ටයිමල් මිල්ස් අයි.පී.එල් සහ පී.එස්.එල් අතර ඇති වෙනස්කම් හෙළි කරයි.

එංගලන්තය වෙනුවෙන් ජාත්‍යන්තර විස්සයි විස්ස තරඟ පහකට ක්‍රීඩා කොට ඇති ටයිමල් මිල්ස් IPL සහ PSL තරගාවලි අතර ඇති වෙනස්කම් පිලිබද පවසා සිටිනවා.


මිල්ස් 2016 වසරේ සිට පකිස්තාන් සුපර් ලීග් තරගාවලියට ක්‍රීඩා කරන අතර 2017 වසරේ ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගී වී ඇති ක්‍රීඩකයෙකි..
ඔහු පකිස්තානු සුපර් ලීග් තරගාවලිය තුල Karachi Kings , Peshawar Zalmi සහ Quetta Gladiators කණ්ඩායම් නියෝජනය කර ඇති අතර IPL තරගාවලිය තුලදී Royal Challengers Bangalore පිල නියෝජනය කිරීමට ඔහු සමත්විය.


ඔහු පවසන්නෙ IPL තරගාවලිය යනු ගෝලිය වශයෙන් විශාලතම තරගාවලිය වන බවයි

කෙසේනමුත් මෙම 28 හැවිරිදි වේගපන්දු යවන්නා විශ්වාස කරන්නෙ IPL යනු ලොව තරගකාරීම තරගාවලියක් බවයි .. එයට හේතුව ලෙස ඔහු සදහන් කරන්නෙ ලෝක ප්‍රසිද්ධ ක්‍රීඩකයින් වැඩි වශයෙන් තරගාවලියට සහභාගි වීම නිසා ක්‍රීඩකයින් වෙහෙස මහන්සි වී තම උපරිම දක්ෂතා දැක්වීමට සිදුවන අතර එසේ නොවුණහොත් ඔවුන් කණ්ඩායමෙන් එලියට විසි වන බවයි..


අවසාන වශයෙන් ටයිමල් මිල්ස් පවසා සිටියේ ,
” IPL අනිවාර්යයෙන්ම ඉහලම ප්‍රමිතියයි.එය සියලුම රටවල් නියෝජනය කරයි.මුදල් අනිවාර්යයෙන්ම එහි තිබෙනවා . දක්ෂතමයා එහි සාර්ථක වනු ඇත.ඔබ හොඳින් දක්ෂතා නොදැක්වුවහොත් ඔබ එලියට විසි වන අතර ඒ වෙනුවට වෙන අයෙක් පැමිණ ක්‍රීඩා කරනු ඇත.එය තමයි IPL හි ස්වාභාවය. එම නිසයි IPL ලොව අංක එකේ විස්සයි විස්ස ලීග් තරගාවලිය බවට පත්ව ඇත්තේ ”


Naveen Krishmal

Leave a Reply

Your email address will not be published. Required fields are marked *