ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම මෙවර අබුඩාබි T10 ලීගයේ ශුරතාවය දිනාගැනීමට සමත් වෙයි.
අබුඩාබි T10 ලීග් තරඟාවලියේ අවසන් මහා තරඟය ලෙස අද (04) පැවතී Delhi Bulls කණ්ඩායම හා Deccan Gladiators කණ්ඩායම අතර තරඟයෙන් ලකුණු 56ක විශිෂ්ට ජයක් වාර්ථා කරමින් මේවර ශූරතාවය දිනාගැනීමට Deccan Gladiators කණ්ඩායම සමත් වුණා. (වනිඳු හසරංගගේ සුපිරි පන්දු යැවීමේ වීඩියෝව පහළින් නැරඹිය හැක)
තරඟයේ කාසියේ වාසිය දිනාගත් Delhi Bulls කණ්ඩායම පලමුව පන්දු යැවීමට තීරණය කළ අතර, ඒ අනුව පලමුව පන්දුවට පහර දුන් Deccan Gladiators කණ්ඩායම පන්දුවාර 10 අවසානයේදී කිසිඳු කඩුල්ල නොදැවී ලකුණු 159ක් ලබාගැනීමට සමත් වුණා.
ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ප්‍රහාරාත්මක පිතිකරු Andrew Russell වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 32කදී හතරේ පහර 9ක් හා හයේ පහර 7ක් සමඟින් නොදැවී ලකුණු 90ක් ලබාගැනීමට සමත්විය.
ඊට අමතරව රසල් සමඟින් ඉනින ආරම්භ කළ Tom Kohler-Cadmore පන්දු 28කදී හයේ පහර 3ක් හා හයේ පහරවල් 5ක් සමඟින් නොදැවී ලකුණු 59ක් ලබාගැනීමට සමත්විය.
මෙහිදී රසල් හා කැඩ්මෝ පලමු කඩුල්ල සඳහා නොබිඳුනු ලකුණු 159ක සබඳතාවයක් එක් කිරීමට සමත් වූ අතර, එය ඉතිහාසගත වූයේ අබුඩාබි T10 ලීග් ඉතිහාසයේ වාර්ථා වූ වැඩිම ලකුණු සබඳතාවය ලෙසයි.
අනතුරුව ලකුණු 160ක දැවැන්ත ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසී Delhi Bulls කණ්ඩායමට නියමිත පන්දුවාර 10 අවසානයේදී කඩුලු 7ක් දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 103ක් පමණයි.
Delhi Bulls කණ්ඩායමට ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ආරම්භක පිතිකරු Chandrapaul Hemraj පන්දු 20කදී හතරේ පහර 2ක් හා හයේ පහර 5ක් සමඟින් ලකුණු 42ක් ලබාගැනීමට සමත් විය.
ඊට අමතරව Adil Rashid පන්දු 9කදී හතරේ පහරක් හා හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 15ක් හා Rahmanullah Gurbaz පන්දු 6කදී ලකුණු 14ක් ලබාගත් අතර අන්කිසිඳු ක්‍රීඩකයෙකුට ලකුණු 10 සීමාවටවත් ලඟා වීමට නොහැකි විය.
පන්දු යැවීමේදී වනිඳු හසරංග විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ අතර ඔහු පන්දුවාර 2 අවසානයේදී ලකුණු 20කට කඩුලු 2ක් දවාගැනීමට සමත් විය. ඔහු අද ලබාගත් කඩුලු දෙකත් සමඟින් මෙවර තරඟාවලියේ මුළු කඩුලු 21ක් ලබාගැනීමට සමත් වූ අතර, එය ඉතිහාසගත වූයේ අබුඩාබි T10 ලීග් තරඟාවලියේ එක් අදියරයක් තුළ පන්දුයවන්නෙක් විසින් ලබාගෙන ඇති ඉහළම කඩුලු සංඛ්‍යාව ලෙසයි.
ඊට අමතරව, Tymal Mill ලකුණු 4කට කඩුලු 2ක් දවාගැනීමට සමත් වූ අතර, Odean Smith පන්දුවාර 2 අවසානයේදී ලකුණු 20කට කඩුලු 2ක් දවාගැනීමට සමත්විය.
ඒ අනුව මෙවර තරඟාවලියේ ශූරතාවය Deccan Gladiators කණ්ඩායම විසින් දිනාගැනීමට සමත් වූ අතර තරඟයේ වීරයා සම්මානය දිනාගැනීමට සමත් වූයේ පන්දු 32කදී නොදැවී ලකුණු 90ක් ලබාගැනීමට සමත් වූ ඇන්ඩෘ රසල් වේ.
තරඟවලියේ වීරයා සම්මානය දිනාගැනීමට සමත්වූයේ තරඟාවලිය පුරාවට තරඟ 12ක් ක්‍රීඩා කරමින් කඩුලු 21ක් ලබාගැනීමට සමත්වූ ජයග්‍රහණය කණ්ඩායමේ සුපිරි ක්‍රීඩක වනිඳු හසරංග වේ.
වනිඳු හසරංග ලබාගත් කඩුලු දෙකේ වීඩියෝව.
Wanindu Hasaranga pic.twitter.com/MI8gmGIRri
— Stay Cricket (@staycricket) December 4, 2021