තියුණු තරඟයකින් අනතුරුව සන්රයිසස් හයිද්‍රාබාද් පරදා ගුජරාට් කණ්ඩායමට කඩුලු 5ක ජයක්.
(වීඩියෝ පහළින් නැරඹිය හැක) ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ 40 වන තරඟය ලෙස පැවතී සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම හා ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අතර තරඟය තියුණු තරඟයකින් අනතුරුව කඩුලු 5ක ජයක් ලබාගැනීමට ප්‍රබල ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමත්වුණා.
තරඟයේ කාසියේ වාසිය දිනාගත් ගුජරාට් ටයිටන්ස් නායක හර්දික් පාන්ඩ්‍යා පලමුව පන්දු යැවීමට තීරණය කළ අතර, ඒ අනුව පලමු පන්දුවට පහර දුන් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේදී කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 195ක් ලබාගැනීමට සමත්වුණා.
සන්රයිසස් ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ ආරම්භක පිතිකරු අභිෂේක් ශර්මා අර්ධ ශතකයක් ලබාගත් අතර ඔහු පන්දු 42කදී හතරේ පහර 6ක් හා හයේ පහර 3ක් සමඟින් ලකුණු 65 ක් ලබාගැනීමට සමත්විය.
ඊට අමතරව ඒඩන් මාක්‍රම් ද පන්දු 40කදී හතරේ පහර 2ක් හා හයේ පහර 3ක් සමඟින් ලකුණු 56, ක් ලබාගත් අතර ඉනිම අවසානයේදී Shashnk Singh පන්දු 6කදී එක් හතරේ පහරක් හා හයේ පහර 3ක් සමඟින් වේගවත් ලකුණු 25ක් ලබාගැනීමට සමත්වුණා.
පන්දු යැවීමේදී Mohammed Shami පන්දුවාර 4 අවසානයේදී ලකුණු 39ට කඩුලු 3ක් බිඳ දැමීමට සමත්වූ අතර Yash Dayal හා Alzarii Joseph අතරේ එක් කඩුල්ල බැඟින්ද බෙදීගියා.
ඉන් අනතුරුව ලකුණු 196 දැවැන්ත ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසී ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 199ක් ලබාගනිමින් තරඟය අවසන් පන්දුවේදී තියුණු ලෙස ජයග්‍රහණය කිරීමට සමත්වුණා.
ගුජරාට් ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ ආරම්භක පිතිකරු Wriddhiman Saha පන්දු 38කට මුහුණදෙමින් හතරේ පහර 11ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 68 ක් ලබාගැනීමට සමත්විය.
ඊට අමතරව ඉනිම අවසන් මොහොතේ වේගවත් පිතිහරඹයක නිරත වෙමින් රාහුල් තේවටියා පන්දු 21කදී හතරේ පහර 4ක් හා හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 34ක් ලබාගත් අතර, රශීඩ් ඛාන් පන්දු 11කදී හයේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 31ක් ලබාගැනීමට සමත්වුණා.
සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ බිඳ වැටුනු කඩුලු 5, දවාගැනීමට හැකිවූයේ උම්රාන් මලික් වේ. ඔහු විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් පන්දුවාර 4 අවසානයේදී ලකුණු 25ක් පමණක් ලබාදී එම කඩුලු 5 බිඳ හෙලීමට සමත්වුණා.
ඒ අනුව අවසන් පන්දුවේදී සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම පරාජයට පත්කරමින් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම තියුණු ජයක් වාර්තා කරමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගත් අතර තරඟයේ වීරයා සම්මානය දිනාගනු ලැබූයේ පරාජයට පත්වූ කණ්ඩායමේ විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ උම්රාන් මලික් වේ.
තරඟය ජයග්‍රහණය කළ අවසන් පන්දුවාර (වීඩියෝව)
උම්රාන් මලික් බිඳ දැමූ කඩුලු 5 (වීඩියෝව)