ඩේවිඩ් මිලර් හා රශීඩ් ඛාන්ගේ වේගවත් ඉනිම් හේතුවෙන් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම නොතිබූ ජයක්.

(මහීශ්ගේ කඩුලු 2 වීඩියෝව පහළින් නැරඹිය හැක) IPL තරඟාවලියේ 29 වන තරඟය ලෙස පැවතී ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම හා චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම අතර තරඟයෙන් කඩුලු 3ක ජයක් වාර්ථා කිරීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමත්වුණා.

 

තරඟයේ කාසියේ වාසිය දිනාගත් ගුජරාට් ටයිටන්ස් නායක රශීඩ් ඛාන් විසින් පලමුව පන්දුවට පහරදීම සඳහා චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායමට ආරාධනා කළ අතර, ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 5ක් දැවී ලකුණු 169 ලබා ගැනීමට සමත්විය.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ආරම්භක පිතිකරු Raturaj Gaikwad පන්දු 48 කදී හතරේ පහර 5ක් හා හයේ පහර 5ක් සමඟින් ලකුණු 73ක් ලබාගැනීමට සමත්වුණා.

 

ඊට අමතරව Ambati Rayudu පන්දු 31 කදී හතරේ පහර 4 ක් හා හයේ පහර 2ක් සමඟින් ලකුණු 46 ලබාගත් අතර නායක රවින්ද්‍ර ජඩේඩා පන්දු 12කදී හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 22ක්ද ලබාගැනීමට සමත්විය.

 

පන්දු යැවීමේදී Alzarii Joseph ලකුණු 34කට කඩුලු 2ක් දවාගත් අතර Mohammed Shami හා Yash Dayal අතරේ එක් කඩුල්ල බැඟින් බෙදීගියා.

අනතුරුව ලකුණු 170 ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසී ‍චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායමට පන්දුවාර 19.5ක් අවසානයේදී කඩුලු 7ක් දැවී ලකුණු 170ක් ලබාගනිමින් තියුණු ජයක් වාර්තා කිරීමට සමත්වුණා.

එහිදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ඩේවිඩ් මිලර් පන්දු පන්දු 51කදී හතරේ පහර 8ක් හා හයේ පහර 6ක් සමඟින් නොදැවී ලකුණු 94ක් ලබාගැනීමට සමත්විය.

 

ඊට අමතරව අද තරඟයේ නායකත්වය දැරූ රශීඩ් ඛාන් වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 21කදී හතරේ පහර 2ක් හා හයේ පහර 3ක් සමඟින් ලකුණු 40ක් ලබාගැනීමට සමත්විය.

පන්දු යැවීමේදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් Dwayne Bravo පන්දුවාර 4 අවසානයේදී ලකුණු 23කට කඩුලු 3ක් බිඳ දැමූ අතර,  මහීශ් තීක්ශණ පන්දුවාර 4 අවසානයේදී ලකුණු 24කට කඩුලු 2ක් හා රවින්ද්‍ර ජඩේඩා , Mukesh Choudhary ද එක් කඩුල්ල බැඟින් දවාගනු ලැබීය.

 

ඒ අනුව චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායමට පරාජය කරමින් ගුජරාට් ටයිටන්ස් මෙවර තරඟාවලියේ 5වන ජය වාර්තා කළ අතර මෙම තරඟයේ වීරයා සම්මානය දිනාගනු ලැබූයේ නොදැවී ලකුණු 94ක් ලබාගත් ඩේවිඩ් මිලර් වේ.

මහීශ් තීක්ශණ ලබාගත් කඩුලු දෙක, (Video) 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *