තරඟාවලියේ හතරවන තරඟයත් ශ්‍රී ලංකාව පරාජයට පත්වෙයි.
(වීඩියෝ එක පහළින් නැරඹිය හැකිය) ඕස්ට්‍රේලියවේ පැවැත්වන තරඟ 5කින් යුත් විස්සයි විස්ස තරඟාවලියේ 4වන තරඟය ලෙස අද පැවතී තරඟය ද ශ්‍රී ලංකාව පරදා කඩුලු 6ක ජයක් ලබාගැනීමට ඕස්ට්‍රේලියා කණ්ඩායම සමත් වුණා.
මෙල්බන්හීදී පැවතී මෙම තරඟයේ කාසියේ වාසිය දිනාගත් ඕස්ට්‍රේලියා නායක Aaron Finch පලමුව පන්දු රැකීමට තීරණය කළ අතර, ඒ අනුව පලමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 8ක් දැවී ලබාගැනීමට හැකි වූයේ ලකුණු 139 පමණයි.
ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක පන්දු 40කදී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 46ක් ලබාගැනීමට සමත්විය.
පැතුම් නිස්සංක අද ලබාගත් අද ලබාගත් ලකුණු 46ත් සමඟින් වාර්ථාවක් පිහිටුවීමට සමත් විය.
එම වාර්ථාව වනුයේ ඕස්ට්‍රේලියාවට එරෙහි විස්සයි විස්ස තරඟාවලියකදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් රැස්කර ගත් වැඩිම ලකුණු සංඛ්‍යාවකට හිමිකම් කියන ක්‍රීඩකයා බවට පත්වීමට හැකිවිය. මීට පෙර එම වාර්ථාව අසේල ගුණරත්න නමිත් තිබූ අතර ඔහු තරඟ තුනකදී ලකුණු 140ක් ලබාගෙන තිබුණි. (මේ වන විට පැතුම් නිස්සංක තරඟ 4කදී ලකුණු 171යි)
ඊට අමතරව කුසල් මෙන්ඩිස් පන්දු 21කදී හතරේ පහරක් හා හයේ පහර 2ක් සමඟින් ලකුණු 27 ලබාගත් අතර, චරිත් අසලංක පන්දු 19දී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 22ක් ලබාගැනීමට සමත්විය. නායක දසුන් ශානකට ලබාගැනීමට හැකිවූයේ එක් ලකුණක් පමණයි. [ දනුශ්ක ගුණතිලක 17 (17) , චාමික කරුණාරත්න 14 (7) ]
පන්දු යැවීමේදී, විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් Jhye Richardson පන්දුවාර 4 අවසානයේදී ලකුණු 20කට කඩුලු 2ක් දවාගැනීමට සමත්විය. ඊට අමතරව Kane Richardson ලකුණු 44කට කඩුලු දෙකක් හා, Ashton Agar හා Adam Zampa අතරේ ද එක් කඩුල්ල බැඟින් බෙදීගියා.
අනතුරුව, ලකුණු 140ක පහසු ඉලක්කයක් හඹායෑම සඳහා පිටියට පිවිසී ඕස්ට්‍රේලියා කණ්ඩායම පන්දුවාර 18.1ක් අවසානයේදී කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 143ක් ලබාගනිමින් තරඟය පහසුවෙන්ම ජයග්‍රහණය කළහ.
ඕස්ට්‍රේලියාව ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ Glenn Maxwell පන්දු 39කදී හතරේ පහර 3ක් හා සමඟින් නොදැවී ලකුණු 48ක් රැස්කරගැනීමට සමත්විය.
ඊට අමතරව, වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ Josh Inglis පන්දු 20කට මුහුණදෙමින් හතරේ පහර 3ක් හා හයේ පහර 2ක් සමඟින් ලකුණු 40ක් ලබාගත් අතර ආරම්භක පිතිකරු Ashton Agar පන්දු 31කදී ලකුණු 26ක් ද ලබාගැනීමට සමත්විය.
පන්දු යැවීමේදී කලකට පසු නැවතත් ශ්‍රී ලංකා කණ්ඩායම සමඟින් එක්වූ ලහිරු කුමාර සුපිරි පන්දු යැවීමක නිරත වෙමින් පන්දුවාර 4 අවසානයේදී ලකුණු 22කට කඩුලු 2ක් දවාගැනීමට සමත්විය. ඊට අමතරව මහීශ් තීක්ශණ ලකුණු 20කට එක් කඩුල්ලක් හා දුශ්මන්ත චමීර ලකුණු 33කට එක් කඩුල්ලක් දවාගැනීමට සමත්විය.
ඒ අනුව, මෙම තරඟයෙන් ඕස්ට්‍රේලියාව කඩුලු 6ක පහසු ජයක් වාර්ථා කිරීමත් සමඟ තරඟ 5කින් යුත් විස්සයි විස්ස තරඟාවලිය තරඟ 4-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට ද සමත්විය. අද තරඟයේ වීරයා සම්මානය දිනාගනු ලැබූයේ ලකුණු 39කට නොදැවී ලකුණු 48ක් ලබාගත් Glenn Maxwell වේ.
ලහිරු කුමාර ලබාගත් කඩුලු දෙක (Video)
Lahiru Kumara ? pic.twitter.com/saWTJ4IXXg
— Stay Cricket (@staycricket) February 18, 2022