ජෝස් බට්ලර් විසින් මෙවර තරඟාවලියේ වාර්තා වූ පලමු ශතකයට හිමිකම් කියයි..

(වීඩියෝ පහළින් නැරඹිය හැක) 15 වන වරටත් පැවැත්වන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ 9 වන තරඟය ලෙස පැවතී රාජස්ථාන් රෝයල්ස් හා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අතර තරඟයෙන් ලකුණු 23ක විශිෂ්ඨ ජයක් වාර්ථා කිරීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත්වුණා.

 

 

තරඟයේ කාසියේ වාසිය දිනාගත් මුම්බායි ඉන්දියන්ස් නායක රෝහිත් ශර්මා විසින් පලමුව පන්දුවට පහරදීම සඳහා රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට ආරාධනා කළ අතර, ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 8ක් දැවී ලකුණු 193ක් ලබා ගැනීමට සමත්විය.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ආරම්භක පිතිකරු ජෝස් බට්ලර් පන්දු 68 කදී හතරේ පහර 11ක් හා හයේ පහර 5ක් සමඟින් ලකුණු 100ක් ලබාගැනීමට සමත්විය. බට්ලර් විසින් අද ලබාගරත් ශතකය IPL පිටියේ ලබාගත් දෙවන ශතකය වේ.

 

 

ඊට අමතරව නායක සන්ජු සැම්සන් පන්දු 21 කදී එක් හතරේ පහරක් හා හයේ පහර 3 සමඟින් ලකුණු 30 ලබාගත් අතර ජෝස් බට්ලර් සමඟින් 4වන කඩුල්ලට වේගවත් ලකුණු 53ක් එක්කර දුන් Shimron Hetmyer පන්දු 14කදී හතරේ පහර 3ක් හා හයේ පහර 3ක් සමඟින් ලකුණු 35ක් ද ලබාගැනීමට සමත්විය.

 

 

පන්දු යැවීමේදී මුම්බායි ක්‍රීඩක Jusprit Bumrah විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් පන්දුවාර 4 අවසානයේදී ලකුණු 17කට කඩුලු 3ක් දවාගැනීමට සමත්විය. ඊට අමතරව Tymal Mills ද ලකුණු 35කට කඩුලු 3ක් හා Kieron Pollard එක් කඩුල්ලක් දවාගැනීමට සමත්වුණා.

 

 

අනතුරුව ලකුණු 194ක දැවැන්ත ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසී ‍මුම්බායි කණ්ඩායමට පන්දුවාර නියම්ත 20 අවසානයේදී කඩුලු 8ක් දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 170ක් පමණයි.

මුම්බායි ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ 19 හැවිරිදි Tilak Varma පන්දු 33කදී හතරේ පහර 3ක් හා හයේ පහර 5ක් සමඟින් වේගවත් ලකුණු 65ක් ලබාගැනීමට සමත්විය.

 

 

ඊට අමතරව ආරම්භක පිතිකරු ඉශාන් ක්‍රිශාන් පන්දු 43කදී හතරේ පහර 5ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 54ක් ලබාගත් අතර ඉනිම අවසන් බාගයේදි Kieron Pollard පන්දු 24කදී හතරේ පහර 3ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 22 ලබාගැනීමට සමත්විය. මෙම තරඟයේදී නායක රෝහිත් ශර්මා හට ලබාගැනීමට හැකිවූයේ ලකුණු 10ක් පමණයි.

 

 

පන්දු යැවීමේදී Yuzvendra Chahal පන්දුවාර 4 අවසානයේදී ලකුණු 26කට කඩුලු 2ක් හා, Navdeep Saini ලකුණු 36කට කඩුලු 2ක් බිඳ දැමූ අතර, Trent Boult, Prasidh Krishna හා Ravichandran Ashwin අතරේද එක් කඩුල්ල බැඟින් බෙඳීගියා.

ඒ අනුව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට මෙවර තරඟාවලියේ දෙවන ජයත් උරුමකර දෙමින් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම තරඟය ජයග්‍රහණය කළ අතර තරඟයේ වීරයා සම්මානය දිනාගනු ලැබූයේ ශතකයක් ලබාගත් ජෝස් බට්ලර් වේ.

 

 

ජෝස් බට්ලර්ගේ විශිෂ්ට ඉනිම වීඩියෝව,

 

 

ජෝස් බට්ලර් රැකගත් සුපිරි උඩපන්දුව මෙන්න,

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *