ඩේවිඩ් වෝනර් තරඟාවලියේ වීරයාට සුදුසු ක්‍රීඩකයා නෙමේ, සුදුසුම ක්‍රීඩකයා බාබර් අසාම් – ශොයිබ් අක්තාර්

2021 නිමාවූ විස්සයි විස්ස තරඟාවලියේ අවසන් මහා තරඟයේදී නවසීලන්තය කණ්ඩායම පහසුවෙන් පරාජයට පත් කරමින් කඩුලු 8ක විශිෂ්ට ජයක් වාර්ථා කිරීමට ඕස්ට්‍රේලියා කණ්ඩායම සමත් වූ අතර, තරඟාවලියේ වීරයා සම්මානය දිනාගැනීමට ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ආරම්භක පිතිකරු වූ ඩේවිඩ් වෝනර් සමත් විය.

 

 

ඩේවිඩ් වෝනර් ලෝක කුසලානයේ ඉනිම් 7ක් තුළ ලකුණු 289ක් ලබාගැනීමට සමත් වූ අතර ඊට අර්ධ ශතක තුනක් ඇතුළත් විය. පිතිකරණ සාමාන්‍ය 48.16 ක් පවත්වා ගැනීමට සමත් වූ අතර වැඩිම ලකුණු සංඛ්‍යාව වනුයේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව නොදැවී ලකුණු 89 වේ.

 

 

14 (15) – දකුණු අප්‍රිකාවට එරෙහිව
65 (42) – ශ්‍රී ලංකාවට එරෙහිව
1 (2) – එංගලන්තයට එරෙහිව
18 (14) – බංගලාදේශයට එරෙහිව
89* (56) – බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව

49 (30) – පකිස්තානයට එරෙහිව
53 (38) – නවසීලන්තයට එරෙහිව (Final)

 

 

කෙසේ නමුත්, මෙම තරඟාවලියේදී පකිස්ථාන නායක බාබර් අසාම් ද හොඳින් පන්දුවට පහර දෙමින් ලකුණු රැස් කිරීමට සමත් වූ අතර, ඩේවිඩ් වෝනර් හට තරඟයේ වීරයා සම්මානය ලබා දීම සම්බන්ධයෙන් හිටපු පකිස්ථාන ක්‍රීඩකයින් කිහිපදෙනෙකු නොසතුට ප්‍රකාශ කර ඇති අතර Shoaib Akhtar විසින් තමාගේ ට්විටර් ගිණුමේ සටහනක් එක් කරමින් පවසා සිටියේ තරඟාවලියේ වීරයා සම්මානය ලැබීමට නියම සුදුස්සා බාබර් අසාම් බවයි.

 

 

බාබර් අසාම් තරඟාවලිය පුරාවට තරඟ 6ක් ක්‍රීඩා කරමින් ලකුණු 303ක් රැස්කිරීමට සමත් වූ අතර පිතිකරණ සාමාන්‍ය ලකුණු 60.60 ක ඉහළ අගයක් තබා ගැනීමට ද සමත් විය. ඔහුගේ මෙම ඉනිම් 6 තුළදී අර්ධ ශතක 3ක් රැස් කිරීමට ද සමත් විය.

 

 

මේ අතර ජනප්‍රියම වෙබ් අඩවියෙන් වන ESPNCRICINFO වෙබ් අඩවිය මඟින් මෙවර ලෝක කුසලානයේ වටිනාම ක්‍රීඩකයා ලෙස තරඟාවලිය පුරාවට කඩුලු 16ක් ලබාගැනීමට සමත් වූ වනිඳු හසරංගව නම් කළ අතර, එහි දෙවැනි ස්ථානය යොවුන් ක්‍රීඩක චරිත් අසලංක හට ලබා දී ඇත.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *