ඩෙවොන් කොන්වේ හා මොයින් අලී ඇතුළු පන්දු යවන්නන් චෙන්නායි කණ්ඩායමට ජයගෙන දෙයි.
(වීඩියෝ පහළින් නැරඹිය හැක) ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ 55 වන තරඟය ලෙස පැවතී චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම හා දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අතර තරඟයෙන් ලකුණු 13ක ජයක් ලබාගැනීමට චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම සමත්වුණා.
තරඟයේ කාසියේ වාසිය දිනාගත් දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ නායක රිශාබ් පාන්ට් පලමුව පන්දු යැවීමට තීරණය කළ අතර, ඒ අනුව පලමුව පන්දුවට පහර දුන් චෙන්නායි කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 208ක් ලබාගැනීමට සමත්විය.
චෙන්නායි සුපර් කින්ග්ස් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ආරම්භක පිතිකරු ඩෙවොන් කොන්වේ පන්දු 49කදී පහර 7ක් හා හයේ පහර 5ක් සමඟින් වේගවත් ලකුණු 87ක් ලබාගැනීමට සමත්විය.
ඊට අමතරව Ruturaj Gaikwad පන්දු 33කදී හතරේ පහර 4ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 41 ලබාගත් ශිවම් ඩුබේ පන්දු 19කදී හතරේ පහර 2ක් හා හයේ පහර 2ක් සමඟින් ලකුණු 32ක් ලබාගත් අතර ඉනිම අවසානයේදී නායක මහේන්ද්‍ර සිං දෝණි පන්දු 8කදී හතරේ පහරක් හා හයේ පහර 2ක් සමඟින් නොදැවී 21ක් ද ලබාගැනීමට සමත්වුණා.
පන්දු යැවීමේදී Anrich Nortje පන්දුවාර 4 අවසානයේදී ලකුණු 42කට කඩුලු 3ක් බිඳ දැමූ අතර Khaleel Ahmed ලකුණු 28කට කඩුලු 2ක් හා Mitchell Marsh ලකුණු 34කට එක් කඩුල්ලක් බිඳ දැමීය.
අනතුරුව ලකුණු 209ක දැවැන්ත ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසී දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට පන්දුවාර 17.4ක් අවසානයේදී සියලුම දෙනා දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 117ක් පමණයි.
දිල්ලි ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ Mitchell Marsh පන්දු 20කට මුහුණදෙමින් හතරේ පහර 3ක් හා එක් පහරක් සමඟින් ලකුණු 25 ලබාගැනීමට සමත්වුණා.
ඊට අමතරව Shardul Thakur පන්දු 19කදී හතරේ පහර 2ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 24ක් හා නායක රිශාබ් පාන්ට් පන්දු 11කදී හතරේ පහර 4ක් සමඟින් ලකුණු 21ක් ලබාගත් අතර ඩේවිඩ් වෝනර් පන්දු 12කදී හතරේ පහරක් හා හයේ පහර 2ක් සමඟින් ලකුණු 19ක් ලබාගැනීමට සමත්විය.
පන්දු යැවීමේදී සුපිරි පන්දු යැවීමක නිරත වෙමින් මොයින් අලී පන්දුවාර 4 අවසානයේදී ලකුණු 13කට කඩුලු 3ක් දවාගැනීමට සමත්විය. ඊට අමතරව මුකේෂ් චෞද්රි ලකුණු 22කට කඩුලු 2ක් , Simarjeet Singh ලකුණු 27කට කඩුලු 2ක් , Dwayne Bravo ලකුණු 24කට කඩුලු 2ක් හා මහීශ් තීක්ශණ ලකුණු 29කට එක් කඩුල්ලක් ද බිඳ දැමීය.
ඒ අනුව දිල්ලි කැපිටල්ස් කණ්ඩායට එරෙහිව ලකුණු 91ක දැවැන්ත ජයක් වාර්තා කර ගැනීමට චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම සමත්වූ අතර තරඟයේ වීරයා සම්මානය දිනාගනු ලැබූයේ ලකුණු 87ක් ලබාගත් ඩෙවොන් කොන්වේ වේ.
මහීශ් තීක්ශණ ලබාගත් කඩුල්ල (වීඩියෝව)
මොයින් අලීගේ විශිෂ්ට පන්දු යැවීම (වීඩියෝව)