ටෙස්ට් පිටියේ ද්විත්ව ශතක ලබාගෙන ඇති කඩුලු රකින්නන්, (මුෂ්ෆිකර් රහීම් ඉදිරියෙන්)

බංගලාදේශ ක්‍රීකට් කණ්ඩායමේ ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයෙක් වන මුෂ්ෆිකර් රහීම්, පසුගිය 9 වන දා සිය 36 වන උපන්දිනය සැමරුවා. ඔහුගේ වාර්තාවක් ඇසුරින් මෙම ලිපිය ලියවෙන ආතර මේ වන විට ඔහු ටෙස්ට් තරඟ 81කදී අර්ධ ශතක 25ක්, ශතක 8 හා ද්විත්ව ශතක 3ක් ද සමඟින් ලකුණු 5037ක් ලබාගෙන ඇත්තේ 36.76ක සාමාන්‍යක්ද රඳවාගනිමිනි.

 

(Photo by MUNIR UZ ZAMAN/AFP via Getty Images)

 

තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලියේ පලමු තරඟය ඊයේ (19) නිමාවූ අතර එම තරඟයේදී ද මුෂ්ෆිකර් රහීම් විශිෂ්ට ශතකයක් ලබාගැනීමට සමත්වුණා. එම ශතකය ඔහුගේ ජාත්‍යන්තර ටෙස්ට් දිවියේ 8 වන ටෙස්ට් ශතකයයි.

ටෙස්ට් පිටියේ කඩුලු රකින්නෙකු ලෙස වැඩිම ද්විත්ව ශතක ලබාගෙන ඇත්තේ මුෂ්ෆිකර් රහීම් වේ. ටෙස්ට් පිටියේ ද්විත්ව ශතක 3ක් ලබාගෙන තිබුණත් ඔහු කඩුලු රකින්නෙකු ලෙස ද්විත්ව ශතක 2ක් ලබාගෙන ඇති අතර පලමු ද්විත්ව ශතකය 2018 දී සිම්බාබ්වේට එරෙහිවත් (219*) දෙවැන්න 2013 දී ශ්‍රී ලංකාව එරෙහිවත් (200) ලබාගෙන ඇත.

 

(Photo by MUNIR UZ ZAMAN / AFP) (Photo credit should read MUNIR UZ ZAMAN/AFP via Getty Images)

 

මේ වන විට ටෙස්ට් පිටියේ කඩුලු රකින්නන් 9 දෙනෙකු ද්විත්ව ශතක වාර්තා කරගෙන ඇති අතර, එම ක්‍රීඩකයින් 9 දෙනා අතරට ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් දෙදෙනෙකු, පකිස්තාන ක්‍රීඩකයින් දෙදෙනෙකු ඇතුළත් වන අතර, බංග්ලාදේශය , ඕස්ට්‍රේලියාව, සිම්බාබ්වේ, ඉන්දියාව, නවසීලන්තය යන රටවල් වලින් එක් ක්‍රීඩකයෙකු බැඟින් ඇතුළත් වෙයි.

 

(Photo credit should read Marty Melville/AFP via Getty Images)

 

ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රීඩක කුමාර් සංගක්කාර ටෙස්ට් පිටියේ ද්විත්ව ශතක 11ක් ලබාගෙන තිබුණත්, ඔහු කඩුලු රකින්නෙකු ලෙස ද්විත්ව ශතක ලබාගෙන ඇත්තේ එක් අවස්ථාවක පමණයි.

 

(Photo credit should read IAN KINGTON/AFP via Getty Images)

 

ටෙස්ට් පිටියේ කඩුලු රකින්නෙකු ලෙස, ද්විත්ව ශතක ලබාගෙන ඇති ක්‍රීඩකයින්, (ලබාගෙන ඇති වැඩිම ලකුණු සංඛ්‍යාව අනුව පෙළගස්සා ඇත)

1) Andy Flower – සිම්බාබ්වේ – ලකුණු 232*

 

(Photo by Phil Walter/Getty Images)

 

2000 වර්ෂයේ නොවැම්බර් මාසයේදී ඉන්දියාවට එරෙහිව පැවතී ටෙස්ට් තරඟයේදී දෙවෙනි ඉනිමේදී Andy Flower මෙම ද්විත්ව ලබාගැනීමට සමත්වුණා. ඔහු නොදැවී ලකුණු 232ක් ලබාගත් අතර එම ද්විත්ව ශතකය නිසාවෙන් එම තරඟය පරාජයෙන් බේරාගැනීමට ද සමත්වුණා. (එම තරඟයේ පළමු ඉනිමේදී ද ඔහු ලකුණු 55ක් ලබාගැනිමට සමත්වී ඇත)

2) කුමාර් සංගක්කාර – ශ්‍රී ලංකාව – ලකුණු 230

 

 

2002 මාර්තු මාසයේදී පකිස්තානයට එරෙහිව පැවතී තරඟයේදී පලමු ඉනිමේදී මෙම ද්විත්ව ශතකය ලබාගැනීමට සංගක්කාර සමත්වූ අතර එහිදී ඔහු ලකුණු 230ක් රැස්කරගැනීමට සමත්වුණා. ඊට අමතරව සනත් ජයසූරිය ලකුණු 88ක් හා මහේල ජයවර්ධන ලකුණු 68ක් ද ලබාගැනීමෙන් ශ්‍රී ලංකාව පලමු ඉනිමට ලකුණු 528ක් ලබාගැනීමට සමත්වූ අතර එම තරඟයෙන් කඩුලු 8ක විශිෂ්ට ජයක් වාර්තා කරගැනීමට ශ්‍රී ලංකාව සමත්වී තිබෙනවා.

3) M.S දෝණි – ඉන්දියාව – ලකුණු 224

 

(Photo by Santosh Harare/Hindustan Times via Getty Images)

 

2013 පෙබරවාරි මාසයේදී ඕස්ට්‍රේලියාවට එරෙහිව ඉන්දියාවේ පැවතී ටෙස්ට් තරඟයේදී පලමු ඉනිමේදී ඉන්දියා කණ්ඩායමේ කඩුලු රකින්නා වන මහේන්ද්‍ර සිං දෝණි මෙම ද්විත්ව ශතකය ලබාගැනීමට සමත්වුණා. එහිදී ඔහු ලකුණු 224ක් ලබාගත් අතර එම තරඟයෙන් කඩුලු 8ක ජයක් ලබාගැනීමට ද ඉන්දියාව සමත්වුණා.

4) මුෂ්ෆිකර් රහීම් – බංග්ලාදේශය – ලකුණු 219*

 

(Photo credit should read LAKRUWAN WANNIARACHCHI/AFP via Getty Images)

 

2018 නොවැම්බර් මාසයේදී බංගලාදේශයේ පැවතී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි ටෙස්ට් තරඟයේදී, බංග්ලාදේශ කණ්ඩායම පලමුව පන්දුවට පහරදෙමින් පලමු ඉනිමේදීම මුෂ්ෆිකර් රහීම් නොදැවී ලකුණු 219ක් ලබාගැනීමට සමත්වුණා. එම ඉනිමේදී බංගලාදේශය ලකුණු 522ක් ලබාගත් අතර එම තරඟයෙන් සිම්බාබ්වේ කණ්ඩායම පරදා ලකුණු 218ක ජයක් වාර්තාකිරීමට සමත්වුණා.

5) Taslim Arif – පකිස්තානය – ලකුණු 210*

 

 

1980 මාර්තු මාසයේදී ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවතී තරඟයේදී පකිස්තාන පලමු ඉනිමේදී මෙම ද්විත්ව ශතකය වාර්තාකල අතර අවසානයේදී එම තරඟය ජය පරාජයෙන් තොරව නිමාවුණා. එම තරඟයේදී ඕස්ට්‍රේලිය නායක Grey Chappell ද ද්විත්ව ශතකයක් ලබාගැනීමට සමත්වී ඇත. (235)

6) Imtiaz Ahmed – පකිස්තාන – ලකුණු 209

 

 

1955 ඔක්තෝම්බර් මස පැවතී මෙම තරඟයේදී නවසීලන්තයට එරෙහිව Imtiaz Ahmed මෙම ද්විත්ව ශතකය ලබාගෙන ඇති අතර එම ඉනිමේදී Waqar Hasan ද ලකුණු 189ක් ලබාගෙන ඇත.. අවසානයේදී එම තරඟයෙන් කඩුලු 4ක ජයක් ලබාගැනීමට පකිස්තානය සමත්වී ඇත.

7) B J Watling – නවසීලන්තය – ලකුණු 205

 

(Photo credit should read John Cowpland/AFP via Getty Images)

 

2019 වසරේ නොවැම්බර් මස එංගලන්තයට එරෙහිව නවසීලන්තයේ පැවතී මෙම් තරඟයේදී නවසීලන්ත පලමු ඉනිමේදී Watling මෙම ද්විත්ව ශතකය රැස්කර ගැනීමට සමත්වූ අතර එම ද්විත්ව ශතකයත් සමඟින් ඔවුන් එම ඉනිමට ලකුණු 615ක් ලබාගැනීමට සමත්වුණා. අවසානයේදී එංගලන්ත කණ්ඩායම පරදා ඉනිමක හා ලකුණු 65ක විශිෂ්ට ජයක් ලබාගැනීමට ද නවසීලන්තය කණ්ඩායම සමත්විය.

8) Adam Gilchrist – ඕස්ට්‍රේලියාව – ලකුණු 204*

 

(Photo by Philip Brown/Popperfoto via Getty Images/Getty Images)

 

2002 පෙබරවාරි මාසයේ දකුණු අප්‍රිකාවට එරෙහිව දකුණු අප්‍රිකාවේදීම පැවතී මෙම තරඟයේදී පලමු ඉනිමේදී කඩුලු රකින ක්‍රීඩක Adam Gilchrist නොදැවී ලකුණු 204 ක් ලබාගැනීමට සමත්වූ අතර ඔවුන් එම ඉනිමට කඩුලු 7ක් පමණක් දැවී ලකුණු 652ක් ලබාගැනීමට සමත්වුණා. එම තරඟයේදී දකුණු අප්‍රිකා පිතිකරුවන්ගේ දුර්වල පිතිකරණය හේතුවෙන් ඉනිමක හා ලකුණු 360ක දැවැන්ත ජයක් ලබාගැනීමට ඕස්ට්‍රේලියා කණ්ඩායම සමත්වී ඇත.

9) බ්‍රෙන්ඩන් කුරුප්පු – ශ්‍රී ලංකාව – ලකුණු 201*

 

 

1978 අප්‍රේල් මාසයේ නවසීලන්තයට එරෙහිව පැවතී මෙම තරඟයේදී පලමු ඉනිමේදී ශ්‍රී ලංකා කඩුලු රකින ක්‍රීඩක Brendon Kuruppu නොදැවී ලකුණු 201ක් ලබාගැනීමට සමත්වූ අතර, ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉනිමක වාර්තා වූ පලමු ද්විත්ව ශතකය ද මෙය වේ. මෙම තරඟය ජය පරාජයෙන් තොරව නිමා වී ඇත.

10) මුෂ්ෆිකර් රහීම් – බංග්ලාදේශය – ලකුණු 200

 

(Photo by MUNIR UZ ZAMAN/AFP via Getty Images)

 

2013 දි මාර්තු මස, ශ්‍රී ලංකාවේදී පවතී තරඟයේදී ශ්‍රී ලංකාවට එරෙහිව මුෂ්ෆිකර් රහීම් ලකුණු 200ක් ලබාගැනීමට සමත්විය. එම ඉනිමේදී බංග්ලාදේශය ලකුණු 638 ක් ලබාගත් අතර අවසානයේදී තරඟය ජය පරාජයෙන් තොරව නිමාවට පත්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *