තියුණු තරඟයකින් අනතුරුව ඕස්ට්‍රේලියා කණ්ඩායමට කඩුලු 2ක ජයක්.
(වීඩියෝ පහළින් නැරඹිය හැක) ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර තරඟ 5කින් යුත් එක්දින තරඟාවලිය ආරම්භ වෙම්න් අද (14) පැවතී පලමු තරඟයෙන් තියුණු තරඟයකින් අනතුරුව කඩුලු 2ක ජයක් ලබාගැනීමට ඕස්ට්‍රේලියා කණ්ඩායම සමත්වුණා.

තරඟයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පලමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර, ඒ අනුව පලමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 7ක් දැවී ලකුණු 300ක් ලබාගැනීමට සමත්විය.
ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කරමින් වැඩිම ලකුණු ලාභියා වූ කුසල් මෙන්ඩිස් පන්දු 87කට මුහුණදෙමින් හතරේ පහර 8ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 86ක් ලබාගැනීමට සමත්වුණා.

ඊට අමතරව ආරම්භක පිතිකරුවන් දෙදෙනා වන පැතුම් නිස්සංක හා දනුශ්ක ගුණතිලක අර්ධ ශතක ලබාගත් අතර, පැතුම් නිස්සංක පන්දු 68කදී හතරේ පහර 6ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 56ක් හා දනුශ්ක ගුණතිලක පන්දු 53කදී ලකුණු 55ක් ලබාගැනීමට සමත්විය.

ඔවුන් දෙදෙනා එක්ව ශ්‍රී ලංකා ඉනිමට සාර්ථක ආරම්භයක් ලබාදෙමින් පලමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 115ක විශිෂ්ඨ සබඳතාවක් එක්කිරීමට සමත්වුණා. මෙය පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ ඕස්ට්‍රේලියා කණ්ඩායම එරෙහිව පලමු කඩුල්ලට ශ්‍රී ලංකා කණ්ඩායම තැබූ හොඳම සබඳතාවයයි. (මීට පෙර දනුශ්ක ගුණතිලක හා දනංජය ද සිල්වා – ලකුණු 76 – 2016 වර්ෂයේදී)

ශ්‍රී ලංකා ඉනිම අවසානයේදී ශ්‍රී ලංකා තුන්ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 19කදී ලකුණු 37ක් ලබාගත් අතර, ඔහු තරඟයේ 49 වන පන්දුවාරයේදී පලමු පන්දු 5ට හතරේ පහර 5ක් ලබාගැනීමට සමත්වුණා. චරිත් අසලංක ලකුණු 37 (42)

පන්දු යැවීමේදී Marnus Labuschgne පන්දුවාර 3ක් අවසානයේදී ලකුණු 19කට කඩුලු 2ක් බිඳ දැමී අතර Ashton Agar ලකුණු 49කට කඩුලු 2ක් හා ජෝෂ් හේසල්වුඩ් , J Richardson එක් කඩුල්ල බැඟින් ද දවාගැනීමට සමත්වුණා.
අනතුරුව ඕස්ට්‍රේලියා ඉනිම අතරතුරදී වර්ෂාව හේතුවෙන් පන්දුවාර 44කදී ඕස්ට්‍රේලියාවට ලකුණු 288ක ඉලක්කයක් ලැබුණු අතර ඔවුන් පන්දුවාර 42.3ක් අවසානයේදී කඩුලු 8ක් දැවී ලකුණු 282ක් ලබාගනිමින් තරඟය ජයගැනීමට සමත්විය.
ඕස්ට්‍රේලියා කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් ජයග්‍රාහී නියමුවා වූ ග්ලේන් මැක්ස්වෙල් පන්දු 51කදී හතරේ පහර 6ක් හා හයේ පහර 6ක් සමඟින් නොදැවී ලකුණු 80ක් ලබාගැනීමට සමත්වුණා.

ඊට අමතරව නායක ඒරන් ෆින්ච් පන්දු 41කදී හතරේ පහර 5ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 44ක් ලබාගත් අතර, ස්ටීව් ස්මිත් පන්දු 60කදී හතරේ පහර 5ක් සමඟින් ලකුණු 53ක් ලබාගැනීමට සමත්විය. වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ Marcus Stoinis පන්දු 31කදී ලකුණු 44යි.

පන්දු යැවීමේදී සුපිරි පන්දු යැවීමක නිරත වූ වනිඳු හසරංග පන්දුවාර 9ක් අවසානයේදී ලකුණු 58කට කඩුලු 4ක් බිඳ දැමීමට සමත්විය. ඊට අමතරව මංගල තරඟය ක්‍රීඩා කළ දුනිත් වෙල්ලාලගේ ලකුණු 49කට කඩුලු 2ක් බිඳ දැමූ අතර දසුන් ශානක හා මහීශ් තීක්ශණ එක් කඩුල්ල බැඟින් දවාගැනු ලැබීය..
ඒ අනුව තරඟ 5කි යුත් එක්දින තරඟාවලියේ පලමු තරඟයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව කඩුලු 2ක විශිෂ්ඨ ජයක් ලබාගැනීමට ඕස්ට්‍රේලියාව කණ්ඩායම සමත්වූ අතර, තරඟයේ වීරයා සම්මානය දිනාගැනීමට සමත්වූයේ වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ ග්ලේන් මැක්ස්වෙල් වේ.
දුනිත් වෙල්ලාලගේ කඩුලු 2 හා වනිඳු හසරංග ලබාගත් කඩුලු 4 වීඩියෝ මෙන්න,
Dunith wellalage | 2 Wickets ?♥️ pic.twitter.com/gMBb3izd3r
— Stay Cricket (@staycricket) June 14, 2022
Wanindu | 4 Wickets ?❤️ pic.twitter.com/v20D5ZqvyC
— Stay Cricket (@staycricket) June 14, 2022
— cric fun (@cric12222) June 14, 2022