තවත් තරඟයක් ඉතිරිව තිබියදී තරඟාවලිය ජයගැනීමට ඕස්ට්‍රේලියාව සමත්වෙයි.

(වනිඳු ලබාගත් කඩුලු / දනුශ්ක ගුණතිලක රැකගත් සුපිරි උඩපන්දුව හා චාමික කරුණාරත්න & මැතිව් වේඩ් අතර ඇතිවූ සිද්ධිය වීඩියෝ පහළින් නැරඹිය හැක)

ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර තරඟ තුනකින් යුත් විස්සයි විස්ස තරඟාවලියේ අද (8) පැවතී දෙවන තරඟය තියුණු තරඟයකින් අනතුරුව කඩුලු 3කින් ජයගැනීමට ඕස්ට්‍රේලියා කණ්ඩායම සමත්වුණා.

 

(Photo by Buddhika Weerasinghe/Getty Images)

 

තරඟයේ කාසියේ වාසිය දිනාගත් ඕස්ට්‍රේලියා නායක Aaron Finch පලමුව පන්දු යැවීමට තීරණය කළ අතර, ඒ අනුව පලමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 9ක් දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 124ක් පමණයි.

පලමු තරඟයේ මෙන් මෙවරත් ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ චරිත් අසලංක පන්දු 33කට මුහුණදෙමින් හතරේ පහර 2ක් හා හයේ පහර 2ක් සමඟින් ලකුණු 39ක් ලබාගැනීමට සමත්වුණා.

 

(Photo by ISHARA S. KODIKARA/AFP via Getty Images)

 

ඊට අමතරව කුසල් මෙන්ඩිස් පන්දු 36කදී හතරේ පහර 2ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 36ක් ලබාගත් අතර, නායක දසුන් ශානක පන්දු 17කදී ලකුණු 14ක් ලබාගැනීමට සමත්විය. ප්‍රවේගකාරී පිතිකරු භානුක රාජපක්ෂට ලබාගැනීමට හැකිවූයේ ලකුණු 13ක් පමණයි.

 

(Photo by ISHARA S. KODIKARA/AFP via Getty Images)

 

පන්දු යැවීමේදී සුපිරි පන්දු යැවීමක නිරත වූ Kane Richardson පන්දුවාර 4 අවසානයේදී ලකුණු 30කට කඩුලු 4ක් දවාගැනීමට සමත්වුණා. ඊට අමතරව Jhye Richardson පන්දුවාර 4 අවසානයේදී ලකුණු 26කට කඩුලු 3ක් හා ග්ලේන් මැක්ස්වෙල් ලකුණු 18කට කඩුලු 2ක් ද බිඳ දැමීමට සමත්විය.

 

(Photo by ISHARA S. KODIKARA/AFP via Getty Images)

 

අනතුරුව පහසු ඉලක්කයක් ලබායෑම සඳහා පිටියට පිවිසී ඕස්ට්‍රේලියා කණ්ඩායම තියුණු තරඟයකින් අනතුරුව පන්දුවාර 17.5ක් අවසානයේදී කඩුලු 7ක් දැවී ලකුණු 126ක් ලබාගනිමින් තරඟය ජයගැනීමට සමත්වුණා.

ඕස්ට්‍රේලියා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා මැතිව් වේඩ් පන්දු 26කදී හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 26ක් ලබාගැනීමට සමත්විය.

 

(Photo by ISHARA S. KODIKARA/AFP via Getty Images)

 

ඊට අමතරව නායක ඒරන් ෆින්ච් පන්දු 13කදී හතරේ පහර 4ක් සමඟින් වේගවත් ලකුණු 24ක් ලබාගත් අතර, ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් පන්දු 10කදී හතරේ පහර 3ක් හා හයේ පහරක් සමඟින් ලකුණු 21ක් ද ලබාගැනීමට සමත්වුණා.

 

(Photo by Buddhika Weerasinghe/Getty Images)

 

ශ්‍රී ලංකාව වෙනුවෙන් සුපිරි පන්දු යැවීමක නිරත වූ වනිඳු හසරංග පන්දුවාර 4 අවසානයේදී කඩුලු 33කට කඩුලු 4ක් දවාගැනීමට සමත්විය. ඊට අමතරව නුවන් තුශාර ලකුණු 18කට එක් කඩුල්ලක් හා දුශ්මන්ත චමීර ලකුණු 31කට එක් කඩුල්ලක් දවාගැනීමට සමත්විය.

 

(Photo by ISHARA S. KODIKARA/AFP via Getty Images)

 

ඒ අනුව දෙවන විස්සයි විස්ස තරඟයෙන් ශ්‍රී ලංකාව පරදා කඩුලු 3ක තියුණු ජයක් ලබාගැනිමින් තරඟාවලිය ජයගැනීමට ප්‍රබල ඕස්ට්‍රේලියා කණ්ඩායම සමත්වූ අතර තරඟයේ වීරයා සම්මානය දිනාගනු ලැබූයේ අවසන් මොහොතේ ඕස්ට්‍රේලියා කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගිය මැතිව් වේඩ් වේ.

 

(Photo by Ishara S. KODIKARA / AFP) (Photo by ISHARA S. KODIKARA/AFP via Getty Images)

 

වනිඳු ලබාගත් කඩුලු / දනුශ්ක ගුණතිලකගේ උඩපන්දුව හා චාමික කරුණාරත්න & මැතිව් වේඩ් අතර ඇතිවූ සිද්ධිය වීඩියෝ පහළින් ,

 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *