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් යුතුව නම් කරන ලද ඉන්දීය සංචිතයට විරාට් කෝලි ඇතුළත් කර නොමැත.