තරඟයේ වැඩි ගෞරවාන්විත ශ්‍රී ලංකාවට. මේ වන විට ලකුණු 323ක් ඉදිරියෙන්.
(වීඩියෝ පහළින් නැරඹිය හැක) පකිස්තාන කණ්ඩායමට එරෙහිව දෙවන ටෙස්ට් තරඟය ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම අද (26) දිනට තුන්වන දිනය අවසන් වන විට තරඟයේ වැඩි ගෞරවය ශ්‍රී ලංකා කණ්ඩායම වෙත හරවා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත්වී තිබෙනවා.
කාසියේ වාසිය දිනාගනිමින් පලමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව පලමු ඉනිම සඳහා ලබාගත් ලකුණු 378ට පිලිතුරු වශයෙන් පකිස්තාන කණ්ඩායමට පලමු ඉනිම සඳහා සියලුම දෙනා දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 231ක් පමණයි.
ඊයේ, (25) තරඟයේ දෙවන දිනයට නතර කරන විට පකිස්තාන කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 191ක් ලබාසිටි අතර, අද දිනයේ පකිස්තාන ඉනිමට තවත් ලකුණු 32ක් එකතුවීමෙන් අනතුරුව පන්දු 54කදී ලකුණු 21ක් ලබාගෙන සිටි හසන් අලීව දවාගැනීමට ප්‍රබාද් ජයසූරිය සමත්විය.
ඉන් අනතුරුව, Nauman Ali ලකුණු 4කටත්, පන්දු 97කට මුහුණදෙමින් එක් හයේ පහරක් සමඟින් ලකුණු 26ක් ලබාගෙන සිටි Yashir Shah දැවීගිය අතර, එම කඩුලු 2කම ලබාගැනීමට හැකිවූයේ රමේෂ් මෙන්ඩිස් වේ.
පන්දු යැවීමේදී සුපිරි පන්දු යැවීමක නිරත වූ රමේෂ් මෙන්ඩිස් පන්දුවාර 21.1ක් අවසානයේදී ලකුණු 47කට කඩුලු 5ක් බිඳ දැමීමට සමත්විය. මෙය රමේෂ් මෙන්ඩිස්ගේ ඉනිමක කඩුලු 5ක් දවාගෙන ඇති තුන්වන අවස්ථාවයි.
ඊට අමතරව ප්‍රබාත් ජයසූරිය පන්දුවාර 37ක් අවසානයේදී ලකුණු 80කට කඩුලු 3ක් ලබාගැනීමට සමත්වූ අතර, දනංජය ද සිල්වා හා අසිත ප්‍රනාන්දු ද එක් කඩුල්ල බැඟින් ලබාගැනීමට සමත්වුණා. තම මංගල ටෙස්ට් තරඟය ක්‍රීඩා කරන දුනිත් වෙල්ලාලගේ හට ක්‍රියාත්මක කිරීමට ලැබුණේ පන්දුවාර 6ක් පමණයි..(06-01-18-00)
ඉන් අනතුරුව පලමු ඉනිමේ ලද ලකුණු 147ක වාසියත් සමඟින් ශ්‍රී ලංකාව දෙවෙනි ඉනිම ආරම්භ කළ අතර, නායක දිමුත් කරුණාරත්නගේ ආබාධය හේතුවෙන් ඕශධ ප්‍රනාන්දු සමඟින් ඉනිම ආරම්භ කරන ලද්දේ කඩුලු රකින ක්‍රීඩක නිරෝශන් දික්වැල්ල වේ.
කෙසේ නමුත් පලමු කඩුල්ලේ සබඳතාව ලකුණු 27කට සීමාවෙමින් නිරෝශන් දික්වැල්ල ලකුණු 15කට දැවීගිය අතර, පලමු ඉනිමේ අර්ධ ශතකයක් ලබාගත් ඕෂධ ප්‍රනාන්දු හට මෙම ඉනිමේදී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 19ක් පමණයි.
අංක 3 පිතිකරු කුසල් මෙන්ඩිස් ද ලකුණු 15කට දැවීයාමෙන් අනතුරුව ඇන්ජලෝ මැතිව්ස් සමඟින් එක්වූ දිනේශ් චන්දිමාල් හතරවන කඩුල්ල සඳහා ලකුණු 41ක සබඳතාවක් ගොඩ නැගූ නමුත්, තම 100 වන ටෙස්ට් තරඟය ක්‍රීඩා කරන ඇන්ජලෝ මැතිව්ස් අවාසනාවන්ත ලෙස ලකුණු 35කට දැවීයාමට ලක්විය.
පිට පිට ඉනිම් හතරකදීම ලකුණු 50 කට වැඩි ලකුණු ප්‍රමාණයන් ලබාගත් දිනේශ් චන්දිමාල් මෙම ඉනිමේදී ලකුණු 21කට දැවීයාමෙන් අනතුරුව, ආබාධයකට ලක්වූ නායක දිමුත් කරුණාරත්න නැවතත් පන්දුවට පහරදීමට පැමිණ ශ්‍රී ලංකා ඉනිමට ශක්තියක් වෙමින් දනංජය ද සිල්වා සමඟින් හොඳ සබඳතාවක් ගොඩනැඟීමට සමත්විය.
දිනය අවසන් වන විට නොදැවී කඩුල්ලේ රැඳීසිටි නායක දිමුත් කරුණාරත්න පන්දු 51කදී හතරේ පහර 2ක් සමඟින් ලකුණු 27ක් ලබාගෙන සිටින අතර, දනංජය ද සිල්වා පන්දු 52කදී හතරේ පහර 6ක් සමඟින් ලකුණු 30ක් ලබාගෙන සිටිනවා.
ශ්‍රී ලංකා දෙවන ඉනිමේ අද (26) දැවීගිය කඩුලු 5න් දෙකක් ලබාගැනීමට Naseem Shah සමත්වූ අතර, Yashir Shah , Mohammed Nawaz , Agha Salman අතරේ එක් කඩුල්ල බැඟින් ද බෙදීගියා.
මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම තවත් කඩුලු 5ක් ඇතැතිව පකිස්තානය වඩා ලකුණු 323ක් ඉදිරියෙන් සිටින අතර, හෙට (27) තරඟයේ හතරවන දිනයයි.
බොහෝදෙනාගේ කතාබහට ලක්වූ ඇන්ජලෝ මැතිව්ස්ගේ දැවීයාම.
3rd Test fifer ? #SLvsPAK #2test #Adminpost #galle pic.twitter.com/wlPv9G45IC
— Ramesh Mendis (@ramesh_mendis) July 26, 2022
— cric fun (@cric12222) July 26, 2022