ටීම් අබුඩාබි කණ්ඩායමට එරෙහිව වනිඳු හසරංගෙන් විශිෂ්ට පන්දු යැවීමක්. ලකුණු 12කට කඩුලු 4ක්.

අබුඩාබි T10 ලීග් තරඟාවලියේ 6 වන තරඟය ලෙස අද පැවතී Team Abudabi කණ්ඩායම හා Deccan Gladiators කණ්ඩායම අතර තරඟයෙන් කඩුලු 4ක විශිෂ්ට ජයක් වාර්ථා කිරීමට Deccan Gladiators කණ්ඩායම සමත් විය. (වනිඳු ලබාගත් කඩුලු 4 වීඩියෝ පහළින් නරඹන්න)

 

 

තරඟයේ කාසියේ වාසිය දිනාගත් Team Abudabi කණ්ඩායම පලමුව පන්දු යැවීමට තීරණය කළ අතර, ඒ අනුව පලමුව පන්දුවට පහර දුන් Deccan Gladiators කණ්ඩායම නියමිත පන්දුවාර 10 අවසානයේදී කඩුලු 9ක් දැවී ලකුණු 97ක් ලබා ගැනීමට සමත් විය. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ OF Smith පන්දු 11කදී හතරේ පහර 3ක් හා හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 34ක් ලබාගැනීමට සමත් විය.

 

 

ඊට අමතරව තුන්ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග පන්දු 18කදී හතරේ පහර 4ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 30ක් ලබාගැනීමට සමත් වූ අතර එනෙක් කිසිඳු ක්‍රීඩකයෙකුට ලකුණු 15 සීමාවටවත් ලඟා වීමට නොහැකි විය.

 

 

පන්දු යැවීමේදී FH Edwards පන්දුවාර 2කදී ලකුණු 10කට කඩුලු 2ක් දවා ගත් අතර Naveen Ul Huq ලකුණු 25කට කඩුලු 2ක් දවාගැනීමට සමත් විය. ඊට අමතරව De Lange , DR Briggs හා Ls Livingstone එක් කඩුල්ල බැඟින් දවාගැනීමට සමත් විය.

 

 

පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ Team abudabi කණ්ඩායම පන්දුවාර 10 අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 99ක් ලබාගනිමින් තරඟය ජයග්‍රහණය කිරීමට සමත්විය. Team Abu dhabi කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ J Overton වේගවත් ඉනිමක් ක්‍රීඩාකරමින් පන්දු 18කදී හතරේ පහර 3ක් හා එක් හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 33 ක් ලබාගැනීමට ලබාගැනීමට සමත් විය.

 

ඊට අමතරව, නායක Ls Livingstone පන්දු 10කදී ලකුණු 21ක් ලබාගැනීමට සමත් වූ අතර, අවසානයේදී DR Briggs පන්දු 13කදී හතරේ පහර 2ක් හා එක් හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 19ක් රැස්කිරීමට සමත්විය.

 

 

Deccan Gladiators කණ්ඩායම වෙනුවෙන් වනිඳු හසරංග විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් පන්දුවාර 2 තුළදී ලකුණු 12කට කඩුලු 4ක් දවා ගැනීමට සමත් වූ අතර , Wahab riaz ලකුණු 19කට එක් කඩුල්ලක් හා OF smith ලකුණු 20කට එක් කඩුල්ලක්ද දවා ගැනීමට සමත් විය.

 

 

ඒ අනුව Team Abu dhabi කණ්ඩායම තරඟය කඩුලු 4කින් ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර තරඟයේ වීරයා සම්මානය දිනාගැනීමට සමත් වූයේ පන්දු 18කදී නොදැවී ලකුණු 33ක් ලබාගත් J Overton වේ.

 

වනිඳු හසරංග ලබාගත් කඩුලු 4 වීඩීයෝව,

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *