ජෝස් බට්ලර් මෙවර තරඟාවලියේ තුන්වන ශතකයක් ලබාගනී. (වීඩියෝ සහිතයි)

(වීඩියෝ පහළින් නැරඹිය හැක) මෙවර IPL තරඟාවලියේ 15 වන තරඟය ලෙස පැවතී රාජස්ථාන් රෝයල්ස් හා දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අතර තරඟයෙන් ලකුණු 15ක ජයක් වාර්ථා කිරීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත්වුණා.

 

 

තරඟයේ කාසියේ වාසිය දිනාගත් දිල්ලි කැපිටල්ස් නායක රිශාබ් පාන්ට් විසින් පලමුව පන්දුවට පහරදීම සඳහා රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට ආරාධනා කළ අතර, ඒ අනුව පලමුව පන්දුවට පහර දුන් ‍රාජස්ථාන් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 222ක් ලබා ගැනීමට සමත්විය.

එහිදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් වැඩිම ලකුණු ලාභියා වූ ජෝස් බට්ලර් ශතකයක් ලබාගත් අතර, ඔහු පන්දු 65කදී හතරේ පහර 09ක් හා හයේ පහර 9ක් සමඟින් ලකුණු 116ක් ලබාගැනීමට සමත්විය. බට්ලර් විසින් අද ලබාගත් ශතකය මෙවර තරඟාවලියේ ඔහු ලබාගත් තුන්වන ශතකය වේ.

 

 

ඊට අමතරව දෙව්දත් පඩික්කල් පන්දු 35කදී හතරේ පහර 7ක් හා හයේ පහර 2ක් සමඟින් ලකුණු 53ක් ලබාගත් අතර නායක සන්ජු සැම්සන් වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 19කදී හතරේ පහර 5ක් හා හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 46ක් ද ලබාගැනීමට සමත්විය.

 

 

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ බිඳ වැටුනු කඩුලු දෙක ලබාගැනීමට හැකිවූයේ Khaleel Ahmed හා Mustafizur Rahman වේ.

අනතුරුව ලකුණු 223ක දැවැන්ත ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසී ‍දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 8ක් දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 207ක් පමණයි.

දිල්ලි ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ නායක රිශාබ් පාන්ට් පන්දු 24කදී හතරේ පහර 4ක් හා හයේ පහර 3ක් සමඟින් ලකුණු 44ක් ලබාගැනීමට සමත්විය.

 

 

ඊට අමතරව ආරම්භක පිතිකරු Prithvi Shaw පන්දු 27කදී හතරේ පහර 5ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 54ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 37ක් ලබාගත් අතර ඉනිම අවසන් බාගයේදි Rovman Powell පන්දු 15කදී හයේ පහර 5ක් සමඟින් ලකුණු 36 ලබාගැනීමට සමත්වුණා.

 

 

පන්දු යැවීමේදී සුපිරි පන්දු යැවීමක නිරත වූ Prasidh Krishna පන්දුවාර 4 අවසානයේදී ලකුණු 22කට කඩුලු 3ක් බිඳ හෙලූ අතර,  රවිචන්ද්‍රන් අශ්වින් ලකුණු 32කට කඩුලු 2ක් හා Obed McCoy , Yuzvendra Chahal එක් කඩුල්ල බැඟින් දවාගැනීමට සමත්විය.

 

 

ඒ අනුව දිල්ලි කැපිටල්ස් කණ්ඩායම ලකුණු 15කින් පරාජයට පත්කරමින් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු පුවරුවේ අංක එක ස්ථානයට පත්වූ අතර තරඟයේ වීරයා සම්මානය දිනාගනු ලැබූයේ ශතකයක් ලබාගත් ජෝස් බට්ලර් වේ.

 

ජෝස් බට්ලර්ගේ විශිෂ්ට ඉනිම වීඩියෝව,

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *