තවත් එක් තරඟයක් ඉතිරිව තිබියදී තරඟාවලිය ජයගැනීමට ඉන්දියාව සමත්වෙයි.

(දසුන් ශානකගේ ඉනිමේ වීඩියෝ එක පහළින් නැරඹිය හැකිය) ඉන්දියාවේ පැවැත්වන තරඟ 3කින් සමන්විත විස්සයි විස්ස තරඟාවලියේ දෙවන තරඟය ලෙස අද (26) පැවතී තරඟයෙන් කඩුලු 7ක විශිෂ්ට ජයක් වාර්ථා කිරීමට ඉන්දියාව සමත්වුණා.

 

Dharamsala හීදී පැවතී මෙම තරඟයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දීය නායක රෝහිත් ශර්මා පලමුව පන්දු රැකීමට තීරණය කළ අතර, ඒ අනුව පලමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 186ක් ලබාගැනීමට සමත්විය.

ශ්‍රී ලංක ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක පන්දු 53කදී හතරේ පහර 11ක් සමඟින් ලකුණු 75ක් ලබාගැනීමට සමත්විය.

 

ඊට අමතරව නායක දසුන් ශානක වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 19කට පමණක් මුහුණදෙමින් හතරේ පහර 2ක් හා හයේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 47ක් ලබාගත් අතර, දනුශ්ක ගුණතිලක පන්දු 29කදී හතරේ පහර 4ක් හා හයේ පහර 2ක් සමඟින් ලකුණු 38 ක් ලබාගැනීමට සමත්විය.

 

පන්දු යැවීමේදී, bhuvneshwar kumar, Jasprit Bumrah, Harshal Patel, Yuzvendra Chahal හා ravindra jadeja අතරේ එක් කඩුල්ල බැඟින් බෙදී ගියේය. (Harshal Patel 4-0-52-1)

අනතුරුව, ලකුණු 184ක දැවැන්ත ඉලක්කයක් හඹායෑම සඳහා පිටියට පිවිසී ඉන්දීය කණ්ඩායම පන්දුවාර 17.1ක් අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 186ක් ලබාගනිමින් පහසුවෙන්ම තරඟය ජයග්‍රහණය කිරීමට සමත්විය.

ඉන්දීය ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ Shreyas Iyer පන්දු 44කදී හතරේ පහර 6ක් හා හයේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 74ක් රැස්කරගැනීමට සමත්විය.

 

ඊට අමතරව, අයියර් වෙත අනඟි සහයක් ලබාදුන් Sanju Samson පන්දු 25කදී හතරේ පහර 2ක් හා හයේ පහර 3ක් සමඟින් ලකුණු 39ක් ලබාගත් අතර, ඉනිම අවසානයේදී Ravindra Jadeja වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 18කදී හතරේ පහර 7ක් හා එක් හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 45ක් ලබාගැනීමට සමත්විය.

 

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී ලහිරු කුමාර පන්දුවාර 3ක් අවසානයේදී ලකුණු 31කට කඩුලු 2ක් දවාගනු ලැබූ අතර, දුශ්මන්ත චමීර ලකුණු 39කට එක් කඩුල්ලක් දවාගැනීමට සමත්විය.

ඒ අනුව, දෙවන විස්සයි විස්ස තරඟයත් ජයග්‍රහණය කිරීමත් සමඟින් දෙරට අතර තරඟ තුනකින් යුත් T20 තරඟාවලිය තවත් එක් තරඟයක් ඉතිරිව තිබියදීම ජයග්‍රහණය කිරීමට ඉන්දියාව සමත්වූ අතර අද (26) තරඟයේ වීරයා සම්මානය දිනාගනු ලැබූයේ පන්දු 44අදී නොදැවී ලකුණු 74ක් ලබාගත් Shreyas Iyer වේ.

 

දසුන් ශානකගේ වේගවත් ඉනිම, (Video) 4×2 | 6×5 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *