තරඟය අතරතුරේදී චමින්ද වාස් නැගිටමින් ඇතුළට යාමට හේතුව චමින්ද වාස් විසින් මාධ්‍යට ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර තරඟ 3කින් සමන්විත එක්දින තරඟාවලිය තරඟ 2-1ක් ලෙස ශ්‍රී ලංකාවට ජයග්‍රහණය කිරීමට හැකි වූ අතර,  දඟ පන්දු යවන්නන්ට අමතරව, වේගපන්දු යවන ක්‍රීඩක දුශ්මන්ත චමීරව ද, වේගපන්දු පුහුණුකරු චමින්ද වාස් විසින් හොඳින් දස්කම් දැක්වීමට හැකි ආකාරයෙන් සකසා ඇති බව දැකගන්නට ලැබුණා..

මෙම තරඟාවලි ජයග්‍රහණයෙන් පසු, YFM රේඩියෝ නාළිකාව සමඟින් එක්ව තරඟාවලියේ ජයග්‍රහණය පිළිඹඳ ඔහුගේ අදහස් ප්‍රකාශ කර සිටියා.

“පහුගිය තරඟාවලි කිහිපය ගත්තොත්, අපේ කණ්ඩායමේ ක්‍රීඩකයින් සාර්ථකත්වයක් ලබාගන්න ගොඩාක් උනන්දු වුණා. ඒ උනන්දුව නිසාම අපේ කණ්ඩායම මේ තරඟාවලිය හොඳින්ම ක්‍රීඩා කරලා ජයග්‍රහණය කරන්න පුලුවන් වුණා.”

මේ අතර, තුන්වන එක්දින තරඟය අතරතුරේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දුයවන්නන් කඩුල්ලක් දවාගන්නා සෑම අවස්ථාකදීම, එළියේ සිටිමින් තරඟය නරඹන චමින්ද වාස් එතනින් නැගිටමින් ඇතුළට යන ආකාරය පිලිඹඳව බොහෝ දෙනාගේ අවධානයට යොමු වූ අතර, මේ සම්බන්ධයෙන් චමින්ද වාස් ප්‍රකාශ කළේ මෙවැන්නක්.

“තරඟයක් ආරම්භ වීමට පෙර, ප්‍රතිවාදී ක්‍රීඩකයින්ගේ දුර්වලතා බලලා ඒගොල්ලන්ව දවාගන්නේ කොහොමද කියලා අපි ප්ලෑන් එකක් හදනවා.. මම එළියේ ඉදන් මැච් එක බලද්දී, විකට් එකක් හරි රිවීව් එකක් හරි ගියොත් මම ඉක්මනට ඇතුළට ගිහිල්ලා බලනවා අපි සැලසුම් කරපු දේවල් , පන්දුව පතිත වුණ ස්ථාන වගේ දේවල් බලනවා. ඒවා බලලා මම පොඩි සටහනක් දාගන්නවා.”

ලසිත් මාලිංග, නුවන් කුලසේකරගෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම හොඳ වේගපන්දු යවන්නෙක් සොයමින් සිටි අතර, මේ වන විට දුශ්මන්ත චමීර එම කාර්යය හොඳින් කරන ක්‍රීඩකයෙක් ලෙසට පත්ව ඇති අතර, ඔහු පිළිඹඳව ජාතික කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු වන චමින්ද වාස් පවසා සිටියේ ඔහු හොඳටම මහන්සි වී පුහුණුවීම් කරනව බවයි.

මේ වන විට අපේ කණ්ඩායමේ හොඳ වේගපන්දු යවන්නෙකුයි, දඟපන්දු යවන්නෙකුයි ඉන්නවා. දුශ්මන්ත චමීර ගැන කිව්වොත් ඔහු හොඳින්ම පුහුණුවීම් කරනවා. ක්‍රීඩකයෙක් එදා දවසේ යොමු කරන පළමු පන්දුවාරයේම කඩුල්ලක් දවා ගන්න පුලුවන් නම් ඒක කණ්ඩායමට ලොකු ශක්තියක්. එතනින් තමයි කණ්ඩායමේ අනිත් ක්‍රීඩකයින්ගෙත් ගැම්ම පටන් ගන්නේ. චමීර ඒක හොඳට කරනවා. ඔහු පුහුණුවීම් කරද්දී අමතරව ස්පොට් එකක් තියලා ඒවට පන්දු යවනවා. චමීර එක්ක තව කණ්ඩායමේ බිනුර ප්‍රනාන්දු , ලහිරු කුමාර වගේ හොඳ වේගපන්දු යවන්නන් ඉන්නවා. ඔවුන් දෙදෙනාවත් චමීර වගේම තැනකට ගන්න තමයි මගේ බලාපොරොත්තුව.

විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතය මෙතනින් බලන්න. (Click කරන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *