තරඟයෙන් අනතුරුව කුසල් මෙන්ඩිස් මාධ්‍ය සාකච්ඡාවේදී ප්‍රකාශ කළ අදහස්,
(වනිඳු හසරංග පිට පිට පන්දු 5කින් ලබාගත් හතරේ පහර 5 හා අනෙකුත් වීඩියෝ පහළින් නැරඹිය හැක)
ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර තරඟ 5කින් යුත් එක්දින තරඟාවලියේ පලමු තරඟය ඊයේ (14) පැවැත්වූ අතර එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 300ක් ලබාගත්තත් අවසානයේදී ඕස්ට්‍රේලියා කණ්ඩායම තරඟය කඩුලු 2කින් ජයගැනීමට සමත්වුණා.

තරඟයේ පරාජයෙන් අනතුරුව ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ කුසල් මෙන්ඩිස් මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වූ අතර එහිදී තරඟය සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කර සිටියා.
එහිදී පලමු වශයෙන් තරඟය පරාජය වීමට වර්ෂාව තරමක් දුරට හේතු වූ බව ඔහු පවසා සිටියා.
“වහින්න කලින් විකට් එක දඟකැවෙමින් තිබුණේ. ඊට පස්සේ වර්ෂාව ආවට පස්සේ විකට් එක ටිකක් හොඳ වුණා. නමුත් මම තරඟය පරාජය වුණේ වැස්ස නිසාම කියලා කියන්නේ නැහැ. අපෙන් ලකුණු ටිකක් වැඩිපුර ගියා. පින්න තිබුණා බෝලර්ස්ලාට බෝලේ ග්‍රිප් කරගන්න අමාරු වුණා. අපිට කලින් ලකුණු හිර කරලා තියාගන්න පුලුවන් වුණානම් ඕස්ට්‍රේලියාව ඕල් අව්ට් කරගන්න තිබුණා.”

මෙම තරඟයේදී කාලයකට පසුව කුසල් මෙන්ඩිස් ලකුණු අතරට පැමිණී අතර, ඔහුගේ ඉනිම සම්බන්ධව කුසල් මෙන්ඩිස් ප්‍රකාශ කර සිටියේ මෙවන් අදහසක්,
“අපි සිම්බාබ්වේ තරඟාවලියෙන් පස්සේ එක්දින තරඟාවලියක් ක්‍රීඩා කරන්නේ. සිම්බාබ්වේ තරඟාවලියේදී මට කණ්ඩායම වෙනුවෙන් දෙයක් කරන්න බැරි වුණා. මෙම තරඟාවලියේ පලවෙනි මැච් එකේම මට කණ්ඩායම වෙනුවෙන් ලකුණු ලබාගන්න පුලුවන් වුණා. ඒ ගැන මම ගොඩාක් සතුටු වෙනවා. මම හිතනවා මගේ කාර්යය මම හොඳින් සිදුකලා කියලා.,”

“ඉනිම ආරම්භයේදී පැතුම් එක්ක දනුශ්ක අයිය හොඳට සෙල්ලම් කරා. ඔවුන් දෙදෙනා ලකුණු 100ක Partnership එකක් තිබ්බා. ඒ පාර්ට්නර්ශිප් එකෙන් තමයි අපිට මේ තත්වෙට එන්න පුලුවන් වුණේ. ඔවුන් දෙදෙනා ඕවර් 20ක් බැට් කරපු නිසා අපිට තිබුනේ ඕවර් 30ක් පමණයි.
බෝලේ පරණ වුණාම අපිට සෙල්ලම් කරන්න ලේසියි. අනිත් එක ඔවුන් දෙදෙනාම ලකුණු අතරට ආපු එකටත් මම සතුටු වෙනවා. විශේෂයෙන්ම දනුශ්ක අයියා. කලින් කිව්වා වගේ මගේ පැත්තෙන් කණ්ඩායම අවශ්‍ය දේ මට දෙන්න පුලුවන් වුණා. මම ඒ ගැන සතුටු වෙනවා.”

මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ ස්තිර කඩුලු රැකීමේ කාර්යය කුසල් මෙන්ඩිස්ට පැවරී ඇති අතර, එම වහකීමත් සමඟින් ඔහුට පීඩනයක් ඇතිවෙනවා ද නැද්ද යන්න මාධ්‍යවේදියෙකුගෙන් නැගුන ප්‍රශ්නයකට මෙන්ඩිස් පිළිතුරු ලබාදුන්නේ මෙලෙසින්,
“මම 19න් පහළ ක්‍රිකට් ක්‍රීඩා කරද්දිත්, ක්ලබ් වල ක්‍රීඩා කරද්දිත් කඩුලු රැකීමේ කාර්යය කරලා තියනවා. මම නැශනල් ටීම් එකට ආවාම, තව කඩුලු රකින්නන් සිටිය නිසා තමයි මට කඩුලු රකින්න ලැබුණේ නැත්තේ. දැන් මට නැවතත් කඩුලු රැකීමේ කාර්යය ලැබිලා තියනවා. මම එය විශේෂ දෙයක් කියලා හිතන්නෙ නැහැ. ඒක අමරුයි කියලා නැහැ. කඩුලු රැකලා පන්දුවට පහරදෙන කොට මට තේරෙනවා විකට් එක මොන විදිහට හැසිරෙන්නේ කියලා. මම මේක ආසාවෙන් කරන්නේ.”

තරඟය අතරතුරේදී වනිඳු හසරංග පන්දුවාර 9ක් ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව ක්‍රීඩා පිටියෙන් ඉවත්වූ අතර, ඒ සම්බන්ධයෙන් කුසල් මෙන්ඩිස් පවසා සිටියේ වනිඳු හසරංග හට ලොකු ආබාධයක් නොවන බවයි.
“මම හරියටම දන්නේ නෑ මොකක්ද වෙලා තියෙන්නෙ කියලා. කකුල පොඩ්ඩක් ඇදිලා තියනවා කියලා තමයි එයා කිව්වේ. ඔහුට ලොකු අමාරුවක් නැහැ කියලා හිතනවා. එයා ඕවර් ටික දාලා ඉවර නිසා තමයි ක්‍රීඩාංගනයෙන් ඉවතට ගියේ. ඊලඟ තරඟයත් සෙල්ලම් කරන්න අවශ්‍ය නිසා තමයි වනිඳු එලියට ගියේ. ඉතින් මම හිතනවා ඔහුට ඊලඟ තරඟය සෙල්ලම් කරන්න පුලුවන් කියලා.”

ඊයේ තරඟයේදී ශ්‍රී ලංකා තුන්ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න පන්දුවාර 3ක් ලකුණු 14කට ක්‍රියාත්මක කළ තිබූ අතර, ඉන් පසුව ඔහුට කිසිඳු පන්දුවාරයක් යැවීමට නොදීමට හේතුව ලෙස මෙන්ඩිස් ප්‍රකාශ කළ සිටියේ දඟපන්දු යවන්නන්ගෙන් කඩුලු ලබාගැනීමට නායකයා ඇතුලු සියලුම දෙනා තීරණය කළ බවයි.
“ඒ වෙලාවේ අපි කට්ටියම කතා වුණේ විකට් අරගන්න. මැක්ස්වෙල්ට හයක් , හතරක් ගහන්නනම් දඟපන්දු යවන්නෙක්ට පවර් එකක් ජෙනරේට් කරලා ගහන්න ඕනේ. එවිට විකට් එකක් ගන්න චාන්ස් එකක් තියන නිසා දඟපන්දු යවන්නන් හොඳා ගත්තේ. විකට් එකත් පොඩ්ඩක් දඟකැවුන නිසා තමයි දසුන් අයියා එක්ක අපි හැමෝම කතා වුනේ දඟපන්දු යවන්නෙක්ගෙන් බෝල් කරලා විකට් එකක් අරගන්න.”

ඊයේ (14) තරඟයේදී ශ්‍රී ලංකා වයස 19න් පහළ කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ දුනිත් වෙල්ලාලගේ ජාත්‍යන්තර එක්දින වරම් දිනාගත් අතර ඔහු පන්දුවාර 7ක් අවසානයේදී ලකුණු 49කට කඩුලු 2ක් බිඳ දැමීමට සමත්විය. ඔහු සම්බන්ධයෙන් කුසල් මෙන්ඩිස් ප්‍රකාශ කළ අදහස,
“මම එක දෙයක් දුනිත් වෙල්ලාලගෙන් දැක්කා. ඔහු පලවෙනි තරඟය ක්‍රීඩා කරනවා කියලා බයක් තිබුණේ නැහැ. මම එයා එක්ක කලින් සෙල්ලම් කරලා නැහැ. නමුත් මම එයාගේ මැච් බලලා තියනවා. නායකයා දෙයක් කිව්වාම එයාට ඒ දේ කරන්න පුලුවන් වුණා. එයාට පීඩනය හමුවේ හොඳින් ක්‍රීඩා කරන්න පුලුවන් කියලා තේරුණා. අවුරුදු 19න් ඒ වගේ දෙයක් කරන්න පුලුවන් වුණ එක ගැන ගොඩක් හොඳයි.”

“ඒ වගේම ඔහු විකට් දෙකක් ලබාගත්තා. එයාගෙ පලවෙනි ජාත්‍යන්තර එක්දින විකට් එක ස්ටීව් ස්මිත්. ඒ වගේ ක්‍රීඩකයෙක්ව පලවෙනි කඩුල්ල විදිහට ගන්න පුලුවන් වුණ එක ගැන එක ඔහු ගොඩක් සතුටු වෙනවා ඇති. මම හිතනවා ඔහු ඉදිරියේදී ගොඩාක් හොඳට ක්‍රීඩා කරාවි කියලා.
එක මැච් එකෙන් ක්‍රීඩකයෙක්ගේ හොඳ හෝ නරක කියන්න අමාරුයි. ඔහුට දෙයක් කිව්වාම කරන්න හැකියාව තියන නිසා මම විශ්වාස කරනවා ඔහුට ලොකු ගමනක් යන්න පුලුවන් කියලා.”

ශ්‍රී ලංකා කණ්ඩායම වෙත මේ වන විට ස්තිර පුහුණුකරුවෙක් ලැබී ඇති අතර, නව පුහුණුකරුවා දැනට හොඳ බවද කුසල් මෙන්ඩිස් ප්‍රකාශ කර සිටියා.
“එහෙම හොඳයිද නරකයි ද කියලා එකපාරටම කියන්න අමාරුයි. ගොඩක් වෙලාවට කණ්ඩායම එක්ක කතා කරනවා පොසිටිව් දේවල් තමයි කතා කරන්නේ. බෝලර්ස්ලාටයි , බැට්ස්මන්ලාටයි කතා කරලා කියනවා මොකක්ද කරන්න ඕනේ කියලා. ක්‍රීඩකයින්ට පීඩනයක් දෙන්නේ නැහැ. ඉස්සරහට අපිට කියන්න පුලුවන් හොඳද නරකද කියලා. මම හිතනවා හොඳ කෙනෙක් වෙයි කියලා. හැම පුහුණුකරුවෙක්ම බලන්නේ හොඳ දේවල් කරන්න.”
වනිඳු හසරංග පිට පිට පන්දු 5කදී ලබාගත් හතරේ පහර 5 වීඩියෝව හා, (දුනිත් , මැක්වෙල්ගේ වීඩියෝව පහළින්,)
Wanindu hasaranga | 4, 4, 4, 4, 4, 2 ?♥️ pic.twitter.com/A72a9mK7Ts
— Stay Cricket (@staycricket) June 15, 2022
Dunith & maxwell ?❤️ pic.twitter.com/BD7YSOzvcK
— Stay Cricket (@staycricket) June 15, 2022