තරඟාවලිය ආරම්භ වෙමින් පාවතී පලමු තරඟයෙන් ඉන්දියාවට විශිෂ්ට ජයක්.
(වීඩියෝ එක පහළින් නැරඹිය හැකිය) ඉන්දියාවේ පැවැත්වන තරඟ 3කින් යුත් විස්සයි විස්ස තරඟාවලියේ පලමු තරඟය ලෙස අද (24) පැවතී තරඟයෙන් ලකුණු 62ක විශිෂ්ට ජයක් වාර්ථා කිරීමට ඉන්දියාව සමත්වුණා.
Lucknow හීදී පැවතී මෙම තරඟයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පලමුව පන්දු රැකීමට තීරණය කළ අතර, ඒ අනුව පලමුව පන්දුවට පහර දුන් ඉන්දියා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 199ක් ලබාගැනීමට සමත්විය.
ඉන්දියා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ආරම්භක පිතිකරු ඉශාන් ක්‍රිශාන් පන්දු 56කදී වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් හතරේ පහර 10ක් හා හයේ පහර 3ක් සමඟින් ලකුණු 89ක් ලබාගැනීමට සමත්විය.
ඊට අමතරව Shreyas Iyer පන්දු 28කදී හතරේ පහර 5ක් හා හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 57ක් ලබාගත් අතර, නායක රෝහිට් ශර්මා පන්දු 32කදී හතරේ පහර 2ක් හා හයේ පහරක් සමඟින් ලකුණු 44ක් ද ලබාගැනීමට සමත්විය.
ශ්‍රී ලංකා පන්දු යවන්නන් හට ඉන්දීය පිතිකරුවන් රිසිසේ පහර දුන් අතර, ලහිරු කුමාර ලකුණු 43කට එක් කඩුල්ලක් හා දසුන් ශානක පන්දුවාර 2ක් අවසානයේදී ලකුණු 19කට එක් කඩුල්ලක් දවාගැනීමට සමත්විය. [ දුශ්මන්ත චමීර 0/42 (4) | චාමික කරුණාරත්න 0/46 (4) | ජෙෆ්රි වැන්ඩසේ 0/34 (4) ]
අනතුරුව, ලකුණු 200ක දැවැන්ත ඉලක්කයක් හඹායෑම සඳහා පිටියට පිවිසී ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලබාගැනීමට හැකි වූයේ ලකුණු 137ක් පමණි.
ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ චරිත් අසලංක පන්දු 47කට මුහුණදෙමින් හතරේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 53ක් රැස්කරගැනීමට සමත්විය. අද දින ඔහු රැස්කරගනු ලැබූයේ ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ තුන්වන අර්ධ ශතකයයි.
ඊට අමතරව, දුශ්මන්ත චමීර පන්දු 14කදී හතරේ පහර 2ක් හා හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 24ක් ලබාගත් අතර චාමික කරුණාරත්න පන්දු 14කදී හයේ පහර 2ක් සමඟින් ලකුණු 21ක් ලබාගැනීමට සමත්විය. අන් කිසිඳු පිතිකරුවෙකුට ලකුණු 15 සීමාවටවත් ලඟා වීමට නොහැකිවිය.
ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ Bhuvneshwar Kumar පන්දුවාර 2ක් අවසානයේදී ලකුණු 9කට කඩුලු 2ක් බිඳ දැමීමට සමත්විය. ඔහු විසින් දවාගනු ලැබූ පිතිකරුවන් දෙදෙනා වනුයේ පැතුම් නිස්සංක හා කමිල් මිශාර වේ.
ඊට අමතරව Venkatesh Iyer ලකුණු 36කට කඩුලු 2ක් දවාගත් අතර හා Ravindra Jadeja ලකුණු 28කට හා Yuzvendra Chahal ලකුණු 11කට එක් කඩුල්ල බැඟින් දවාගැනීමට සමත්විය.
ඒ අනුව, තරඟාවලියේ පලමු තරඟයෙන්ම ශ්‍රී ලංකාව පරදා ඉන්දියාව ලකුණු 62ක විශිෂ්ට ජයක් වාර්ථා කළ අතර තරඟයේ වීරයා සම්මානය දිනාගනු ලැබූයේ පන්දු 56කදී වේගවත් ලකුණු 89ක් ලබාගත් ඉශාන් ක්‍රිශාන් වේ.
සම්පූර්ණ තරඟයේ Highlights පහළින්,