තවත් තරඟ 2ක් ඉතිරිව තිබියදී, ඕස්ට්‍රේලියාව තරඟාවලිය ජයග්‍රහණය කරයි.
(වීඩියෝ පහළින් නැරඹිය හැක) ශ්‍රී ලංකාව – ඕස්ට්‍රේලියාව අතර විස්සයි විස්ස තරඟාවලියේ අද (15) පැවතී තුන්වන විස්සයි විස්ස තරඟයෙන් කඩුලු 6ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ඕස්ට්‍රේලියා කණ්ඩායම සමත් වුණා..
Canberraහීදී පැවතී මෙම තරඟයේ කාසියේ වාසිය දිනාගත් ඕස්ට්‍රේලියා නායක Aaron Finch පලමුව පන්දු රැකීමට තීරණය කළ අතර, ඒ අනුව පලමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 6ක් දැවී ලබාගැනීමට හැකි වූයේ ලකුණු 121ක් පමණයි.
ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ශ්‍රී ලංකා නායක දසුන් ශානක පන්දු 38කදී හතරේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 39ක් ලබාගැනීමට සමත්විය.
ඊට අමතරව ඡේශ්ඨ ක්‍රීඩක දිනේශ් චන්දිමාල් පන්දු 29කදී හතරේ පහරක් සමඟින් ලකුණු 25ක් ලබාගත් අතර, ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක පන්දු 21කදී හතරේ පහර 2ක් සමඟින් ලකුණු 16ක් ලබාගැනීමට සමත්විය. අනෙක් කිසිදු පිතිකරුවෙකුට ලකුණු 10 සීමාවටවත් ලඟාවීමට ඕස්ට්‍රේලියා පන්දු යවන්නන් ඉඩ ලබාදුන්නේ නැහැ.
පන්දු යැවීමේදී, විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් Kane Richardson පන්දුවාර 4 අවසානයේදී ලකුණු 21කට කඩුලු 3ක් දවාගැනීමට සමත්විය. ඊට අමතරව Josh Hazlewood, Ashton Agar හා Glenn Maxwell අතරේ ද එක් කඩුල්ල බැඟින් බෙදීගියේය.
අනතුරුව, ලකුණු 122ක පහසු ඉලක්කයක් හඹායෑම සඳහා පිටියට පිවිසී ඕස්ට්‍රේලියා කණ්ඩායම පන්දුවාර 16.5ක් අවසානයේදී කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 124ක් ලබාගනිමින් තරඟය පහසුවෙන්ම ජයග්‍රහණය කිරීමට කළහ.
ඕස්ට්‍රේලියාව ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ Glenn Maxwell පන්දු 26කදී හතරේ පහර 3ක් හා හයේ 2ක් සමඟින් ලකුණු 39ක් රැස්කරගැනීමට සමත්විය.
ඊට අමතරව, නායක Aaron Finch පන්දු 36කට මුහුණදෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 35ක් ලබාගත් අතර, Josh Inglis පන්දු 18කදී නොදැවී ලකුණු 21ක් ද ලබාගැනීමට සමත්විය.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් මහීශ් තීක්ශණ පන්දුවාර 4 අවසානයේදී ලකුණු 24කට කඩුලු 3ක් දවාගැනීමට සමත්විය. ඉනිමේ පලමු පන්දුවෙන්ම කඩුල්ලක් දවාගත් මහීශ් තීක්ශණගේ පන්දු හමුවේ දැවී ගිය ක්‍රීඩකයින් වන්නේ BR McDermott, AC Agar හා Glenn Maxwell වේ.
ඊට අමතරව වනිඳු හසරංග හට කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් ඔහු වෙනුවට අද තරඟය ක්‍රීඩා කළ ජෙෆ්රි වැන්ඩසේ ලකුණු 32කට එක් කඩුල්ලක් ද දවාගැනීමට සමත්විය.
ඒ අනුව, මෙම තරඟයෙන් ඕස්ට්‍රේලියාව කඩුලු 6ක පහසු ජයක් වාර්ථා කිරීමත් සමඟ තරඟ 5කින් යුත් විස්සයි විස්ස තරඟාවලිය තරඟ 3-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට ද සමත්විය. අද තරඟයේ වීරයා සම්මානය දිනාගනු ලැබූයේ ලකුණු 21කට කඩුලු 3ක් බිඳ හෙලූ Kane Richardson වේ.
ශ්‍රී ලංකා පන්දු රකින්නන් විසින් හිලිහී ගිය, Glenn Maxwell ලබාදුන් උඩපන්දු තුන. (Video)
— Stay Cricket (@staycricket) February 15, 2022