තමන්ට “උනන්දුවා’ ලෙස ප්‍රේක්ෂකයන් ඇමතීමට හේතුව චාමික කරුණාරත්න අදහස් දක්වයි.
නිමාවූ 7වන විස්සයි විස්ස ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වූ තරඟ 5න් දෙකක් ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවට පැමිණීමෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන්ඉදියව් ක්‍රීඩක චාමික කරුණාරත්න මාධ්‍ය වෙත අදහස් දක්වා සිටියා.
ඔහු පලමුවෙන්ම ප්‍රකාශ කළ සිටියේ කණ්ඩායමක් විදිහට තරඟාවලිය හොඳින් ක්‍රීඩා කළ බවත්, තවත් 10%ක් පමණ හොඳින් ක්‍රීඩා කිරීමට හැකියාව ලැබුණානම් අවසන් පූර්ව වටය සඳහා ද තේරීපත් වීමට හැකියාව තිබූ බවයි.
අපි මැච් දෙකක් ලඟටම ඇවිල්ලා පරාජයට පත් වුණා. නැත්නම් අපි අවසන් පූර්ව වටයටත් සුදුසුකම් ලබාගන්නවා. ඒ නිසා පොඩි දුකක් තියනවා. නමුත් කණගාටුවක් වගේම හොඳ දේවල් ටිකකුත් තියනවා. අපි තරුණ කණ්ඩායමක් වුනත් හොඳින්ම ක්‍රීඩා කළා. අපිට තව 10%ක් වගේ හොඳින් කරන්න තිබුණනම් මේ වෙන කොට අපි වෙනම තැනක ඉන්න තිබුණා.
මේ වන ටිව ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ගේ වැඩි බලාපොරොත්තුවක් චාමික කරුණාරත්න හට ලැබී තිබෙන අතර, ඔහු පිටිය මැඳදී දක්වන ඉරියව් හා, ඔහුට ප්‍රේක්ෂකයන් විසින් “උනන්දුවා” ලෙස ආමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් චාමික කරුණාරත්න ප්‍රකාශ කළේ මෙවන් අදහසක්,
“මම ක්‍රීඩා තුනක් කරපු කෙනෙක්. මම හැමවෙලාවෙම ස්කෝලේ සෙල්ලම් කරන කොට ස්කෝලේ වෙනුවෙන්, දැන් රටට සෙල්ලම් කරන කොට රට වෙනුවෙන් 100%ට වඩා 200%ක්ම මගේ ශරීරයෙන්, මගේ මනසින් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒක නිසා වෙන්නැති හැමෝම මට ඒ විදියට කියන්නේ.”
ශ්‍රී ලංකා ක්‍රිකට් පසුබෑමකට ලක්වී තිබීමෙන් අනතුරුව නැවතත් පිබිදීමක් දක්නට ලැබෙන අතර, කණ්ඩායමේ ක්‍රීඩා කිරීමට තරුණ ක්‍රීඩකයින්ට අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් චාමික කරුණාරත්න තේරීම් කමිටුවට හා ක්‍රිකට් ආයතනට ස්තූති කළ සිටියා.
“මම ඇතුළු අපේ කණ්ඩායමේ ඉන්න තරුණ ක්‍රීඩකයින් 7 ,8 දෙනෙකුටන අවස්ථාව ලබා දුන්න එක සම්බන්ධයෙන් අපේ ක්‍රිකට් ආයතනයට හා තේරීම් කමිටුවට ස්තූයි කරන්න ඕනේ. ඔවුන් ඒ අවස්ථාව අපිට ලබා දුන්නෙ නැත්නම් මම හිතන විදියට අපි තවමත් ක්‍රීඩා කරන්නෙ නැහැ. අපේ රටේ ක්‍රිකට් පසුබෑමකට ලක්වෙලා වැටිලා ඉන්න වෙලාවේ අපි ගොඩක් මහන්සි වෙලා වැඩ කළා. අපි ප්ලේයර්ස්ලා එකතු වෙලා කතා කරා මොකක්ද අපිට වෙලා තියෙන්නේ, අපිට මොනවද කරන්න පුලුවන් කියලා. අපි හැමවෙලාවෙම උත්සහ කළේ තරඟ ජයග්‍රහණය කරන්න. සමහර අවස්ථාවලදී අපිට ජයග්‍රහණය කරන්න බැරිවුණා. නමුත් ඉස්සරහට අපේ අඩුපාඩුත් හදාගෙන මීට වඩා හොඳින් ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා.”
“අපි මාස දෙක තුනක් ඇතුළත ලොකු වෙනසක් කරලා පෙන්නලා තියනවා. අපේ ගොඩක්ම ඉන්න ක්‍රීඩකයින් වයස අවුරුදු 23, 24 ,25 යි. මේ ක්‍රීඩකයින්ට එකදිගට ක්‍රීඩා කරන්න අවස්ථාව ලබාදීලා තියනවා. මොකද ක්‍රීඩකයින්ට අත්දැකීම් කියන එක ගොඩාක් වටිනවා. ඉතින් මම හිතනවා ඉස්සරහට අපේ ක්‍රිකට් ගොඩක් හොඳ වෙයි. ඒකට අපි ගොඩාක් කණ්ඩායමක් වදිහට මහන්සි වෙනවා. පුහුණුකරුවන්ගෙන්, ෆිට්නස් ට්‍රේනර්ස්ලගෙන් ලොකු සපෝර්ට් එකක් ලැබෙනවා.”
ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන නැවතත් ප්‍රේක්ෂකයින්ගේ උනන්දුවක් ඇතිවී තිබෙන අතර, ක්‍රීඩකයින්ට දක්වන සහයෝගය හේතුවෙන් අවසානයේදී චාමික කරුණාරත්න ප්‍රේක්ෂකයන්ට ස්තූති කළ සිටියා.
“අපේ ප්‍රේක්ෂකයන් ගැන කියනවානම් අපිට ගොඩාක්ම සතුටුයි ඒගොල්ලෝ අපිත් එක්ක හිටපු එක ගැන. අපිට ඒගොල්ලන්ගෙන් ලැබෙන සපෝර්ට් එක ගොඩාක් වටිනවා. අපිට ඒක කාලයක් නැති වෙලා තිබුණා. අපි ගැන විශ්වාසය තබා ගන්න. ඕයගොල්ලන්ගේ ආශිර්වාදය අපිට ලබාදෙන්න. අපි අනිවාර්යයෙන්ම රට වෙනුවෙන් වෙනසක් සිදුකරනවා.” – චාමික කරුණාරත්න