තම මංගල තරඟය ක්‍රීඩා කරන සුරංග ලක්මාල් පලමු දිනයේ කඩුලු 2ක් බිඳදැමීමට සමත්වෙයි.

(සුරංග ලක්මාල්ගේ වීඩියෝව පහළින් නැරඹිය හැක) බ්‍රිතාන්‍යයේ පැවැත්වෙන පළමු පෙල සිව්දින ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලිය (County Championship) යටතේ ඊයේ (7) ආරම්භ වූ ඩර්බිෂයර් හා මිඩ්ල්සෙක්ස් ප්‍රාන්ත කණ්ඩායම් දෙක අතර තරගයේ පළමු දිනය අවසන් වන විට මිඩ්ල්සෙක්ස් කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 307ක් ලබාගෙන සිටියා.

 

(Photo by John Walton/PA Images via Getty Images)

 

තරඟයේ කාසියේ වාසිය දිනාගත් ඩර්බිෂයර් කණ්ඩායමේ නායක Billy Godleman පලමුව පන්දු රැකීමට තීරණය කළා..

ඒ අනුව පලමුව පන්දුවට පහර දීමට පිටියට පිවිසී මිඩ්ල්සෙක්ස් කණ්ඩායමේ පලමු කඩුල්ල ලකුණු 13දී බිඳ වැටුන අතර, දැවීගිය ක්‍රීඩකයා වන්නේ ආරම්භක පිතිකරු Mark Stoneman වේ. ඔහු පන්දු 18කදී හතරේ පහරක් සමඟින් ලකුණු 12ක් ලබාගැනීමට සමත්වූ අතර ඔහුගේ කඩුල්ල දවාගනු ලැබූයේ ඩර්බිෂයර් කණ්ඩායම වෙනුවෙන් මංගල තරඟය ක්‍රීඩා කරන සුරංග ලක්මාල් වේ.

 

 

අනතුරුව, Joshua De Caires හා Stephen Eskinazi එක දෙවන කඩුල්ල සඳහා ලකුණු 186ක විශිෂ්ට සබඳතාවයක් එක්කළ අතර, Sam Conners ගේ පන්දුවක් හමුවේ Joshua De Caires දැවී යන විට ඔහු පන්දු 163කට මුහුණදෙමින් හතරේ පහර 10ක් සමඟින් ලකුණු 80ක් ලබාගෙන තිබිණි.

 

(Photo by Alex Davidson/Getty Images)

 

ඉන් අනතුරුව මිඩ්ල්සෙක්ස් කණ්ඩායමේ ලකුණු පුවරුව ලකුණු 227ක් ලෙස සටහන් වන විට විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් සිටි Stephen Eskinazi දැවීයාමට ලක්වූ අතර ඔහු කණ්ඩායම වෙනුවෙන් ශතකයක් ලබාගැනීමට සමත්වුණා.

ඔහු පන්දු 216කට මුහුණදෙමින් හතරේ පහර 16ක් සමඟින් ලකුණු 118ක් ලබාගෙන සිටි අතර, ඔහුගේ කඩුල්ලද දවාගැනීමට සමත්වූයේ ශ්‍රී ලංකා හිටපු ක්‍රීඩක සුරංග ලක්මාල් විසිනි.

 

(Photo by Alex Davidson/Getty Images)

 

ඊට අමතරව Max Holden පන්දු 74කදී හතරේ පහර 4ක් සමඟින් ලකුණු 35ක් ලබාගත් අතර, පලමු දිනය අවසන් වන විට Robbie White පන්දු 89කදී හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 40ක් ලබාගෙන සිටියා.

පළමු දිනය අවසන් වන විට, මිඩ්ල්සෙක්ස් කණ්ඩායම – 307/4 (96)

 

(Photo by Alex Davidson/Getty Images)

 

Joshua De Caires – 80 (163)
Stephen Eskinazi – 118 (216)
Robbie White – 40* (74)
Max Holden – 35 (74)

පන්දු යැවීමේදී සුරංග ලක්මාල් පන්දුවාර 22ක් අවසානයේදී ලකුණු 77කට කඩුලු 2ක් බිඳදැමූ අතර, Sam Conners ලකුණු 83කට එක් කඩුල්ලක් හා Alex Thomson ලකුණු 70කට එක් කඩුල්ලක් දවාගැනීමට සමත්විය.

 

 

සුරංග ලක්මාල් ලබාගත් කඩුලු දෙක (Video), 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *