තියුණු තරඟයකින් අනතුරුව කොල්කටා කණ්ඩායම පරදා ලකුණු 2කට ජයක් ලබාගැනීමට ලක්නව් කණ්ඩායම සමත්වෙයි.

(වීඩියෝ පහළින් නැරඹිය හැක) ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ 66 වන තරඟය ලෙස පැවතී ලක්නව් සුපර් ජයන්ට්ස් හා කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අතර තරඟයෙන් ලකුණු 2ක තියුණු ජයක් වාර්ථා කිරීමට ලක්නව් සුපර් කින්ග්ස් කණ්ඩායම අද (18) සමත්වුණා.

 

 

තරඟයේ කාසියේ වාසිය දිනාගත් ලක්නව් කණ්ඩායමේ නායක ලෝකේෂ් රාහුල් පලමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර, ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේදී කිසිම් කඩුල්ලක් නොදැවී ලකුණු 210ක් ලබාගැනීමට සමත්වුණා.

ඒ අනුව අයි.පී.එල් ඉතිහාසයේ පලමු කඩුල්ලේ ඉහළම සබඳතාවයේ වාර්තාව තමන් සතුකර ගැනීමට ක්වින්ටන් ඩි කොක් හා කේ. එල් රාහුල් සමත්වුණා. මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ ඩේවිඩ් වෝනර් හා ජොනී බෙයාස්ටෝ වන අතර ඔවුන් 2019 දී සන්රයිසස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කර පලමු කඩුල්ලට ලකුණු 185ක සබඳතාවයක් එක්කර ගැනීමට සමත්විය.

 

 

අද තරඟයේ ලක්නව් කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ ක්වින්ටන් ඩි කොක් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩ කරමින් ශතකයක් ලබාගැනීමට සමත්වූ අතර ඔහු පන්දු 70කදී හතරේ පහර 10ක් හා හයේ පහර 10ක් සමඟින් නොදැවී ලකුණු 140ක් ලබාගැනීමට සමත්වුණා.

 

 

ක්වින්ටන් ඩි කොක් අද ලබාගත් ලකුණු 140, මෙවර තරඟාවලියේ මෙතෙක් වාර්තා වූ ඉහළම ලකුණු සංඛ්‍යාව වන අතර, වසර 15ක අයි.පී.එල් ඉතිහාසයේ වාර්තා වූ තෙවෙනියට වැඩිම ලකුණු සංඛ්‍යාව වේ.

1) ක්‍රිස් ගේල් – ලකුණු 175* (66)

2) බ්‍රෙන්ඩන් මැකලම් – ලකුණු 158* (73)

3) ක්වින්ටන් ඩි කොක් – ලකුණු 140* (70)

4) ඒ.බී ඩිවිලියස් – ලකුණු 133* (59)

5) කේ. එල් රාහුල් – ලකුණු 132* (69)

 

 

ක්වින්ටන් ඩි කොක්ට අමතරව නායක කේ.එල් රාහුල් අර්ධ ශතකයක් ලබාගත් අතර ඔහු පන්දු 51කදී හතරේ පහර 3ක් හා හයේ පහර 4ක් සමඟින්  නොදැවී ලකුණු 68ක් ලබාගැනීමට ද සමත්විය.

අනතුරුව ලකුණු 211ක දැවැන්ත ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසී ‍කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 8ක් දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 208 පමණයි.

 

 

කොල්කටා ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ නායක ශ්‍රෙයාස් අයියර් පන්දු 29දී හතරේ පහර 4ක් හා හයේ පහර 3ක් සමඟින් වේගවත් ලකුණු 50ක් ලබාගැනීමට සමත්විය.

 

 

ඊට අමතරව නිටිශ් රානා පන්දු 22කදී හතරේ පහර 9ක් සමඟින් ලකුණු 42ක් හා Sam Billings පන්දු 25කදී ලකුණු 36ක් ලබාගත් අතර Rinku Singh පන්දු 15කදී හතරේ පහර 2ක් හා හයේ පහර 4ක් සමඟින් වේගවත් ලකුණු 40ක් හා සුනිල් නාරායන් පන්දු 7කදී නොදැවී ලකුණු 21ක් ද ලබාගැනීමට සමත්වුණා.

 

 

පන්දු යැවීමේදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් Mohsin Khan පන්දුවාර 4 අවසානයේදී ලකුණු 20කට කඩුලු 3ක් ලබාගැනීමට සමත්වුණා.  ඊට අමතරව Marcus Stoinis ලකුණු 23කට කඩුලු 3ක් හා Ravi Bishnoi හා Krishnappa Gowtham අතරේ එක් කඩුල්ල බැඟින්ද බෙදීගියා.

 

 

ඒ අනුව කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම පරාජයට පත්කිරීමට ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම මූලික වටයේ තරඟ ජයග්‍රහණකින් අවසන් කළ අතර තරඟයේ වීරයා සම්මානය දිනාගැනු ලැබූයේ ශතකයක් ලබාගත් ක්වින්ටන් ඩි කොක් වේ.

ක්වින්ටන් ඩි කොක්ගේ විශිෂ්ට ඉනිම වීඩියෝව,

 

 

එවින් ලුවිස් රැකගත් සුපිරි උඩපන්දුව (වීඩියෝව)

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *